
(යොහාන් භාසුර)
ජපානයේ ටෝකියෝහිදී දැන් පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බේස්බෝල් තරගාවලිය සඳහා පාවිච්චි කරන බේස්බෝල් පන්දු ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ පන්දු වීම වඩාත් කැපී පෙනේ.
ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පන්දුවක් තරග සඳහා යොදාගත් පළමු අවස්ථාව මෙය වේ.
බේස්බෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ එතරම් ජනප්‍රිය නොවුණ ද ලෝක බේස්බෝල් පිටියේ ප්‍රබලතම කණ්ඩායම් වන ජපානය, ඇමරිකාව, දකුණු කොරියාව ආදි රටවල් සහභාගි වන මෙම තරගාවලියට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පන්දු යොදාගෙන තිබේ.
මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බේස්බෝල් තරගාවලියේ මෙහෙයුම් කළමනාකරු ලෙස කටයුතු කරන සුජීව විජේනායක මහතාගේ මැදිහත්වීමෙන් මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබී ඇති බව ද දැනගන්නට තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි.., ඒත් මේ දේශපාලකයන් එක්ක පින්තූර ගහන එක නම් හරියන්නේ නෑ.