පානීය ජල සැපයුම සීමා කරන්න යයි දිවයින පුරා පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ප්‍රධාන ජලාශ හා ජල මුලාශ්‍ර ගණනාවක්ම සිදීයාමෙන් පානීය ජලය ලබාදීම සීමාකිරිමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 21 February 2020
චීනයේ සිට පැමිණි සිසුහු අන්තර්ජාලය ඔස්සේ උගනිති නව කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් චීනයේ වුහාන් සිට මෙරටට ගෙන්වා ගත් සිසුන්ට අන්තර්ජාලය හරහා මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට චීන විශ්ව විද්‍යාල මේ වනවිට පියවර ගෙන ඇතැයි වාර්තා වේ. 21 February 2020
‘‘කළුතර ජනතාවගෙන් ජල බිල්පත් අයකරගැනීම නවතා දැමිය යුතුයි‘‘ කළුතර, බේරුවල සහ වාද්දුව ජනතාව වසරකට දෙවතාවක් මුහුණ දෙන ජල ගැටළුවට ස්ථිර විසඳුමක් ලබාදෙන තෙක් ඔවුන්ගෙන් ජල බිල්පත් අයකර ගැනීම නවත්වා දැමිය යුතු බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 21 February 2020
සිසුන් සිව් දෙනෙක් දියේ ගිලී මියයෑමේ සිද්ධිය ගැන පරීක්ෂණයක් ඉල්ලයි සිසුන් සිව් දෙනෙක් දියේ ගිලී මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වා කරුණු වාර්තා කරන ලෙස ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ආර්.එම්.පී රත්නායක මහතාට නියෝග කර තිබේ. 21 February 2020
මහජන සාමය රැකීමේ බලය තවදුරටත් ත්‍රිවිධ හමුදාවට රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාවට බලය පැවරීම තවත් මසක කාලයක් සඳහා දීර්ඝ කර තිබේ. 21 February 2020
මොරටුව සරසවියේ හදන්න යන නව වෛද්‍ය පීඨයට අධ්‍යයන අංශ 13 ක් මොරටුව විශ්ව විද්‍යාලයේ ස්ථාපිත කිරීමට නියමිත නව වෛද්‍ය පීඨයට අයත් අධ්‍යයන අංශ 13 ප්‍රකාශයට පත්කරමින් අධ්‍යාපන ඇමැතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 21 February 2020
එක්දින සේවාවෙන් පැය 4ක දී හැඳුනුම්පතක් පැය හතරක කාලයක් තුළදී එක් දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. 21 February 2020
වතුකරයේ පාසල් 9 ක් සංවර්ධනයට ඉන්දීය රජයෙන් කෝටි 30 ක් වතුකරයේ පාසල් 9 ක් සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය රුපියල් කෝටි 30 ක මුදලක් ප්රදානය කර තිබේ. 21 February 2020
කොරෝනා ගැන කොරියාවේ ශ්‍රී ලාංකිකයින් දැනුම්වත් කරයි කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රි ලාංකිකයින් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව එරට ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සදහන් කරයි. 21 February 2020
රාජ්‍ය ආයතනයන්හි ආරක්ෂාව රක්නා ලංකා සමාගමට කොළඹ නගරයේ රාජ්‍ය අයතනවල ආරක්ෂක සේවා රාජකාරී කළ සිවිල් ආරක්ෂකයින් එම රාජකාරීවලින් ඉවත් කිරීමේ කාලය ලබන මාර්තු 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇතැයි සිවිල් ආරක්ෂක බළකාය කියයි. 21 February 2020
කඩොලාන පද්ධතියේ ඇතිවූ ගින්න ගැන පරීක්ෂණයක් ඉල්ලයි සීදුව ප්‍රදේශයේ කඩොලාන පද්ධතියක් ආශ්‍රිතව අද (20) ඇතිවූ ගින්න සැක සහිත බැවින් එය හටගත් ආකාරය සොයා බැලීම සඳහා පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය. 21 February 2020
