ඇමෙරිකාවේ කොරෝනා සාධක බළකා සාමාජිකයින් තිදෙනකුත් නිරෝධායනයට ‘නව කොරෝනා වයිරසයට’ එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා ස්ථාපිත කළ ඇමෙරිකා එක්සත් ජනපද ‘කොවිඩ්-19’ කාර්ය සාධක බලකායේ ප්‍රධාන පෙළේ සාමාජිකයන් තිදෙනකු ස්වයං නිරෝධායනයට යොමු වී ඇත. 10 May 2020
හත් දෙනෙකුට කොරෝනා යයි ශ්‍රී ලාංකිකයන් 44 ක් රැකියාවෙන් දොට්ට රුමේනියාවේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත් , එම වයිරස පැතරීයාමේ අවදානම හේතුවෙන් එම හත්දෙනා ඇතුළු එහි සේවය කරන තවත් ලාංකිකයින් 44 දෙනෙකු කම්හලේ රැකියා වලින් ඉවත් කිරීමේ සිද්ධියක් එරට තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී. 10 May 2020
රාජකාරී හැඳුනුම්පතෙන් මත් කුඩු ජාවාරමේ යෙදුණ නගරසභා සේවකයා අත්අඩංගුවට රාජකාරී හැඳුනුම්පත උපයෝගී කරගෙන හොරෙයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ කම්කරු සේවකයෙකු රුපියල් හතළිස් දහසක් වටිනා මත්කුඩු සමඟ බණ්ඩාරගම කිඳෙල්පිටිය ප්‍රදේශයේදී අද (10 ) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි . 10 May 2020
රුසියාවේ කොරෝනා වයිරස රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක ගින්නක් රුසියාවේ මොස්කව් නගරයේ කොරෝනා වයිරස රෝගීන්ට ප්‍රථිකාර කරන රෝහලක ඇතිවූ ගින්නකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. 10 May 2020
‘‘අදියර හතරක් යටතේ පාසල් ආරම්භ කරනවා‘‘ සෞඛ්‍ය නිර්දේශ මත අදියර හතරක් යටතේ පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් පාසලට ඇතුළු වන විට සෑම දරුවකුගේම ශරීරයේ උෂ්ණත්වය මැනීම ඇතුළු සෞඛ්යාරක්ෂිත ක්‍රියා මාර්ග රැසක් ක්‍රියාත්මක කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාතර දී පැවසීය. 10 May 2020
කුරුණෑගලින් හමුවූ පොසිලය පුරා විද්‍යාවේ පරීක්ෂාවට කුරුණෑගල තෝරයාය නාරම්පනාව ප්‍රදේශයේ වැසිකිළි වලක් කැනීමේදී හමුවූ ඉපැරැණි පොසිලය අද ( 10 ) පෙරවරුවේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකගේ පරීක්ෂාවට ලක් වූහ . 10 May 2020
බස් 5000ක් හෙට සිට ධාවනයට රාජකාරි සදහා වාර්තා කරන වැඩකරන ජනතාවට ප්‍රවාහන පහසුකම් සැපයීම සදහා බස්රථ 5000 කට ආසන්න ප්‍රමාණයක් හෙට (11) සිට ධාවනය කරන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කියයි. 10 May 2020
ඉරණවිල සිටි සිව්දෙනෙක් සුවය ලබා පිටව යති කොරෝනා වයිරසය නිසා ආසාදිත තත්ත්වය මත ඉරණවිල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර සිටි තවත් රෝගින් සිව් දෙනෙකු සිය නිවාරණ කටයුතු අවසන් කිරිමෙන් අද ( 10) දහවල් පසු සිය නිවෙස් බලා පිටත් කර හැරිය බව එම රෝහලේ ප්‍රධානි වෛද්‍ය දිමුත් පොන්වීර මහතා සදහන් කරයි. 10 May 2020
රථ වාහන දඩ ගෙවීමට සහන කාලයක් ඇඳිරිනීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වූ බස්නාහිර පළාතේ කළුතර කොළඹ ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක ඇතුළු සහ නිරෝධායන කාර්යයන් වෙනුවෙන් වසා දමා තිබූ ප්‍රදේශවල ජනතාවට රථවාහන දඩ පත්‍රිකා ගෙවීමට අවස්ථාව හිමි නොවීම හේතුවෙන් මැයි 11 අද සිට මැයි මස 29 වනදා දක්වා අතිරේක සහන කාලයක් ප්‍රකාශ කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය. 10 May 2020
