ශ්‍රී ලංකාවේ සියයට 20 කට කොරෝනා එන්නත දෙන්න ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වෙයි ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20% කට ‘කොවිඩ්-19’ වයිරසය සඳහා නිපදවන එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාව පළ කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය අද (9) දැනුම් දුන්නා ය. 09 November 2020
නිරෝධායන නීති කැඩූ හැටන් වෙළඳසැල් පොලිස් අණින් වැසේ කොවිඩ් තත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් වෙළඳසැල් පවත්වාගෙන යාමට ලබා දි ඇති නිරෝධාන උපදෙස්වලට පටහැනිව හැටන් නගරයේ ව්‍යාපාර කටයුතු සඳහා විවර කර තිබූ වෙළඳසැල් කිහිපයක් තාවකාලිකව වසා දැමීමට අඹගමුව කොවිඩ්-19 සම්බන්ධිකරණ විශේෂ ඒකකයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ක්‍රිෂාන් පේමසිරි මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරු අද (09) කටයුතු කලහ. 09 November 2020
ගායන ශිල්පී ඩබ්ලිව්.ඩී ආරියසිංහ සමුගනී ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්.ඩී ආරියසිංහ මහතා අද (9) අභාවප්‍රාප්ත විය. 09 November 2020
කටුනායක ගුවන්තොටුපළට රොබොටික් පීසීආර් පහසුකම් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්) එක්ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා වේගවත් රොබොටික් පී.සී.ආර්. පරීක්ෂණ පහසුකම් සැලසීමට පියවර ගෙන ඇත. 09 November 2020
595ක් සුවය ලබා පිටව යති කෝවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 595දෙනෙකු පූර්ණ සුවය ලබා අද(09) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 09 November 2020
කරාපිටිය රෝහලේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ඒකකය වසා දමයි ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අකුරැස්සේ අමලගොඩ පදිංචි කාන්තාවක් කොරෝනා ආසාදිත බව තහවුරුවීම හේතුවෙන් රෝහලේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ඒකකය (23 වාට්ටුව) අද (09) තාවකාලිකව හුදකලා කිරීමට කටයුතු කර තිබේ. 09 November 2020
තොගමිල වැඩි හෙයින් සහල් වෙළදාම නතර කරති සහල් තොග මිල සිල්ලර මිලට වඩා ඛෙහෙවින් ඉහල මට්ටමක පවතින හෙයින් සහල් වෙළඳාම මේ වනවිට තාවකාලිව නවතා දමා ඇතැයි පොලොන්නරුවේ බොහෝ සිල්ලර වෙළෙන්දෝ කියා සිටිති. 09 November 2020
නිරෝධායන නීති කැඩූ එකම පවුලේ 10 කට කොරෝනා එකම පවුලකට අයත් ආසාදිතයන් 10දෙනකු වාර්තාවූ ගාල්ල, මකුළුව ගම්මානයේ නිවෙස් හා අවට ප්‍රදේශ විශබීජහරණය කිරීම ද ආශ්‍රිතයන්ගේ පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම ද අද(09) සිදුකළ බව සෞඛ්‍ය අංශ පවසයි. 09 November 2020
නිකවැරටිය වෙළෙඳසැල් දින තුනක් වසා දමයි කොරෝනා රෝගීන් හයක් වාර්තා වීම සහ ආසාධිතයන් හා ආශ්‍රියන් නගරයේ සැරි සැරීම නිසාත් සෞඛ්‍ය අංශ වලට සහය දක්වමින් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව.වෙනුවෙන් 09 ,10,11 යන තෙදින තුල නිකවැරටිය නගරයේ සියලුම ව්‍යාපාරික ස්ථාන වසා තැබීමට පියවර ගත් බව නිකවැරටිය වෙළඳ සංගමය පවසයි. 09 November 2020
ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන 50 පනී ලොවපුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 50 ඉක්මවා තිබේ. 09 November 2020