ශ්‍රීලංකා නිදහස් පොදුජන සන්ධානයේ අපේක්ෂකයන් තේරීමට නාමයෝජනා මණ්ඩලයක් ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් තරග කරන අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා නාමයෝජනා මණ්ලඩයක් පත් කරනු ලැබ ඇත. 21 February 2020
දේශපාලන පළිගැනීම් පැමිණිලි බාර ගැනීම 6 දක්වා දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමට පැමිණිලි භාර ගැනීමේ දිනය මාර්තු 6 වැනිදා දක්වා දීර්ඝ කිරීමට එම කොමිසම තීරණය කර තිබේ. 21 February 2020
හොර දොස්තරවරුන්ට එරෙහි දඩය දහ ගුණයකින් ඉහළ දාන්න යයි වෛද්‍යවරුන් ලෙස පෙනී සිට රෝගීන්ට ප්‍රතිකාර කරන බොරු දොස්තරවරුන්ට එරෙහිව අධිකරණ මගින් මෙතෙක් ලබා ලබාදුන් දඩ මුදල රුපියල් 5000 සිට රුපියල් 50,000 දක්වා ඉහළ නැංවීමට අධිකරණ අමාත්‍යංශය තීරණය කර තිබේ. 21 February 2020
වත්මන් ජනපති-හිටපු ජනපති පැය එක හමාරක සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් තරග කිරිම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණී. 21 February 2020
ඇමෙරිකාව යුදහමුදාපතිට පැනවූ තහනම යුක්තියේ මුලධර්ම වලට පටහැනියි චෝදනා මත පදනම්ව ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සංචාරක තහනමක් පැනවීම කනගාටුවට කරුණක් වන අතර, එය ස්වාභාවික යුක්තියේ මූලධර්ම වලට පටහැනි බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා පැවසීය. 21 February 2020
බස්-ලොරි අනතුරින් 49 ක් රෝහලේ: දෙදෙනෙක් මරුට මාතලේ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ නාඋල නාලන්දේදී අද (21) දින උදෑසන බස් රථ දෙකක් ලොරි රථයක් ගැටීමෙන් වාහනවල ගමන් ගත් පුද්ගලයන් 50 දෙනකු තුවාල ලබා සිසුවෙකු එම ස්ථානයේදීම මිය ගොස් තවත් කාන්තාවක් මාතලේ මූලික රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 21 February 2020
අතුරුදන් වු කොස්තාපල්ගේ මළ සිරුර හමුවෙයි දින කිහිපයක සිට අතුරුද ව සිටී කඩවත පොලිසියේ කොස්තාපල්වරයාගේ මළ සිරුර පන්නල වේරහැර බුළු ගොඩ ලඳු කැලෑවකින් සොයා ගෙන ඇති බව පොලිසිය කියයි 21 February 2020
‘‘මුළු රටටම භුක්ති විදිය හැකි බලතල බෙදීමක් අවශ්‍යයි‘‘ ජාතික ගැටළුවට ස්ථිර දේශපාලන විසඳුම් වශයෙන් එක්සත් ශ්‍රී ලංකාවක් තුළ පූර්ණ බලතල විමධ්‍යගත කිරීමක් සහිත දේශපාලන විසඳුමක් ලබාදිය යුතු යැයි දෙමළ ජාතික සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මැල්කම් බෲස් හමුවේ අවධාරණය කර තිබේ. 20 February 2020
‘‘චෝදනා ගොනු කරන්න යොදාගත් ගැසට්ටුව පාර්ලිමේන්තු අනුමැතිය සහිත ගැසට්ටුවක් නොවෙයි‘‘ තමන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට යොදා ගත් 1991 අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිතව ගැසට්පත්‍ර ගතවූවක් නොවන බව හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා දේශපාලන පළිගැනීම් වලට ලක්වූවන් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් අද (20) පැවසීය. 20 February 2020
වසා දැමුණු කටුනායක-කොළඹ අධිවේගී මාර්ගයේ කොටසක් විවෘත කරයි සීදුව ඝණ අපද්‍රව්‍ය මධ්‍යස්ථානයක හදිසියේ ඇති වූ ගින්න නිසා වසා දැමූ කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයෙන් කොටසක් මේ වන විට විවෘත කර ඇතැයි අධිවේගී මාර්ග පොලීසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය . 20 February 2020
