විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීම ඇතුළු මැතිවරණ නීති සංශෝධනය කිරීමට තේරීම් කාරක සභාවක් ඉදිරියේදී යෝජනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16) පැවැසීය.
මැතිවරණ කොමිෂන් සභාවේ උපාය මාර්ගික සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ අරලිය ගහ මන්දිරයේදී අද පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඒ බව කීවේය.
‘2020-2024 මැතිවරණ කොමිෂන් සභාවේ උපාය මාර්ගික සැලසුමට’ අදාළව මැතිවරණ නීති සංශෝධනය වීම අත්‍යවශය කරුණක් බව මෙහිදි අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
මැතිවරණයට අදාළ ඇප මුදල් සංශෝධනය කිරීම, මැතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්දය දැමීමට නොහැකි පුද්ගලයන් වෙනුවෙන් ඊට පෙර වෙනම දිනයක් ලබාදීම, අවුරුදු 18 සම්පූර්ණ වූ විගස ඡන්ද අයිතිය ලැබෙන පරිදි ඡන්ද හිමි නාම ලේඛනය මාස තුනකට වරක් යාවත්කාලීන කිරීම, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීම, මැතිවරණ වියදම් පාලනය, ආබාධිත පුද්ගලයන්ට පහසුකම් සපයන ‘සපිරි ඡන්ද මධ්‍යස්ථන’ සැකසීම සහ විශේෂ ව්‍යාපෘති යටතේ ඊ-ඡන්ද ක්‍රමය ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදි මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරිහු අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන් වන චමින්ද කුලරත්න, ගනේෂ් ධර්මවර්ධන, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක, කොමිෂන් සභාවේ ලේකම් එච්.එම්.ටී.ඩී. හේරත්, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එස්. අච්චුදන්, පර්යේෂණ හා සැලසුම් අධ්‍යක්ෂ චන්න පී. ද සිල්වා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලන ලේකම් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපිට එපා සර්.... ලංකාවේ අය විඳින දුක අපිට හොඳට පෙනෙනවා..
අමුතු විදිහේ ඡන්ද මංකොල්ලයකට වගෙයි ඒ නම් සැරසෙන්නේ? රට ජාතියේ අභිමානය හා ප්‍රෞඩ ඉතිහාසය තලු මරමින් මුස්ලිම් හා ක්‍රිස්තියානි රටවල බැල මෙහෙවරකම් කරමින් උද්දාමයට පත්ව සිටින මෝඩයින්ගේ ඡන්ද වලින් රටකට සෙතක් සිදුවේ යයි උපකල්පනය කළ හැකිද? අපි දැක්කනේ පහුගිය මැතිවරණ සමයේ නටපු නාඩගම...
මෙහෙම ගියොත් විදේශිකයින්ට ශ්‍රී ලංකාවේ අයිතියත් හිමිවේවි... කරුණාකර තමන්ගේ පටු අරමුණු හා ලාභ වෙනුවෙන් බහුතරය දුන් වරම බිලි නොදෙන්න. ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට අවශ්‍ය නොවේ. ජාතිය බිලි නොදෙන්න..
ඒකෙන් වෙන්නේ දෙමළ ඡන්ද වැඩිවෙන එක...
අනේ අපිට නම් එපා. මොකද උගත් මිනිස්සු ඉන්නේ රටින් පිට විතරයි. පිටරටට ඕක ගෙනැල්ලා මෙහෙ ඉන්න මිනිසසුත් කුළල් කගන්න එක විතරයි අන්තිමට වෙන්නේ...
ලංකාවට ගෙන්න ගන්න උනන්දු නැතත් ඡන්දෙ ගෙන්න ගන්න නම් හරිම කැක්කුමක් තියෙන්නේ.
ඡන්දෙ ගන්න නම් ඕනෑ දෙයක් කරාවි. නමුත් රට ඉන්න මිනිස්සුන්ගේ දුක බලන්න ඔය කවුරුවත් එන්නේ නැහැ.
වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පෝලිමේ නොසිට ඡන්දය දැමීමට අවස්ථාවක් සලසන්න. මේ ඇත්තන්ට බොහෝ වේලාවක් පෝලිම්වල හිටගෙන සිටින්න බැහැ.
ඡන්දෙ නම් නැතත් කමක් නැහැ. ඉස්සරවෙලාම අපිට අපේ රටට එන්න හදලා දෙනවා නම්..
අනේ මටත් එපා.. ක්‍රෙඩිට් කාඩ් එකක් අරගෙන තිබුණා... 2011 ඉඳලා දැන් වෙනතුරු පාවිච්චි කරලා 2020 දී කල් ඉකුත් වුණා. දැන් කියනවා ඩිපොසිට් එකක් නැතිව දෙන්නේ නැහැ කියලා. විදේශගතව වැඩකරන අයට... අපේ තියෙන හැම දෙයක්ම ගන්න කොට ඕක විතරක් ඇයි දෙන්න හදන්නේ..? ඇයි පිනට ගන්න පුළුවන්නේ? දෙන්නම් මම ඡන්දෙ බලන් ඉන්න හොඳද?
එ්ක නම් නැතුවට කමක් නැහැ. නැත්නම් අපේ සල්ලිවලින් මේ ගොල්ලෝ ලෝකේ වටේම ගිහින් රැස්වීම් තියන්න ගනියි...
මිනිස්සු ලංකාවට එන්න බැරිව දුක් විඳිනවා. මේ අවස්ථාවේදී කළයුත්තේ ඒවාට පිළියමක් යොදන එකයි. දැන්නම් මිනිස්සු ලංකාවට ඇවිත් මළත් සැපයි කියන අරමුණේ ඉන්නේ.. විඳින දහදුක් ඉවසගන්න බැරිව පිටරටවල්වල..