අද දිනයට කොරෝනා ආසාදිතයන් 510 ක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (08) පස්වරු 22.10 වනවිට තවත් ආසාදිතයන් 227 දෙනෙකු එක් වී ඇති අතර එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 510 ක් දක්වා ඉහළ ගියේය. 08 November 2020
මෙරට 35 වැනි කොරෝනා මරණය වාර්තා වේ මෙරට 35 වැනි කොරෝනා මරණය අද (08) වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 08 November 2020
කුරුණෑගල හුදෙකලා කිරීම ඉවත් කරන්නැයි රජයෙන් ඉල්ලයි කුරුණෑගල මහ නගර සභා බළ ප්‍රදේශයට හෙට (09) සිට ක්‍රියාත්මක හුදෙකලා කිරීම, කොරෝනා අවදානම වැඩියෙන් පවතින ඉලුප්පුගෙදර ග්‍රාම නිලධාරි වසමට පමණක් ක්‍රියාත්මක කර නගරයේ අනෙක් කොටස් සාමාන්‍ය කටයුතු සඳහා ජනතාවට විවෘත කරදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටීමට අද (08) සවස රැස්වූ කුරුණෑගල දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටුව තීරණය කළේය. 08 November 2020
හුදෙකළා ප්‍රදේශවලින් පනින්න බෑ නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විශේෂ කරුණු පැහැදිළි කිරීමක් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. ඒ අනුව හෙට දින (නොවැ.09) නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසුව රටතුළ දෛනික කටයුතු ක්‍රියාත්මක කිරීමේදී හුදෙකළා කරන ලද ප්‍රදේශ වල සිටින කිසිවකුට තම තමන් සිටින ප්‍රදේශ වලින් පිටතට පැමිණිය නොහැක. 08 November 2020
මධ්‍යම තැපැල් හුවමාරුව හෙට සිට විවෘතයි ශ්‍රී ලංකාවේ පවතින කොරෝනා වයිරස තත්වය හේතුවෙන් පසුගිය 5 වැනි දා සිට මුළුමණින් අත්හිටුවා දමා තිබූ මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරි කටයුතු හෙට (09) සිට යළි විවෘත කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. 08 November 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර 10,000 පනී මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (08) පස්වරු 6.40 වනවිට තවත් ආසාදිතයන් 283 දෙනෙකු එකතු වී තිබේ. 08 November 2020
හැටන් ගියොත් ස්වයං නිරෝධායනයට කොවිඩ් -19 වයිරසය පැතිරයාමේ අවදානමත් සමග හෙට (09) සිට තම පොලිස් කොට්ඨාසය තුලට පැමිණෙන වතුකරයේ පිරිස් ඔවුන්ගේ නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කරන බව හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස් මහතා පැවසීය. 08 November 2020
ලක්ෂ 15 ක කුඩු සමඟ ’දළුපොත රොකී’ අත්අඩංගුවට මීගමුව ප්‍රදේශයේ මත්කුඩු විකිණීමෙහි යෙදී සිටි ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවෙකු රුපියල් ලක්ෂ 15ක් පමණ වන හෙරොයින් ග්‍රෑම් 105 ක් සමග අද (8) අත්අඩංගුවට ගත් බව මීගමුව පොලිසිය කියයි. 08 November 2020
අ’පුරේ යාචකයෝ 81 නිරෝධායනයට අනුරාධපුර නගරයේ ස්ථාන කිහිපයක සැරි සරන ලද යාචකයන් 81 දෙනෙකු නිරෝධායනයට ලක් කිරිමට අද (08) දින පියවර ගත් බව අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රැවන් විජේසිංහ මහතා පැවසිය. 08 November 2020
අනුරාධපුර රෝහලේ 17 වාට්ටුව වහයි අනුරාධපුර පූජා නගරයේ සිටි කොවිඩ් 19 රෝගය වැළදුණු යාචකයෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට නොදැනුවත්ව ඇතුලත් කිරීම හේතුවෙන් රෝහලේ අංක 17 වාට්ටුව අද (8) තාවකාලිකව වසා දැමූ බව එම රෝහලේ වැඩ බලන අධ්යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා පැවසීය. 08 November 2020
