(සුජිත් හේවාජුලිගේ)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට නිදහස දීමට තරම් හේතුවක් කිසිවකු හෝ මෙතෙක් ඉදිරිපත් කර නැතැයි බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය.
රංජන්ට එරෙහි චෝදනාව බරපතළ එකක් බවද හෙතෙම සඳහන් කළේය.
රන්ජන් රාමනායක මහතාට පොදු සමාව යටතේ නිදහස ලබා දෙන්නැයි සමගි ජන බලවේගය පක්ෂය පසුගියදා ඉල්ලීමක් කළ අතර එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ඒ සඳහා සාධාරණ හේතුවක් තිබේ නම් ඉදිරිපත් කරන ලෙසයි.
මේ අතර රන්ජන් රාමනායක මහතාට අවශ්‍ය පහසුකම් සියල්ල සපයා දී ඇතැයිද ලොහාන් රත්වත්තේ මහතා කීවේය.
හදිසියේ ඇතිවූ ආබාධ තත්වයක් සඳහා රංජන් රාමනායක මහතා කරාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළ බව පැවසූ හෙතෙම මාදිවෙල මන්ත්‍රී නිල නිවෙසේ ඔහුගේ බඩු බාහිරාදිය තබා ගැනීමටද මාස 3 ක සහන කාලයක් ලබාදුන් බව ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුමින්දට නිදහස දුන්නේ මොනවායින්ද?
පුදුම කතාවක්. මෙයාලද රට පාලනය කරන්නේ? එතකොට මිනීමැරුමට පෝරකේට නියමවනු අයට සමාව ලැබුනේ කුමන කරුණු යටතේද? නීතිය අසමාන බව පැහැදිලිද ඇමැතිතුමා?
එතකොට තමුන්නාන්සේලා මිනීමරපු කුඩු දුමින්ද නිදහස් කලේ, ඔය කියන හේතු සාධක ඇතිවද? අනේ නිකම් ඉන්න අප්පුහාමි, තමුන්නාන්සේලා කන්න ඕනෑවුණාම කබරගොයාත් තලගොයා කරගන්න අපතයින්. හොරු හොරුන්ට මිසක් අනිත් අයට කඩේ යන්නේ නැහැ නේද?
එතකොට දුමින්ද සිල්වාට, වරදකරු බවට අධිකරණ දෙකකින් පැහැදිලිව තීන්දු දී තිබියදී ජනාධිපති සමාව ලැබුණේ සාධාරණ හේතු ඉදිරිපත් වීම නිසාදැයි තේරෙන්නේ නැහැ.
අර පෙරේරා මරපු එකටයි, උඩ තලවින්නේ සමූල ඝාතනයේදීත් මොනවද දන්නෑ මේ ළමයා නිදහස ගන්න උසාවියට කිව්වේ..?
ශ්‍රී ලංකාවේ මිනීමරා සිර දඩුවම් ලැබීම බරතල නොවන අතර දකින ඇත්ත ප්‍රකාශ කිරීම නිදහසට කරුණු නැති බරපතල චෝදනාවකි. මැතිවරණ ජය සඳහා රූපවාහිනී නාලිකාවකින් සහයෝගය දැක්වීමට රංජන් රාමනායක මහතාට හැකියාවක් තිබුණේ නම් සාධාරණ හේතු ලැබී ඉහළම තනතුරුද ලැබෙන්නටද වාසනාව තිබුණි. රන්ජන්ගේ පක්ෂ දේශපාලනය කුමක් වුවත් ඇත්ත ප්‍රකාශ කළ රංජන් වෙනුවෙන් බෙහෙවින්ම අපි කණගාටු වෙමු.
එතකොට අර දුමින්දට ජනාධිපති සමාව දෙන්න ඉදිරිපත් වෙලා තිබුණු ප්‍රමාණවත් හේතු ටික ඉදිරිපත් කරන්න පුළුවන්ද? ඊට අමතරව රාජ්‍ය අධිකාරියක සභාපති ධුරයක් දෙන්න තරම් තිබුණු අමතර සුදුසුකම් ටිකත් ප්‍රසිද්ධ කරා නම් සියළු රාජ්‍ය සේවකයින්ට ආදර්ශයක් වේවි...!