ලොව පුරා කෙරෝනා රෝගීන් මිලියන 4 ඉක්මවයි මේ වනවිට ලොව පුරා වාර්තා වන කොරොනා වයිරස රෝගීන් සංඛ්‍යාව මිලියන 4 ඉක්මවා ඇති බව ඇමරිකාවේ කොරෝනා වයිරස පිළිබඳ පර්යේෂණ සිදුකරන ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි. 10 May 2020
ජංගම රුධිර බැංකුව බලංගොඩ යයි රත්නපුර ශික්ෂණ රෝහළ හා බළන්ගොඩ මුළික රෝහල් කාර්ය මණ්ඩලය මගින් දෙමසකට පසු රුධිර සංචිත ලබා ගැනීම සඳහා ප්‍රථම වරට ජංගම රුධිර සංචිත ලබා ගැනීම අද (10) බළන්ගොඩ කල්තොට බුදුගල රජමහා විහාරයේ දී ආරම්භ විය. 10 May 2020
බේරුවල ධීවර වරාය තවදුරටත් සිල්ලර වෙළඳාම නොකරයි ඇඳිරිනීතිය අඛණ්ඩව පවතින කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ධීවර වරාය තුළදී නැවත දන්වන තුරු සාමාන්‍ය ජනතාවට සිල්ලර මසුන් අලෙවිය තවදුරටත් නවතා ඇති බව බේරුවල ධීවර වරාය කළමනාකාරිත්වය අද (10) පැවසීය. 10 May 2020
කාත්තන්කුඩි රෝහලේ සිටි 55 ක් සුවය ලබති කොරෝනා වයිරසය ආසාදනය විමෙන් මඩකලපුව කාත්තන්කුඩි මුලික රෝහලේ ප්‍රථිකාර ලැබු 55 දෙනෙක් අද 10 එම රෝහලින් පිටව ගියහ. 10 May 2020
පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා සාමාජිකයන්ට පමණයි කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පනවා තිබූ ඇඳිරි නීතිය මැයි මස 11 දින (හෙට) දින සිට ලිහිල් කිරීමට රජය තීරණය කළද තවත් සති දෙකක් යන තෙක් සාමාන්‍ය මගීන් ප්‍රවාහනය සඳහා පොදු ප්‍රවාහන සේවා යොදා නොගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් දී තිබේ. . 10 May 2020
පුද්ගලයකුට පහර දුන් ආරච්චිකට්ටුව පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් සොයයි කුමාරකට්ටුව නෙලූම්කුලිය ප්‍රදේශයේ පොල්වත්තක වැඩපරීක්ෂක වරයෙකුගේ නිවසකට පැන එම එහිසිටි පුද්ගලයෙකුට පහරදී වටිනා නවීන රූපවාහිනී යන්ත්‍රයක් කඩා බිඳදමා අතුරු දහන්වූ ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතිබව හලාවත පොලීසිය පවසයි. 10 May 2020
බලපත්‍ර නැතිව කොහොඹ දැව රැගෙන ගිය දෙදෙනෙක් අත්අඩංගුවට වනාතවිල්ලුවේ සිට කජු දර ප්‍රවාහනය කරන මුවාවෙන් ඒ තුළ සඟවා කොහොඹ දැව ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අද ( 10 ) උදෑසන පුත්තලම විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබේ. 10 May 2020
ඕස්ට්‍රේලියාවේ සිටි පිරිසක් කටුනායකට කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 272 ක් අද(10) උදෑසන මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබේ 10 May 2020
බ්‍රිතාන්‍යයට එන සංචාරකයන්ට දින 14ක නිරෝධායන කාලසීමාවක් කොරෝනා වයිරස වසංගතයේ දෙවන රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා විදේශයන්ගෙන් පැමිණෙන්නන් දින 14ක නිරෝධායන කාලසීමාවකට යටත් කිරීමට තීරණය කර ඇතැයි බ්‍රිතාන්‍ය රජය පවසයි. 09 May 2020
තෝරයායෙන් ඉපැරණි මානව හිස්කබලක් කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තෝරයාය නාරම්පනාව ප්‍රදේශයේ වැසිකිළි වලක් කැපීමේදී පොළොව මට්ටමේ සිට අඩි 8 ක් පමණ ගැඹුරකදී ඉපැරැණි මිනිස් සිරුරක බවට සැක කරන පොසිලයක කොටස් හමුවී තිබේ. 09 May 2020
කොරෝනා ආසාදිත ගණන 847 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 847 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 09 May 2020
