තවත් ගම් හයක් හුදකලා කරයි රටේ පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තවත් ග්‍රාම නිලධාරී වසම් හයක් අද 28 උදෑසන 6 සිට නැවත දැනුම් දෙන තුරු හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය . 28 April 2021
රජයේ මුද්‍රණාලයත් වහයි රජයේ මුද්‍රණාලයේ අංශ ප්‍රධානියකු ඇතුළු සේවකයන් සිව්දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව එහි පොත් මුද්‍රණ නිමැවුම් අංශය අද සිට වසා දැමූ බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය. 28 April 2021
ඉන්දියාවේ ඇසෑම්හි භූ කම්පනයක් ඉන්දියාවේ ඇසෑම් හි රික්ටර් මාපාංක 6.4ක ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් සිදුව ඇතැයි ඉන්දියාවේ ජාතික භූ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 28 April 2021
දියවන්නා ඔයේ නයිට්‍ර්ජන් හා පොස්පරස් සාන්ද්‍රණය වැඩි වෙලා දියවන්නා ඔයේ අසාමාන්‍ය ලෙස ඇල්ගී වර්ධනය වීමට හේතුව ජලයේ පෝෂණ කාරක මූලද්‍රව්‍ය වන නයිට්‍ර්ජන් හා පොස්පරස් සාන්ද්‍රණය ඉහළ යාම බව විශේෂඥයින් පෙන්වා දෙති. 28 April 2021
රාත්‍රි දුම්රියවල තැපැල් මැදිරි ගලවයි කොවිඩ් නව වයිරසය පැතිර යාමේ අවදානම හමුවේ රාත්‍රී දුම්රියේ තැපැල් මැදිරි (ජංගම තැපැල් කාර්යාල) නැවත දැනුම් දෙන තුරු අත්හිටවූ බව නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත රණසිංහ මහතා පවසයි. 28 April 2021
‘‘කොරෝනා හමුවේ ශ්‍රී ලංකාව දැඩි අර්බුදයක‘‘ ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතය හමුවේ දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි ද රටපුරා රෝගීන් විශාල වශයෙන් හමුවෙමින් තිබෙන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන්කරයි. 28 April 2021
පොලිසියේ පොත්පත් වැඩවලට සීමිත නිලධාරීහු පිරිසක් දෛනික කටයුතු සම්බන්ධයෙන් පොලිස් තොරතුරු පොත්වල සටහන් තැබීමට සීමිත නිලධාරීන් පිරිසක් යොදවා සිදුකරන ලෙසට පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් ස්ථාන වෙත විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත. 28 April 2021
ප්‍රදේශ රැසකට අදත් වැසි මධ්‍යම, දකුණ, ඌව, උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් අද (28) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 April 2021
නිරෝධායනය කඩ කළ 147ක් අත් අඩංගුවට නිරෝධායන නීති කඩ පුද්ගලයන් 147 දෙනකු ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි . 28 April 2021
කොරෝනා මරණ අටක් වාර්තා වෙයි කොරෝනා ආසාදිත මරණ තව අටක් වාර්තා වාර්තා වන බව සෞඛ්‍ය අංශ කියයි. මුළු මරණ ගණන 655 දක්වා ඉහළ ගියේය. 28 April 2021
දක්ෂිණ අධිවේගයේ කොට්ටාව හුවමාරුවේ පිටවීමේ දොරටු වසයි කොට්ටාව අධිවේගී පිවිසුමේ සේවකයන් තිදෙනකුට කොරෝනා ආසාදනය වීම නිසා එහි පිටවීමේ දොරටුව හෙට පෙරවරු 6.00 සිට වසා තැබීමට කටයුතු යොදා ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 28 April 2021
තලංගම ව්‍යාපාරිකයාගේ ඝාතකයා අල්ලයි තලංගම තලාහේන ප්‍රදේශයේ තරුණ ව්‍යාපාරිකයකු ඝාතනය කර මාතලේ රත්තොට කැලයකදී පුලුස්සා දමන ලදැයි කියන සිද්ධියට අදාළ සැකකරුවකු තලංගම පොලීසිය අද සවස අත්අඩංගුවට ගෙන ඇත. 27 April 2021
චීන ආරක්ෂක ඇමැති දිවයිනට පැමිණෙයි චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වී ෆෙන්ගේ මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා අද මෙරටට පැමිණියේය. 27 April 2021
හරීන්ගේ සුවදුක් බලන්න රනිල් රෝහලට යයි එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රෝහල්ගතව සිටින සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීමට අද රෝහලට ගියේය . 27 April 2021
මවකගෙ සෙනෙහස මෙලෙස ද පුතුනේ හත් හැවිරිදි දරුවකුට අමානුෂික ලෙස පහරදුන් බව කියන මවක සහ මිත්තණියක අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලීසිය කියයි. 27 April 2021
ගම්පහ රෝහලේ කොරොනා වාට්ටු පිරෙයි කොරෝනා රෝගීනට ප්‍රතිකාර කිරීම සඳහා පිහිටවූ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි කොවිඩ් වාට්ටුව සහ වැරැල්ලවත්ත කාන්තා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙහි ඇදන් සියල්ල පිරී පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 27 April 2021
