චෙන්නායි නුවර සිරවී සිටි 320 එති ශ්‍රී ලාංකික ගුවන් මගීන් 320 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (12)දහවල් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 12 May 2020
සබරගමුව පළාත් සභාවේ දිනක වැටුප කපන්න තීරණයක් කොරෝනා අරමුදලට දායක වීම සඳහා සබරගමුව පළාත් සභාව යටතේ පවත්නා සියලු නිලධාරීන්ගේ ජූනි මස වැටුපෙන් දිනක වැටුප අයකර පළාත් සමාජ සේවා අමාත්‍යංශයේ ගිණුමට බැර කරන ලෙස සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ඩී එම් මාලනී මහත්මිය සියලු ආයතන ප්‍රධානීන් වෙත දන්වා ඇත . 12 May 2020
කල්පිටියේ ධීවරයෝ 13ක් සෝමාලියාවේ සිර වෙති ධීවර රැකියාව සදහා සෝමාලියාවට ගොස් සිටින කල්පිටියේ ධීවරයින් 13 දෙනෙකු නැවත මෙරටට ගෙන්වා ගන්නා ලෙසට බළධාරීන්ගෙන් ඉල්ලා සිටිති. 12 May 2020
පුදුකුඩුරිප්පුවෙන් කොටි සාමාජිකයින් භාවිතා කළ නිල ඇඳුම් හමුවෙයි මුලතිව්, පුදුකුඩිඉරිප්පු, කයිවේලි ප්‍රදේශයේ ඉඩමක් තුල පොළව යට සඟවා තිබූ එල්.ටි.ටි.ඊ සංවිධානය භාවිතා කළ නිලඇදුම් කට්ටල කිහිපයක් සොයාගත් බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි. 12 May 2020
ඇමෙරිකානු නාවික හමුදා ප්රධානියාත් නිරෝධායනයට අමෙරිකානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මයිකල් ගිල්ඩේ ස්වයං නිරෝධායනයට යොමු වීමට පියවර ගෙන ඇතැයි ගාඩියන් පුවත් සේවය වාර්තා කළේය. 12 May 2020
හැටන් නගරයේ පිසූ ආහාර අලෙවිසැල් වසා දමයි හැටන් නගරයේ විවෘත කර තිබු පිසු ආහාර අලෙවි කරන ආපන ශාලාඅද (12) වසා දැමිමට හැටන් පොලිසිය කටයුතු කර ඇත. 12 May 2020
ඉන්දියාවේ සිටින සිසුන් පිරිසක් රැගෙන ඒමට යානයක් පිටත් වෙයි කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ චෙන්නායි නුවර රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 305 දෙනෙකු , යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(12) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් චෙන්නායි බලා පිටත්ව ගියේය 12 May 2020
කොරෝනා ආසාදිතයින් 869 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 869 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 12 May 2020
නිරෝධායන ඇදිරිනිතීය අවස්ථානුකූලව කි‍්‍රයාත්මක කරන බව පොලිසිය කියයි රට විවෘත කිරීමත් සමඟ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී කොරෝනා වයිරස් ව්‍යාප්තිය වැළැක්වීම සදහා නිරෝධායන ඇදිරි නිතීය අවස්ථානුකූලව කි‍්‍රයාත්මක කරනු ලබන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි. 11 May 2020
මැදමුලන උප තැපල් කාර්යාලයට හොරු පනී මැදමුලන මංසන්ධියේ පිහිටි උප තැපල් කාර්යාලය සොරු බිද ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. 11 May 2020
කොරෝනා ආසාදිත හමුදා සාමාජිකයින් 33ක් සුවය ලබති කොරෝනා වයිරසය ආසාදිතවූ නාවික හමුදා සාමාජිකයන් 33 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පවසයි. 11 May 2020
