
(චන්ද්‍රසේන ගමගේ)
බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ රැඳවුම් භාරයේ සිටි බැකෝසමන්" තැඹිලි ලහිරු හා සම්පත් මනම්පේරි වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි වලස්මුල්ල මහේස්ත්‍රාත් මල්ශා කොඩිතුවක්කු මෙනවිය අද නියෝග කළාය.
සංවිධානාත්මක අපරාධකරුවන් වන බැකෝ සමන් හා තැඹිලි ලහිරු අධිකරණයට ඉදිරිපත් කරමින් බස්නාහිර උතුර අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක ජූඩ් වන්නි ආරච්චි පැවසුවේ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කටයුතු අවසන් හෙයින් ඔවුන් බන්ධනාගාර ගත කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
තැඹිලි ලහිරුට මිද්දෙනිය පොලිස් ස්ථානය විසින් පවරන ලද නඩු 13 ක් හා වීරකැටිය පොලිසිය විසින් පවරන ලද නඩු 06 ක තොරතුරු පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී නඩු කිහිපයක් අද දින කැඳවනු ලැබීය.
මනුෂ්‍ය ඝාතන දේපළ පැහැර ගැනීම් ,මංකොල්ලකෑම් ඇතුළු සිද්ධීන් ගණනාවකට අදාළව මෙම නඩු පොලිසිය පවරා තිබේ.
කැඳවන ලද නඩුවලට අදාලව තැඹිලි ලහිරු ලබන මස 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අධිකරණය ඉතාම සාධාරණයි - පාතාලයෝ වෙනුවෙන්. දැන් මුන් ජේලර්ලාට කියලා ෆෝන් ගෙන්නාගෙන අපූරුවට වැඩ කටයුතු ටික කරයි. අපේ මනම්පේරි දේශප්‍රේමියත් නිදහස් වෙනවා.
බැකෝ සමන්ලා තැඹිලි ලහිරුලා මොනවා වුනත් හරි වාසනාවන්තයි, මේ ආණ්ඩුව නිසා පොලිසියේ රාළහාමිලාට මෙයාලාව අයුධ පෙන්වන්න ගෙනියන්න හිතෙන්නේ නැහැ.