
නිකවැරටිය නගරයේ තෙමහල් ගොඩනැගිල්ලක අයිතිය වෙනුවෙන් එහි වහලයට නැගි වෛද්‍යවරයා වහලයෙන් ඇද වැටී අනතුරට ලක්ව අද (09) පස්වරුවේ රෝහල් ගතකර ඇති බව පොලිසිය පැවසීය.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයෙකි. අනතුරින් පසු වෛද්‍යවරයා නිකවැරටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති බවද පොලිසිය සඳහන් කළේය.
මෙම තෙමහල් ගොඩනැගිල්ලේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පක්ෂ කාර්යාලයද පවතින බැවින් වෛද්‍යවරයාට ඉවත් වන ලෙස පොලිසිය දැනු වූ අවස්ථාවේ ඉන් ඉවත් වීමට යාමේදී වෛද්‍යවරයා වහලයෙන් ඇද වැටී ඇති බවද පොලිසිය පැවසීය.
වෛද්‍යවරයාට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා දීමට පියවර ගත් බවත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යැවීමට නියමිත බවත් රෝහල් වෛද්‍යවරුන් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිද්ධියට ජොන්ස්ටන් හවුල් නම් නීතිය යනු ජොනීගේ නීතිය වනු ඇත.
මේ මනුස්සයා දන්නේ නැද්ද අයිතිවාසිකම් ප්‍රශ්නයක් නම් දිසා අධිකරණයක සිවිල් නඩුවක් ගොනු කරන්න ඕනෑ කියලා ඔය විදිට වහලේ නැග්ගට අයිතිය ලැබෙනවද? මෙහෙව් අයගෙන් ජනතාව මොනවා බලාපොරොත්තු වෙන්නද?