(අමදෝරු අමරජීව)

ඉන්දු - ශ්‍රී ලංකා නාවික සබඳතා පුළුල් කරමින් මිත්‍රත්වයේ පාලමක් ගොඩනගමින් ඉන්දීය නාවික හමුදාවට අයත් රුවල් පුහුණු නෞකාවක් වන "තරංගිනී"  නැමැති නෞකාව හෙට (27) ත්‍රිකුණාමලය අෂ්රොප් ජැටියට ළඟා වීමට නියමිතය.

එන්ජිමක් හා ගෑස් ටර්බයිනයක් සහිත මෙම පුහුණු රුවල් නෞකා සීමිත ප්‍රමාණයක් ලොව නාවික හමුදාවන් සතු වන අතර මින් ඉන්දීය නාවික හමුදාවට මෙවැනි රුවල් පුහුණු නෞකාවක් සතුවීම නාවික ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානයක් ගනියි.

මෙම පුහුණු රුවල් නෞකාව ඉන්දීය වෙරළාරක්ෂකයන් පුහුණු කිරීම සඳහා යොදාගන්නා නෞකාවකි.

ලෝක ප්‍රසිද්ධ යාත්‍රා නිර්මාණකරුවකු වන කොලින් මූඩ් මහතා විසින් ඉන්දියාවේ ගෝවා නැව් තටාංගනයේදී මෙම රුවල් නෞකාව නිර්මාණය කර තිබේ .මෙම නෞකාව වානේ බඳකින් සමන්විත වන අතර ඇලුමිනියම් සහ තේක්ක දැව තට්ටුවකින් ශක්තිමත් කර ඇත .තරංගනී යනු හින්දි නමක් වන අතර එහි අර්ථය රළ යන්නයි .