
දකුණු ඉන්දීය සිනමාවේ වැඩිපුරම කතාබහට ලක්වන සුසංයෝගය; රෂ්මිකා මන්දානා සහ විජේ දේවරකොණ්ඩාගේ විවාහ මංගල උත්සවය අද (26) පැවැත්විණි. මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙය වසරේ විවාහ මංගල උත්සවය යනුවෙනි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවා රෂ්මිකා මන්දානා සහ විජේ දේවරකොණ්ඩාට සුබ පැතුම් එක් කළ බව ද පැවැසෙයි.
ප්‍රේම සබඳතාවක් පිළිබඳ කෙතරම් කටකතා පැවැතුණත් කිසිම විටක ඒ පිළිබඳ නිල වශයෙන් තහවුරු නොකළ විජේ දේවරකොණ්ඩා සහ රශ්මිකා මන්දනා විවාහයට දින කිහිපයක් ඉතිරිව තිබියදී එය අනාවරණය කරේ ඔවුන්ගේ බැඳීමට අපූරු වටිනාකමක් එක් කරමිනි. ඔවුන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ ආකාරයට 'The wedding of VIROSH' විවාහ උත්සවය ඉන්දියාවේ රාජස්ථාන ප්‍රනාත්යේ උදයිපූර් නගරයේදී සාම්ප්‍රදායට අනුව පැවැත්විණි.
ඉන්දියාවේ විවාහ නගරය ලෙස හැඳින්වෙන්නේ රාජස්ථාන ප්‍රාන්තයයි. VIROSH යන නම විජේ සහ රෂ්මිකා යන නම් දෙකේ එකතුවයි. මේ නම යෝජනා කර ඇත්තේ විජේ සහ රෂ්මිකාගේ රසික රසිකාවියන්ය.
මාධ්‍ය වාර්තා කරන ආකාරයට, මංගල උත්සවයට ජංගම දුරකතන තහනම් කෙරුණි. උත්සවයට පැමිණෙන කිසිදු ආරාධිතයකුට ජංගම දුරකථන රැගෙන ඒමට අවසර නොලැබුණු අතර, නිල ඡායාරූප හා වීඩියෝ කණ්ඩායමද රහස්‍යතා ගිවිසුම් අත්සන් කෙරුණු බව ද පැවැසිණි.
විවාහ මංගල උත්සවයේ අයිතිය ලබා ගැනීමට Netflix සමාගම ඉන්දියානු කෝටි 60ක මුදලක් ලබා දීමට යෝජනා කළ බව ද පැවැසෙයි. කෙසේ නමුත් යුවල එය ප්‍රතික්ෂේප කර ඇත. ඒ තම විවාහය මිල කළ නොහැකි යැයි පවසමිණි.
මංගල උත්සවයට ඇරැයුම් ලැබ සිටියේ සමීපතම පවුල් සාමාජිකයන් සහ අතිශය සමීප මිතුරන් කිහිප දෙනකුට පමණි. එම මිතුරන් අතර සිනමා ක්ෂේත්‍රයේ ජනප්‍රිය පුද්ගලයන් කීප දෙනෙක් ද සිටියහ.
සම්ප්‍රදායන්ට ගරු කරමින් විවාහයට පෙර සම්ප්‍රදායික උත්සව දෙකක් ද පැවැත්විණි. රෂ්මිකාගේ මවගේ පාර්ශවයේ ඥාතීන් විසින් ඇගේ නිවසේ පැවැත්වූ උත්සවයක් සහ විජේගේ පවුල විසින් සංවිධානය කළ තවත් උත්සවයක් ද ඒ අතර වෙයි.
විවාහයෙන් අනතුරුව මාසයක කාලයක් වෘත්තීය කටයුතු වලින් විවේක ගනිමින් මධුසමය ගත කිරීමට නව යුවල බලාපොරොත්තු වෙයි.

රෂ්මිකා මන්දානා සහ විජේ දේවරකොණ්ඩා පෙම්වතුන් ලෙස රසික හදවත් දිනා ගත්තේ, 2018 වසරේ තිරගත වූ "ගීතා ගෝවින්දම්" (Geetha Govindam) චිත්‍රපටයෙහන් බව අමුතුවෙන් කිව යුතු නොවෙයි. ඔවුන් පෑ දක්ෂ රංගනය සහ ඔවුන් අතර තිබූ අපූර්ව ගැලපීම නිසා ප්‍රේක්ෂකයන් අතර ඔවුන් එකවරම ජනප්‍රිය විය.

ඉන්පසුව "ඩියර් කොම්රඩ්" (Dear Comrade) චිත්‍රපටයේදී ද මෙම සුසංයෝගය දැකගත හැකි වූ අතර, එතැන් පටන් මොවුන් දෙදෙනා සැබෑ ජීවිතයේදීත් පෙම්වතුන් බවට තදින්ම කටකතා පැතිරෙන්නට විය. ඒ සෑම අවස්ථාවකම රෂ්මිකා මෙන්ම විජේ ද කියා සිටියේ දෙදෙනා හොඳ යහළුවන් පමණක් බවය. කෙසේ නමුත් දෙදෙනාගේ වසර 8 ක ප්‍රේමය, විවාහයෙන් කෙළවර වීම ගැන රසික රසිකාවියෝ සතුට පළ කරති.

රෂ්මිකා මන්දානා, 1996 වසරේ අප්‍රේල් 5 වනදා කර්ණාටක ප්‍රාන්තයේ උපත ලැබූ දක්ෂ නිළියකි. "කිරිකි පාටි" (Kirik Party) නම් කන්නඩ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය, ඉතා කෙටි කලකින් ඉන්දියාවේ National Crush ලෙස හැඳින්වෙන තරමට ජනප්‍රිය විය. රෂ්මිකා වෘත්තීය මට්ටමින් ඉතා කැපවීමෙන් කටයුතු කරන අතර, ඇය මේ වන විට තෙළිඟු සහ හින්දි සිනමාවේ දැවැන්ත නිර්මාණ රැසකට දායක වෙමින් සිටින්නීය. විශේෂයෙන්ම "පුෂ්පා" චිත්‍රපටය හරහා ඇය ජාත්‍යන්තර මට්ටමින් පවා අවධානයට ලක් විය.

විජේ දේවරකොණ්ඩා, 1989 මැයි 9 වනදා හයිද්‍රාබාද්හි උපන්, තරුණ පරපුරේ දැඩි ආකර්ෂණයක් දිනාගත් රංගන ශිල්පියෙකි. ඔහු සිනමාවට පිවිසියේ සුළු චරිත හරහා වුවද, "අර්ජුන් රෙඩ්ඩි" (Arjun Reddy) චිත්‍රපටය ඔහුව තෙළිඟු සිනමාවේ දැවැන්ත තරුවක් බවට පත් කළේය. රංගනයට අමතරව ඔහු Rowdy Wear නමින් තමන්ගේම ඇඳුම් සන්නාමයක් පවත්වාගෙන යන ව්‍යවසායකයකු ද වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd