පාරේ යන මිනිසුන්ගේ ගිණුම්වලින් සල්ලි ඇද්ද පි.සී මාට්ටු කොළඹ ප්‍රදේශයේ ස්ථාන තුනකදි සිවිල් පුද්ගලයන් කිහිප දෙනකුද සමග එක්වී මාර්ගයේ ගමන් කරන පිරිස් නවතා පරීක්ෂා කර ඔවුන්ගේ ජංගම දුරකථනවල අන්තර්ජාල බැංකු සේවා මගින් සිය ගිණුම්වලට බලහත්කාරයෙන් මුදල් බැරකර ගත්තේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු ඊයේ (4) සැකපිට අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය සඳහන් කරයි. 05 September 2025
ඇල්ලේ අනතුර ගැන ජනපති ඇතුළු රජයේ සංවේගය ඇල්ල බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ සියලුදෙනාගේ පවුල් වෙත ජනාධිපතිවරයා ඇතුළු රජයේ සංවේගය පළ කරන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ජාතික මීලාද් - උන් - නබි සැමරුම් උත්සවය අමතමින් පැවසීය. 05 September 2025
උණුසුම් කාලගුණය ගැන අවධානයෙන් ඉන්න මෙරටට බලපා ඇති උණුසුම් කාලගුණ තත්වය පිළිබඳ ප්‍රදේශ රැසක ජනතාව හෙට (6) දිනයේ අවධානය යොමුකළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 September 2025
අරුණගේ විශ්වාසභංගය: ලේකම්වරුන්ගෙන් වාර්තාව කතානායකට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් බාර දෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ලේකම්වරුන්ගේ මතය ඇතුළත් වාර්තාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට ඊයේ ( 4) බාරදී ඇත. 05 September 2025
අයිස් ෆැක්ට්‍රියේ කෝටි 250ක අමුද්‍රව්‍ය මිද්දෙණියෙන් ගොඩ ගනියි ඉන්දුනීසියාවේ ජාකාර්තා නුවරදී අත්අඩංගුවට ගත් කෙහල්බද්දර පද්මේ විසින් නුවරඑළිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය සඳහා රැගෙන ආ බව කියන රුපියල් කෝටි 250 ක් පමණ වටිනා රසායනික ද්‍රව්‍ය තොගයක් මිද්දෙණිය තලාව ප්‍රදේශයේ වත්තක වළඳමා තිබියදී සොයා ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි 05 September 2025
රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා සභාවෙන් ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) හිටපු තරග තීරකවරයෙක් වන රොෂාන් මහානාම මහතා ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. 05 September 2025
ඇල්ල අනතුරෙන් මියගිය අයකුට ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 10ක් ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඊයේ (04) රාත්‍රියේ සිදුවූ මාරක බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි දීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබේ. 05 September 2025
වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය සිසුවෙක් මරුට වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය, මහනුවර ප්‍රධාන පෙලේ පිරිමි විදුහලක සිසුන් තිදෙනෙකු දියේ ගිලී ඇති අතර ඉන් සිසුන් දෙදෙනෙක් බේරාගත් බවත් එක් සිසුවෙක් මරණයට පත්ව ඇති බවත් තෙල්දෙණිය පොලිසි පවසයි. 05 September 2025
අගමැතිනි-ඉතාලි විදේශ නි.මහලේකම් හමුවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් Maria Tripodi මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. 05 September 2025
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් මත්ද්‍රව්‍ය-ජංගම දුරකතන සොයාගනී කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී ස්මාට් අත් ඔරලෝසුවක් , ජංගම දුරකථන තොගයක් සහ විවිධ මත්ද්‍රව්‍ය හමුවී ඇතැයි බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 05 September 2025
වැඩ වල ප්‍රගතිය අහන්න දිසාපතිලා ජනපති කාර්යාලයට කැඳවයි සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්රතිලාභ සමාජයේ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා රජයේ ප්රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන ආරම්භ කිරීම සහ මේ වන විටත් ක්‍රියාත්මක රජයේ ප්රමුඛ සංවර්ධන වැඩසටහන් වල දිස්ත්‍රික් මට්ටමේ ප්‍රගති සාමාලෝචනය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 05 September 2025
ඇල්ල බස් අනතුර ගැන මහින්ද දුක් වෙයි මුළු රටේ ම ජනතාව සංවේගයට පත් කළ ඇල්ල බස් අනතුරට මුහුණ දුන් ජනතාව වෙනුවෙන් අතිශය කණගාටුවට පත්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 05 September 2025
තැපෑල ජනතාවට සමීප කරන්න සියලු දේ කරනවා තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු අඩුපාඩු කඩිනමින් සකසා ජනතාවට වේගවත් පහසු විශ්වාසදායී තැපැල් සේවාවක් රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා රජය පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍යා නලින් ද ජයතිස්ස මහතා ඊයේ (04) ගලේවෙල දී පැවසීය. 05 September 2025
සීඅයිඩියේ පැමිණිලි කඳු ගැහිලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව හැටදහසක් දක්වා ඉහළ ගොස් ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 05 September 2025
පොලිසියේ කැබ් රථය සොරාගෙන ගිය සිද්ධියට පීසී අත්අඩංගුවට තිස්සමහාරාම පොලිසියේ කැබ් රථයක් සොරාගෙන යාම සම්බන්ධයෙන් එම කැබ් රථ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල් රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 05 September 2025