සූදානම් කළ දුම්රිය 47 කින් ධාවනය කෙරුණේ 10 යි රාජකාරී කටයුතු සඳහා කොළඹ නගරයට පැමිණි පිරිස් වෙනුවෙන් අද (11) දින ධාවනය කෙරුණු දුම්රියන්හි ගමන් කිරීමට මගීන් 2,800ක් පමණ ඉල්ලීම් කර තිබුණද ඒවායේ ගමන් කර ඇත්තේ මගීන් 997 දෙනකු පමණක් බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 11 May 2020
නවසීලන්තයේ වසා දැමුණු ආපනශාලා- සිනමාශාලා - සාප්පු සංකීර්ණ විවෘත කරයි ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වසා දැමුණු ආපනශාලා, සිනමාශාලා සහ සාප්පු සංකීර්ණ නැවත විවෘත කිරීමට අවසර දෙන බව නවසීලන්ත රජය අද (11) නිවේදනය කළේය. 11 May 2020
ගල්ෆ් අරාබි රාජ්‍යයන්හි කොරෝනා රෝගීන් 100,000 ඉක්මවයි නිල සංඛ්‍යාලේඛන වලට අනුව අද (11) දිනය වනවිට ගල්ෆ් අරාබි රාජ්‍ය හයේ කොරෝනා වයිරස රෝගීන් සංඛ්‍යාව 100 000 ඉක්මවා ගියේය. 11 May 2020
සේවය අවසන් කිරීමේ අයැදුම්පත් බාර නොගන්න‘යි කම්කරු කොමසාරිස්ට උපදෙස් පෞද්ගලික ආයතන හා කම්හල්වල සේවය අවසන් කිරීමේ අයදුම්පත් ජූලි මාසය දක්වා භාර නොගන්නැයි විදේශ සබඳතා නිපුණතා සංවර්ධන කම්කරු සහ රැකීරක්ෂා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කම්කරු කොමසාරිස්වරයාට අද (11) උපදෙස් දුන්නේය. 11 May 2020
පකිස්තානයේ වෙළදපොලවල් දින කිහිපයක් විවෘත කරන්න අවසර දින කිහිපයක් සඳහා වෙළෙඳපොළ විවෘත කිරීමට අවසර ලබාදීමට පාකිස්තාන ආණ්ඩුව තීරණය කර ඇත. 11 May 2020
තුර්කියේ සාප්පු සංකීර්ණ - බාබර් සාප්පු විවෘත කිරීමට අවසර නව කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ දැඩි සීමා ලිහිල් කරමින් සාප්පු සංකීර්ණ සහ බාබර් සාප්පු විවෘත කිරීමට අවසර දීමට තුර්කි රජය පියවර ගෙන ඇත. 11 May 2020
චීනයේ සීමා ලිහිල් කිරීමෙන් යළි කොරෝනා හිස ඔසවයි චීනයේ සීමා ලිහිල් කිරීමෙන් පසු නගර කිහිපයකින් නැවතත් කොරෝනා වයිරස රෝගීන් වාර්තා වීමට පටන්ගෙන ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. 11 May 2020
ඇමෙරිකාවට තවත් කොරෝනා කාර්ය සාධක බළකායක් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සතියේදී තවත් කොරෝනා වයිරස කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරනු ඇතැයි වාර්තා වේ. 11 May 2020
මේ සතියේ දුම්රිය කාල සටහන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස එක හමාරක් පමණ තිස්සේ වසා දමා තිබූ රාජ්‍ය හා පෞද්ගලික ආයතන බොහොමයක රාජකාරී කටයුතු යම් යම් සීමාවන් යටතේ අද (11) සිට ආරම්භ කෙරිණි. මෙම කාර්යාල සඳහා පැමිණෙන සේවක සේවිකාවන්ගේ පහසුව සඳහා මේ සතිය තුළ, එනම් මෙම මස 15 වැනිදා දක්වා, ධාවනය වන දුම්රියවල විස්තර පහත පරිදි වේ. 11 May 2020
පුත්තලම පොදු වෙළදපොළ - මත්ස්‍ය අලේවිසැල් සියල්ලම වසා දමයි පුත්තලම මධ්‍යම පොදු වෙළද සැල ,මත්ස්‍ය අලේවි සැල් සේම , මාර්ගය ආසන්නයේ දිනපතා පොළද වහාම නවත් දැමිමට පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි චන්රු ප්‍රනාන්දු මහතා ( 11 ) කටයුතු කෙරුණී . 11 May 2020
සහල් සඟවා වැඩි මිලට අලෙවි කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට වැඩි මිළට අලෙවි කිරීම ස`දහා සහල් මිටි 250 ක් ස`ගවාගෙන සිටි පිටකොටුව 5 වැනි හරස්වීදියේ සහල් ව්‍යාපාරිකයකු අද (11) දහවල් පාරිභෝගිය අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගත් බව එම අධිකාරිය පවසයි. 11 May 2020
