(අංජුල මහික වීරරත්න)
ජීවන වියදමෙන් බැටකන ජනතාවගේ හිස මත ගෑස් හිඟයක් පටවා ආණ්ඩුව ජනතාව කබලෙන් ලිපට ඇද දමා ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (28) ප්‍රකාශ කළේය.
ලාෆ් ගෑස් සමාගම වසා දමන බවට ප්‍රකාශ කර තිබියදී ආණ්ඩුව ඒ ගැන නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා පාරිභෝගිකයා දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයිද විජයවර්ධන මහතා කීවේය.
බියගම එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවති පක්ෂ ක්‍රියාකාරී හමුවකදී රුවන් විජයවර්ධන මහතා සදහන් කළේ නිසි සැලසුමක් නැති රජයට එරෙහිව සියලු පාර්ශව එකතු විය යුතු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අාහ් අදද දැනගත්තේ...?
මෙයා කොහෙන්ද දන්නේ නැහැ කතා කරන්නේ? හරියට මැරිලා ඉපදිලා වගේනේ... ඇමෙරිකා ජනාධාපති වෙනත් රටකට ගියාම දෙන ආරක්ෂාව වගේ... ඉගිලුණු හැටි මෙයාට අමතක වෙලා වගේ...
අපිට තියෙන ආදරයක තරම...
උතුරු, නැගෙනහිර සහ කඳුකරයේ පිහිටුවාගෙන තිබෙන්නා වූ දේශපාලන පක්ෂ ඔවුන්ගේ ජනතාව වෙනුවෙන් වගකීම් ඉටු නොකරන්නේ නම් සහ බලය බෙදීම පමණක්ම මතයේ රැඳී සිටින්නේ නම් උතුරු නැගෙනහිර සහ විශේෂයෙන් කඳුකර ජනතාවගේ ජීවන තත්වය නගාසිටුවීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පෙනීසිටිය යුතුවේ. ලෝකයේ හොඳම තේ නිෂ්පාදනය කරන්නා වූ රට ලංකාව නම් එම කීර්තිනාමය පසුපස සිටින ශක්තිය සහ එම කිර්ති නාමය රටට ලබාදෙන්නේ අව්වට, වැස්සට තෙමෙමින් ඉන්නට හිටින්නට ප්‍රමාණවත් නිවාස හෝ නොමැති ලංකාවේ සිටින අන්ත දුප්පත්ම අසරණ වූ අපේම ශ්‍රී ලාංකිකයන් වේ. එමනිසා එක්සත් ජාතික පක්ෂය ඔවුන් වෙනුවෙන් මැදිහත් වීමක් කළයුතුව ඇත...