එතකොට දුමින්ද නිදහස් කරන්න හේතු කවුරු හරි ඉදිරිපත් කළාද? දුමින්දට තිබුනේ මරණීය දණ්ඩනය. රන්ජන්ට තියෙන්නේ අධිකරණය විවේචනය වෙනුවෙන් දීපු දණ්ඩනයක්. මරණ දඬුවම දීපු කෙනෙක් නිදහස් කරන්න පුළුවන් නම් ඊට පහළ වැරදි කරපු අය නිදහස් කරන්න බැරි ඇයි...?
මිනිස් ඝාතන කරපු දේශපාලුවන් නිදහස් කරන්නේ ඒ වගේ අය විතරයි. ඒක නිසා රන්ජන් තාම නිදහස් වෙන්න සුදුසු නෑ. පුළුවන් නම් සිරකරුවෙක් හරි මරන්න ලොක්කාගේ සමාව ඕනෑ නම්.
ලොහාන්ට ප්‍රමාණවත් හේතු දෙන්න. ඔහු අවශ්‍ය දේ කරයි!
මෙතන කමෙන්ට් දාන වැඩිදෙනා දුමින්ද සිල්වා නිදහස් කරපු එකාට බනිනවා විතරයි. රන්ජන් නිදහස් කරන්න අවශ්‍ය දේ සමගි ජනබලවේගෙන් හරියට නොකෙරෙනවාද කියලා හොයන්න නැහැ. මීට කලින් පුවත් පළවුනා ජනාධිපතිතුමා විපක්ෂ නායක තුමාට දැනුම් දුන්නා කියලා අවශ්‍ය කරුණු ඉදිරිපත්කර ලිපියක් බාරදෙන්න කියලා. සමහරවිට ඒක වෙන්න ඇති ක්‍රමවේදය. ඒත් ඊට පස්සේ සමගි ජනබල ලේකම් රංජිත් මද්දුබණ්ඩාර කිව්වා ඒ අය එහෙම ලිපියක් දෙන්නේ නැහැ, ජනාධිපති බලය පාවිච්චි කරලා නිදහස් කරන තුරු ඉන්නවා කියලා. කතාවක් තිබුණා රන්ජන් එහෙම ලිපියක් අත්සන් කරා කියලත්. බලාගෙන යනකොට පක්ෂය ඇතුලෙන්මද රන්ජන් නිදහස් වෙන එකට විරුද්ධ? ඊයේ ගියා රන්ජන් නිලනිවස මනූෂ නානායක්කාර ඉල්ලා ඔහුට දුන්නා කියල. රන්ජන් වෙනුවෙන් පෙනී හිටියේ ඔවුන්ගේ මන්ත්‍රී වරයකු වන සුමන්තිරන්. ඔහු රන්ජන් වෙනුවෙන් හරියට වැඩ කරාද. සාක්කි කරුවන් 100 විතර ඉන්නකොට තුන්දෙනාවලු කැඳෙව්වේ. මට නම් හිතෙන්නේ රන්ජන්ට සතුරන් ඉන්නේ ඇතුළේ ඉන්න මිතුරන් අතරින්ම කියලා. දුමින්ද නෙවෙයි මෙතන මාතෘකාව වෙන්න ඕනෑ, රන්ජන්. ඔහුව නිදහස් කරන්න ඕන නම් ඔහු ගැන කතාකරන්න.
අපෝ ඇත්ත නේන්නම්. දුමින්ද වගේ යැ රන්ජන් බරපතල වරදවල් කොයිතරම් කලාද. හොරු තක්කඩි කුඩු කාරයො හැම එකාම විවේචනය කලානෙ? කොහොම සමාව දෙන්නද?
මේ වගේ මැති ඇමතිවරු ඉන්න රටකනෙ අපි ජීවත් වෙන්න.
මතකයිනේ ජැපනීස් ක්‍රෙඩිට් ලයින් එකෙන් V8 ගේන්න හදපු හැටි... රටට බරක් වෙන්නේ නෑ කියලා. මේ වගේ ඇමතිවරු ඉන්න රටක් රාජ්‍ය සභාවක් තමයි අර ඉස්සර නවයුගය සඟරාවේ තිබුණු අනාගත්ත රජතුමාගේ කථාව.
රන්ජන් නිදහස් කරන්න කිසිම වැදගත් හේතුවක් නැහැ... හිරේ ඉන්න කාලය දික් කරන්න නම් වැදගත් හේතු තිබෙනවා.