ජෝර්දානයේදී ශ්‍රී ලාංකිකයෙක් කොරෝනාවෙන් මරුට ජෝර්දානයේ ඇගළුම් කම්හලක සේවයේ නියුතුව සිටි වේයන්ගොඩ තරුණයකු කොරෝනා ආසාදිතව මිය ගොස් ඇති අතර එම ආයතනයේ විශාල පිරිසක් රෝගීව මෙන් ම අසරණ ව සිටින බව දැනුම් දී ඇතැයි මියගිය අයගේ ඥාතීහු කියති. 08 November 2020
562 ක් සුවය ලබා පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 562 දෙනෙකු සුවය ලබා අද (08) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. 08 November 2020
මාතර බන්ධනාගාරයේ රැඳවියකුට කොරෝනා මාතර බන්ධනාගාරයේ රදවා සිටි කාන්තා රැදවියෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 08 November 2020
රජය කොරෝනා ව්‍යසනය ව්‍යාපාරයක් කරගෙන මහින්ද රාජපක්ෂ යුගය මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යුගය ද අසමත් බව අද වන විට ඔප්පු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කොළඹ දී පැවසීය. 08 November 2020
දුර ගමන් සේවා බස් රථ හෙට සිට යළිත් සියලුම දුර ගමන් සේවා බස් රථ හෙට(09) දිනයේ සිට සාමාන්‍ය පරිදි ධාවනයට එක් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ලංකාදීපයට පැවැසීය. 08 November 2020
හුදකලා ප්‍රදේශවල දුම්රිය නොනවත්වයි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් හෙට(9) වැනිදා සිට උදෑසන සහ පස්වරුවේ කාර්යාල දුම්රිය ධාවනයට කටයුතු යොදා තිබේ. 08 November 2020
රාජ්‍ය සේවයේ අවම කාර්ය මණ්ඩලයක් පමණයි මේ වන විට බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන ඇදිරීනිතිය හෙට (9) දින ඉවත් කළද රාජ්‍ය සේවයේ අතවශ්‍ය,අවම කාර්ය මණ්ඩලයක් පමණක් සේවයට කැඳවිය යුතු යැයි රාජ්‍ය සේවා ,පළාත් හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබේ. 08 November 2020
බස් - දුම්රිය කුරුණෑගල නතර නොකරයි කොරෝනා අවදානම මත හෙට සිට නිරෝධායනයට ලක් කර ඇති කුරුණෑගල නාගරික බළ ප්‍රදේශය හරහා ගමන් කරන කාර්යාල දුම්රිය සේවා සහ දුර ගමන් සේවා බස් සේවා කුරුණෑගල නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් රාජකාරි සඳහා කොළඹ බලා යන රාජ්‍ය අංශයේ අත්‍යාවශ්‍ය සේවා වල සහ ආරක්ෂක අංශ වල සේවයෙහි නියුතු විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටිති. 08 November 2020
දුරකතනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5 කට දේශපාලන පලිගැනීම් කොමිසමේ පෙනී සිටින්නැයි සිතාසි දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අපහාස කළ බව කියන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනෙකුට එම කොමිසම හමුවේ හෙට (9) පෙනී සිටින ලෙස කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද (8) සිතාසි නිකුත් කළේය. 08 November 2020
ඇමෙරිකානු නව ජනාධිපතිවරයාට සජිත්ගෙන් සුබපැතුම් ප්රජාතන්ත්රවාදය, සමාජ සාධාරණත්වය, මානව හිමිකම් හා පුද්ගලික නිදහස වෙනුවෙන් වූ අරගලයේදී නායකත්ව කාර්ය භාරයක් ඉටු කරනු උදෙසා වූ ප්රයත්නය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයි අභිනවයෙන් තේරී පත්වූ ඇමරිකානු ජනාධිපතිවරයා වෙත සුභ පැතුම් පණිවිඩයක් යොමුකරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. 08 November 2020
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026