අබලන් ධීවර යාත්‍රා-බස් රථ ගාලු මුහුදු පතුලේ තැන්පත් කරන්න යයි
මත්ස්‍ය ගහනය වැඩිකිරීම සදහා අබලන් වු බහුදින ධීවර යාත්‍රා හා අබලන් බස්රථ මුහුදු පතුලේ තැන්පත් කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ගාල්ල වරාය ආශ්‍රිතව ලබන මාසයේ දි ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව විසිතුරු මසුන් මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය ඇමති කංචන විජේසේකර මහතා පවසයි.