2016 න් පසු විශ්රාමගිය ලක්ෂයකට අසාධාරණයක් වැඩිකළ වැටුපට අනුව විශ්‍රාම වැටුප ගණනය කිරීම අත්හිටුවීම හේතුවෙන් 2016 න් පසුව විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින් 100,000 කට පමණ දැඩි අසාධාරණයක් සිදුව ඇතැයි විදුහල්පති හා ගුරු සංගම් චෝදනා කරයි. 20 February 2020
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් දේශපාලන පළිගැනීමට ලක්වූවන්ට සහන සැලසීමේ ජනාධිපති කොමිසමට ලබාදී ඇති පුළුල් බලතල අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනු ලැබීය. 20 February 2020
ජනාධිපති නීති අධ්යක්ෂ හරිගුප්ත රෝහණදීර ජ්‍යෙෂ්ඨ නීතිඥ හරි ගුප්ත රෝහණදීර මහතා ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කරනු ලැබ සිටියි. 20 February 2020
පොදු සමාකාලය තුළ බාර වූ හමුදාවේ 485 ක් නැවත සේවයට ත්‍රිවිද හමුදාව හැරගොස් පොදු සමාකාලය තුළ හමුදාවට බාර වූ නිලධාරීන් 13 දෙනෙකු සහ සෙසු නිලයෙන් 8024 දෙනා අතරින් නිලධාරීන් 485 දෙනෙකු නැවත හමුදා සේවයට එක්වීමට කැමැත්ත පළකර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසීය. 20 February 2020
චීනය ඇමෙරිකානු මාධ්‍යවේදීන් තිදෙනෙකු පිටුවහල් කරයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පතේ පළවූ ලිපියක් සම්බන්ධයෙන් එම පුවත්පත සමාව අයැදීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ එම පුවත්පතේ මාධ්‍යවේදීන් තිදෙනකු පිටුවහල් කිරීමට චීන රජය පියවර ගෙන ඇත. 20 February 2020
ඇවන්ට්ගාඩ් නඩුවේ අධිචෝදනා පත්‍ර ප්‍රතික්ෂේප කරයි ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව “ඇවන්ට් ගාඩ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා විසින් ඉදිරිපත් කොට ඇති චෝදනා 882 කින් සමන්විත සංශෝධිත අධිචෝදනා පත්‍රය බාර නොගෙන ප්රතික්ෂෙප කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (20) තීරණය කළේය. 20 February 2020
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රා.සභා මන්ත්‍රී ඇතුළු සැකකරුවන් දෙදෙනාට ඇප නිසි බලධරියකුගෙන් ලබා ගන්නා ලද බලපත්‍රයක් නොමැතිව කැළණී ගඟෙහි වැලි ගොඩ දැමීමෙන් වරදක් කළැයි කියන සිද්ධියකට අදාළ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් කුමාර ඇතුලු සැකකරුවන් දෙදෙනාට එක් අයකුට රුපියල් 7,500 ක මුදල් සහ රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (20) නියෝග කළේය. 20 February 2020
අල්ලස්ගත් හිටපු දිසා විනිසුරුට වසර 16 ක සිර දඩුවම් හෝමාගම හිටපු දිසාවිනිසුරුවරයාට හා ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයාට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා වසර 16 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. 20 February 2020
අතුරුදන්වූ කොස්තාපල් සොයා තෙවැනි දිනටත් පන්නල රක්ෂිතය පීරයි කඩවත පොලිසියේ සේවයේ නියුතුව සිටියදී අතුරුදන්වු පොලිස් කොස්තාපල්වරයා සොයා අද (20) තෙවැනි දිනටත් පන්නල - කංකානියමුල්ල රක්ෂිතයේ පරික්ෂණ කටයුතු සිදුකෙරුණි. 20 February 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026