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බල රහිත කරන්න’යි වෙල්ගම - පාඨලී අධිකරණයෙන් ඉල්ලති මහ මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට ගෙන ඇත තීරණය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික හෙළ උරුමය පක්ෂයේ නායක හා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යන මහත්වරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබූහ. 09 May 2020
ඉතාලියේ මේ වන විට කොරෝනා මරණ 30201 ක් ඉතාලියේ මේ වනවිට කොරෝනා වයිරස ආශ්රිත මරණ 30 201ක් සිදුවී ඇතැයි වාර්තා වේ. ඒ අනුව මරණ 30 000කට අධික සංඛ්‍යාවක් සිදුවූ යුරෝපා සංගමයට අයත් පළමු රට බවට ඉතාලිය පත්ව තිබේ. 09 May 2020
දියණියගේ පහරදීමෙන් මව මරුට විශේෂ අවශ්‍යතා ඇති දියණියක කළ පහරදීමකිනි හඟුරන්කෙත ඇකිරිය ප්‍රදේශයේ පස්දරු මවක් මියගොස් ඇතැයි පොලීසිය කියයි. අද (9) මෙය සිදු වී තිබේ. 09 May 2020
මෙක්සිකෝවේ එකම පවුලේ හෙදියන් තිදෙනකු ඝාතනය කරලා මෙක්සිකෝවේ උතුරු දිග කොහුවායිලා ප්‍රාන්තයේ හෙදියන් තිදෙනකු ගෙල සිරකර මරා දමා ඇතැයි වාර්තා වේ. 09 May 2020
ඇමරිකාවේ උප ජනාධිපතිගේ මාධ්‍ය ලේකම්ට කොරෝනා ඇමරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස් මහතාගේ ඉහළ පෙළේ සහායකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. 09 May 2020
හෙරොයින් කිලෝ 4 ක් සමග සැකකරුවන් 7දෙනෙකු අත් අඩංගුවට රුපියල් කෝටි තුනකට ආසන්න හොරෝයින් කිලෝ හතරකට වැඩි ප්‍රමානයක් පුත්තලම කඩමයාකුලම් ප්‍රදේශයෙදී ( 9 ) දින උදෑසන පුත්තලම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සැකකරුවන් හත් දෙනෙකු සමග අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි. 09 May 2020
වස්ගමුව වනෝද්‍යානයට බලපත්‍ර නොමැතිව ඇතුළු වූ 28 ක් අත්අඩංගුවට වස්ගමුව ජාතික වනෝද්‍යානයේ බලපත්‍ර නොමැතිව රැදී සිටි පොලොන්නරුව ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් දෙදෙනෙක් හා හිමිනමක් ඇතුළු 28 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වස්ගමුව ජාතික වනෝද්‍යාන නිලධාරිහු පවසති. 09 May 2020
කොටස් වෙළඳපොළ කටයුතු සඳුදායින් ඇරඹේ කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන සඳුඳා (11) සිට විවෘත කිරීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු ද හෙට සිට ආරම්භ කිරීමට තීරණය කර ඇත 09 May 2020
සිරවී සිටින ලාංකිකයින් ගෙනඑන්න ඕස්ට්‍රේලියාවට ගුවන් යානයක් ඕස්ට්‍රේලියාවේ තවදුරටත් රැදී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් යළි මෙරටට රැගෙන ඒම සදහා අද දින උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් මෙල්බර්න් බලා පිටත්ව ගියේය. 09 May 2020
විකිණිමට සැකසූ කුණු ලූනූ තොගයක් දඹුල්ලෙන් හසු වෙයි කොළඹ වරායෙන් ඉවත් කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක් වූ විදේශීය රටවලින් ගෙන්වූ ලොකු ලූනූ කිලෝ 25,000ක් පමණ ප්‍රමාණයක් දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ වී මෝලක දමා හොඳ ලූනු වලට කලවම් කිරීමේ වැඩපිළිවෙලක් දඹුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා ඇතුළු මහජන සෞඛ්‍යය පරීක්ෂක කණ්ඩායමක් සොයා ගත්තේය. 09 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026