රාජ්‍ය සේවකයන් සතියට දින 3යි:මාසයට දින 8 ක් නිවාඩු රාජ්‍ය ආයතනවල සියලුම නිලධාරීන් සතියකට දින දෙකක් එනම් මසකට දින අටක් සේවයට වාර්තා නොකර සිටීමට ඉඩ දිය හැකි බව සඳහන් කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අද චක්‍රලේඛයක් නිකුත් කළේය. 27 April 2021
‘‘දඹුල්ල වැහුවත් ජනතාවට බලපෑම් එපා‘‘ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමුවද එළවළු හා පලතුරු මිල ඉහළ යෑමට ඉඩ නොදෙන්නැයි කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරුවන්ට අද (27) උපදෙස් දුන්නේය. 27 April 2021
කටානෙන් කොරෝනා ආසාදිතයන් 33ක් කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 33 දෙනකු හඳුනා ගත් බව සෞඛ්‍ය අංශ කියයි. 27 April 2021
අවශ්‍ය තරම් ඖෂධ රෝහල්වල රෝහල්වල ඔක්සිජන් හෝ කෝවිඩ් රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර සේවා වගේ කිසිදු හිඟයක් නැතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. 27 April 2021
නිලමේ තෝරන රැස්වීමත් කල්යයි දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයට බස්නායක නිලමේවරයකු තෝරාපත් කර ගැනීමේ රැස්වීම දින නියමයක් නැතිව කල් දැමූ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පැවසීය. 27 April 2021
හිටපු විවාහක ලෝක රූ රැජිණ කැරොලයින්ගෙන් ඉල්ලීමක් විලාසිතා සහ නිරූපණ ක්ෂේත්රයේ තරග නියාමනයට නීති සම්පාදනය කළ යුතු යැයි හිටපු විවාහක ලෝක රූ රැජිණ කැරොලයින් ඒ. ජූරි මහත්මිය කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යයේ ලේකම්වරයාගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කර තිබේ. 27 April 2021
සුළු රෝගවලට දත් රෝහලට එන්න එපා අවශ්‍යම දන්ත ආබාධයකට හැරෙන්නට වෙනත් සුළු සුළු ගැටළුවලට මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලට පැමිණීමෙන් වළකින්නැයි එම රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඇපා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 27 April 2021
බද්ද ගැසූ සැණින් අල කිලෝව 30කින් නඟී ආනයනික අර්තාපල් මත පනවා ඇති බද්ද රුපියල් 50 දක්වා ඉහළ දැමීමට පියවර ගැනීමත් සමඟ අර්තාපල් කිලෝවක මිල රුපියල් 30 කින් පමණ ඉහළ යාහැකි බව අර්තාපල් ආනයනකරුවෝ පවසති. 27 April 2021
කතළුවට මුහුද ගොඩ ගලයි ගාල්ල - මාතර මහා මාර්ගයේ කොග්ගල හා කතළුව ප්‍රදේශයට මුහුද ගොඩ ගැලීම නිසා වෙරළේ නවතා තිබූ බෝට්ටු මහා මාර්ගයට ගසාගෙන ඇවිත් මහා මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වූ බව පොලිසිය කියයි. 27 April 2021
පොදු තැන්වල දී මුහුණ සම්පූර්ණයෙන් වැසීම තහනම් පොදු ස්ථානවලදී සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කරගෙන සිටීම තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. 27 April 2021
හලාවත සතොස තාවකාලිකව වහයි හලාවත සතොස වෙළදසැලේ සේවකයෙකු කෝවිඩ් 19 රෝගය වැළදි ඇති බව හෙළිවීම නිසා එම වෙළද සැල අද (27) කියයි. 27 April 2021
ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ධූරයට සුදේව ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ධූරයට පත් කර ඇත. 27 April 2021
ආසාදිතයන් වැඩි වුණොත් කරන දේ හමුදාපති කියයි කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වැඩිවුව හොත් රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන රෝහල් බවට පත් කර හෝ සියලූම රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා බව කොවිඞ් පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 27 April 2021
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි 10500ක පොල්ලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විවිධ ආයතනවලින් රුපියල් කෝටි දහ දහස් පන්සියයකට (10500 ) කට වැඩි හිඟ බදු මුදලක් මෙතෙක් අය කර ගෙන නැතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා ) පවසයි . 27 April 2021
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026