‘කුෂ්‘ සමඟ විදේශිකයා ගුවන්තොටේදී අල්ලයි රුපියල් දස කෝටි පනස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත’’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගියෙකු අද(05) උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 05 September 2025
බස් අනතුරින් මියගිය අය අතර තංගල්ල න.ස ලේකම් ඇතුලු සේවකයින් 12ක් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කණුව ප්‍රදේශයේ සිදු වූ විනෝද චාරිකා බස් රථ අනතුරින් මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුලු කාර්ය මංඩලයේ 12 දෙනකු සිටින බව ඇල්ල පොලිසිය පවසයි . 05 September 2025
හදවත රකින බේතක් ගේන්න ප්‍රසම්පාදනය දෙයි ටෙනෙක් විප්ලේස් එන්නත් මිලිග්‍රෑම් 40න් වයල් 30,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 September 2025
පද්මේගේ අයිස් ෆැක්ටරියේ පාකිස්තානුවොත් වැඩ කරලා කෙහෙල්බද්දර පද්මේ නුවරඑළියේ පවත්වාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයයේ පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකුද සේවය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 05 September 2025
ඇල්ලේ ප්‍රපාතෙට කඹෙන් බැස්ස ආමි දෙන්නෙක් අනතුරක තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් ගමන් ගත් විනෝද චාරිකා පෞද්ගලික බස් රථයක් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී ඊයේ (4) රාත්‍රි ප්‍රපාතයකට පෙරලීයාමෙන් තුවාල ලැබූ තුවාලකරුවන් බේරා ගැනිමට කඹ ආධාරයෙන් ප්‍රපාතයට බැසීමට ගිය යුද හමුදා නිළධාරින් දෙදෙනකු ලිස්සා ඇද වැටී තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව ඇල්ල පොලිසිය පවසයි . 05 September 2025
බසය ප්‍රපාතයට පෙරැළිමට පෙර ජීප් රියකත් ගැටිලා ඇල්ල රාවණා ඇල්ල 15කණුව ප්‍රදේශයේදී 15 දෙනෙකුට මරු කැදවමින් 18 කට තුවාල සිදුවූ තංගල්ල නගර සභා සේවක පිරිස ගමන් ගත් විනෝද චාරිකා පෞද්ගලික බස් රථය ප්‍රපාතයට පෙරැළී යාමට සුළු මොහොතකට පෙර ඉදිරියෙන් පැමිණි සුඛෝපභෝගී ජීප් රථයකද ගැටී පසුව බස් රථය මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටේ ගැටී අඩිදහසක පමණ ප්‍රපාතයට පෙරැළී ගොස් ඇතයි ඇල්ල පොලිසිය පවසයි . 05 September 2025
අතීතේ අතුරුදන් වූවන් හොයන්න 75ක අනුමණ්ඩලයක් අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධයෙන් සිදු කරන පැමිණිලි පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 September 2025
අද කාලගුණය ඌව පළාත , අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල අද (05) ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 September 2025
නීති ගරුක රටකට නබි පණිවිඩය ආලෝකයක් සමනාත්මතාවෙන් සපිරි, නීතිගරුක සහ සාරධාර්මික රටක් ගොඩනැඟීමට දරන ප්රයත්නයට නබිතුමන්ගේ දහම නොනිමෙන ආලෝකයක් සපයන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මිලාද්-උන්-නබි උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. 05 September 2025
අවුරුද්දකට ළමා පිළිකා රෝගීන් නවසීයක් වාර්ෂිකව ලංකාවෙන් ළමා පිළිකා රෝගීන් නව සියයක් පමණ වාර්තා වන හෙයින් සැකසහිත රෝග ලක්ෂණයක් පහළ වූ සැණින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය. 04 September 2025
පිළියන්දල මැදිවිදුහල් ’’පුංචි මැතිසබේ’’ ජනපති කාර්යාලයේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ දී පැවැත්විණි. 04 September 2025
ඇල්ල අනතුරින් මිය ගිය ගණන 15ක් දක්වා ඉහළට වැල්ලවාය රාවණා ඇල්ලට නුදුරින් ඊයේ රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරින් 15 දෙනකු මිය ගිය බව පොලිසිය කියයි. 04 September 2025
වීසා අසාධාරණය වූ ක්‍රීඩකයෝ ඇමතිව හමුවෙති ආසියා කනිෂ්ඨ කරාතේ ශුරතාවලිය සඳහා සහභාගී වීමට වීසා ලබා ගත නොහැකි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ඔවුන්ගේ මව්පියන් පිරිසක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා හමුවිය. 04 September 2025
මණ්ඩලය අලුත් පියවරක් තබද්දී සහයෝගය දෙන්න රටේ ජනතාව වෙනුවෙන් විදුලි බල මණ්ඩලය ඉදිරි පියවරක් තබන අවස්ථාවේදී වැඩ වර්ජන සිදුනොකර තමන්ගේ සාධනීය දායකත්වය ලබාදෙන්නැයි වෘත්තිය සමිති වලින් ඉල්ලීමක් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය. 04 September 2025
ශෂීන්ද්‍රගේ ඇපෑලට දින දෙයි අරගල සමයේ විනාශයට පත් කළැයි කියන මහවැලි අධිකාරියට අයත් සෙවණගල ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපල සඳහා හානි පූර්ණ කාර්යාලය නිලධාරීන්ට බලපෑම් කර රුපියල් ලක්ෂ 88 1/2 ක වන්දි ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට ඇප නියම කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති ඇප ඇයැදුම ඔක්තෝබර් 02 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද (04) නියම කළාය. 04 September 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026