
(ටී.කේ.ජී.කපිල )
රුපියල් විසි හය ලක්ෂ හය දහසක් වටිනා එනසාල් , සුවද විළවුන් , ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්රකාශ කිරීමට නොමැති " හරිත මාවත ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු සමග අද (25 ) ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු කදාන ප්රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවක වන අතර අනෙකා කොළඹ , නාරාහේන්පිට ප්රදේශයේ පදිංච් 47 හැවිරිදි පිරිමි පුද්ගයෙකි .
ඔවුන් දෙදෙනා 25 දින උදෑසන ඩුබායි සහ ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ , මෙම භාණ්ඩ තොගය , ආනයන බලපත්ර , ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන විත් තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරං, මුතුමැණික්, සල්ලි නෙවෙයි දැන් එන්නේ ... වෙනෙ වෙන දේවල්
ලැෆ්ටොෆ්, සුවඳ විලවුන් විකුණන අය හරි පොටෝජෙනික්. පොටෝ එකත් හොඳටම අල්ලලා තියෙනවා.
මීට පෙර මෙවැනි වංචා කොපමණ සිදු වෙන්න ඇත්ද? මේ සියල්ලම දේශපාලකයෝ නිසා නොවෙයි, මේ තැන්වල හිටිය නිලධාරීන් නිසා. රාජ්ය යන්ත්රණය වෙනස් වීම නිසා තව ඔවුන් මේවා අල්ලනවා.