(යොහාන් භාසුර)
හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසට මෙහෙකාර සේවය සඳහා ‘ශංකර්’ නැමැති තැරැව්කරු දැරියන් 11 දෙනකු ගෙනවිත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ සේවයේ යෙදී සිටියදී පිළිස්සී මිය 16 හැවිරිදි ජූඩ් කුමාර් ඉෂාලිනී දැරියගේ මරණ පිළිබඳව ක්‍රියාත්මක විමර්ෂණවලදී මෙය හෙළිවී ඇති බව කී අජිත් රෝහණ මහතා පැවසුවේ සෙසු කාන්තාවන් දස දෙනාගෙන් ද ප්‍රකාශ ලබාගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් කොළඹ සිට හැටන්, ඩයගම ප්‍රදේශයට ගොස් සිටින බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිෂාඩ් බදුර්දීන් නිවසට මෙහෙකාර සේවය සඳහා ‘ශංකර්’ නැමැති තැරැව්කරු දැරියන් 11 දෙනකු බලෙන් හෝ තැරැවූකරුගේ අවශ්‍යතාව මත සපයා නැත. රිෂාඩ් බදුර්දීන්ගේ ඉල්ලීම මත හෝ ඔහුගේ පවුලේ සමාජිකයින්ගේ ඉල්ලීම මත මෙය සිදු වූවකි. බාලවයස්කාර දැරියන් නොව වයස 18ට සපිරුණු මෙහෙකාර සේවය පිළිබඳ පළපුරුදු කාන්තාවන් අවශ්‍ය බව රිෂාඩ් බදුර්දීන්ලා තැරැව්කරුට පැවසිය යුතුවේ. බාලවයස්කාර දැරිය තැරැව්කරු රිෂාඩ් බදුර්දීන් නිවසට ගෙන අ පළමු අවස්ථාවේම ඔවුන්ගේ ජාතික හැඳුනුම් පත පරික්ෂා කොට එහි පිටපතක් රිෂාඩ් බදුර්දීන්ලා තබා ගත යුතුව තිබේ. රිෂාඩ් බදුර්දීන් ‘ශංකර්’ නැමැති තැරැව්කරු වරදක් කර තිබේ නම් මන්ත්‍රීවරයකු වශයෙන් දැරියන් ලබා නොගෙන ප්‍රතික්ෂේප කළ යුතුව තිබිණි. රිෂාඩ් බදුර්දීන් නිවසට මෙහෙකාර සේවය සඳහා දැරිවියන් ලබාගෙන ඇත්තේ වෙනත් නොමනා ක්‍රියාවන් සඳහා බව ඉතා හොඳින් පැහැදිලි වෙයි.
‘ශංකර්’ නැමැති තැරැව්කරු මුදලට දැරිවියන් මෙහෙකාර සේවය සඳහා සපයන්නකු පත්ව තිබෙනුයේ මෙහෙකාර සේවය මුවාවෙන් අයුතු ක්‍රියාවලින් සපුරාගැනීමටයි. රිෂාඩ්ලා දැන දැන වරදක් කර ඇති බව පැහැදිලි වේ. රිෂාඩ් බදුර්දීන්ලා යළිත් පාර්ලිමේන්තුවට යැවීම නොකළ යුතුවේ...