
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැටලීම් රාජකාරී සඳහා පිටවීමේ සටහන් යොදා කාන්තාවක සමග ලැගුම්හලක රැඳී සිටි බව කියන පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනමට ලක් කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ වැලිපැන්න පොලිසියට අනුයුක්ත සැරයන්වරයකුගේය.
පොලිස් සැරයන්වරයා වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම් කේ අනුරජිත් මහතාගේ නියෝග අනුව තවත් නිලධාරීන් තිදෙනකු සමග වැටලීම් රාජකාරී සඳහා පිටවීමේ සඳහන් යොදා පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
අනතුරුව ලද තොරතුරක් අනුව ස්ථානාධිපතිවරයා විසින් පරික්ෂා කිරීමේදී සැරයන්වරයා මතුගම අගලවත්ත පාරේ ලැගුම්හලක කාමරයක් තුළ කාන්තාවක් සමග රැඳී සිටියදී හමුවූ බව එම නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද දන්නේ වටලන්න ගියේ කාමරේ ඇඳ උඩ තිබුණු දෙයක්ද කියලා...