කෝටියකට අධික වටිනා ’අයිස්’ මත්ද්‍රව්‍ය සමඟ 5ක් අත්අඩංගුවට මුහුදු මාර්ගයෙන් අයිස් නැමැති මිල අධික මත්ද්‍රව්‍ය ගෙන්වා ගෙන විකිණීමේ ජාවාරමක නිරත වු පුද්ගලයින් පස් දෙනෙකු රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමග අද (11) සැක පිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව ගන්දර පොලීසිය පවසයි. 11 May 2020
මිනිත්තුවක් යාමටත් මත්තෙන් කොටස් වෙළෙඳපොල කඩාවැටෙයි මාස එකහාමාරකට පසු අද (11) විවෘත කළ කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ කර මිනිත්තුවක් යෑමටත් පෙරකඩා වැටිණි. 11 May 2020
පෞද්ගලික බස් හිමියන්ගේ පාඩුව කෝටි 700 යි පෞද්ගලික බස් ධාවනය නැවතුණු මාර්තු 20 වැනිදා සිට මේ දක්වා බස්රථ හිමියන්ට රුපියල් කෝටි 700 කට ආසන්න පාඩුවක් සිදුව ඇතැයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. පෞද්ගලික බස්රථ ධාවනය කිරීම සම්බන්ධව මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍යවරයා හා පෞද්ගලික බස් හිමියන් අතර එම අමාත්‍යංශයේ දී හෙට (12) පෙරවරු 10.00 ට සාකච්ඡාවක් පැවැත්වෙන බව කී විජේරත්න මහතා නිරෝධායන නීති පිළිපදිමින් සෞඛ්‍යාරක්ෂිතව බස් ධාවනය කිරීම පිළිබඳව එහි දී අමාත්‍ය 11 May 2020
ලක්ෂ දෙකක හෙරොයින් - මත්පෙති සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු , මත්පෙති ,මුදල් සහ උපකරණ සමඟ පුද්ගලයෙකු ගල්කිස්ස බඩෝවිට දෙවන අදියර ප්‍රදේශයේ දී අද (11) අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණු පළාත අපරාධ කොට්ඨාසය කියයි. 11 May 2020
වැටුපෙන් අඩක් දෙනවාට විරුද්ධව ඇඟලුම් කම්හලක වැඩවර්ජනයක වීරකැටියේ ඇඟලුම්හලක සේවක සේවිකාවන්ට මෙම මාසයේ වැටුපෙන් අඩක් පමණක් ගෙවීමට පාලන අධිකාරිය තීරණය කිරීමට විරෝධය දක්වමින් අද(11) ඔවුහු සේවයෙන් ඉවත් වී වර්ජනයක නිරත වූහ. 11 May 2020
ඉරානයේ නාවික හමුදා අභ්‍යාසයකදී මිසයිල ප්‍රහාරයකින් නැවියන් 19ක් මරුට : 15කට තුවාල ඉරානයේ නාවුක හමුදා පුහුණු අභ්‍යාසයක් අතරතුර එල්ල කරන ලද මිසයිලයක් ඔවුන්ගේම නෞකාවකට වැදීමෙන් නැවියන් 19 දෙනකු මියගොස් තවත් 15 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 11 May 2020
දුම්රිය කාල සටහන සතියෙන් සතිය වෙනස් වෙයි දැනට පවතින දුම්රිය ධාවන කාල සටහන සතියෙන් සතිය වෙනස් කිරීමේ වැඩපිළිවෙලක් පවතින බව දුම්රිය දෙපරේතමේන්තුව පවසයි. 11 May 2020
රාජපක්ෂලාටහෝ පී.බී ජයසුන්දර මහතාට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදු කිරීමට අයිතියක් නෑ රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයට වගකිව යුතු රාජපක්ෂවරුන්ට හා ආචාර්ය පී.බී ජයසුන්දර මහතාට රජයේ සේවකයින්ගේ පඩි කපා දැමීමට කිසිම අයිතියක් හෝ සදාචාරයක් නැතැයි එක්සත් ජාතික පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 11 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026