දරුවන්ට කොවිඩ් අවදානම වැඩිවේ:දරුවන් අසූවක් ළමා රෝහලේ කොවිඩ් ආසාදනයවීමෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින දරුවන්ගේ සංඛ්‍යාව 80 දක්වා ඉහළ නැග ඇතැයි එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. 01 August 2021
කොළඹ ඇළ මාර්ග ව්‍යාපෘතිය ඇමැති අමරවීරගේ නිරීක්ෂණයට කොළඹ ගංවතුර පාලනය සඳහා කොළඹ මහනගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කොළඹ ශාන්ත සෙබස්තියන් ඇළ මාර්ග දොරටුව හා පොම්පාගාර ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ සාර්ථක සංවර්ධන ව්‍යාපෘතියක් යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 01 August 2021
ගලෙන්බිඳුණුවැව තවත් කොරෝනා පොකුරක් ගලෙන්බිදුනුවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ පහළ දික්වැව ගම්මානයේ පුද්ගලයන් 52කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම නිසා එම ගම්මානය හුදකලා කළ බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීහු පවසති. 01 August 2021
‘‘උද්ඝෝෂණවලට පෙර එන්නත් කරන්න උනන්දු කරමු‘‘ ජනතාව පාරට බස්සමින් උද්ඝෝෂණය කරවීමට වඩා එන්නත්කරණයට උනන්දු කිරීම ජාතික වගකීමක් ලෙස සළකා එකතුවී වැඩ කරමු යැයි විපක්ෂයේ සියලු පක්ෂ වලට ආරාධනා කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. 01 August 2021
ලොව පුරා කොරෝනා රෝගීන් ඉහළ යයි ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය කියා සිටී. 01 August 2021
මුදල් පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කතානායකට හෙට ආන්දෝලනයට තුඩු දී ඇති මුදල් පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායකවරයාට හෙට(2) දැනුම් දීමට නියමිතය. 01 August 2021
‘‘අපි දුන්නු ගෙවල්වලින් මිනිස්සු එලවන්න හදනවා‘‘ යහපාලන රජය යටතේ නිවාස අමාත්‍යංශය මගින් ලබා දුන් නීත්‍යානුකූල නිවාසවලින් ජනතාව එලවන්නට ආණ්ඩුව සැරසෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 01 August 2021
ගුරු අයිතීන් දිනා දෙන්න එජාපයෙත් සහාය ගුරුවරුන්ගේ අයිතීන් දිනා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය පූර්ණ සහයෝගය ලබා ලබාදෙන බව පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. 01 August 2021
ඉතාලි ගුවන් තහනම තවත් සති හතරක් දික් කරයි කොවිඩ් 19 ව්‍යාප්තියත් සමග ඉකුත් අප්‍රියෙල් 29 දා සිට ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කීපයක සිට ඉතාලියට ඇතුල්වීමට තහනම් කරමින් පැනවූ ගුවන් තහනම තවත් සති හතරකින් දීර්ඝ කිරිමට පියවර ගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. 01 August 2021
ආයෝජන කලාපවල සේවකයන්ගේ පැමිණීම ඉහළට කෝවිඩ් එන්නත්කරණය සාර්ථකව සිදුවීමත් සමග ආයෝජන කලාප වල සේවකයන්ගේ ඉහලම පැමිණීම මේ සතියේ වාර්තාවී ඇතැයි ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා කියයි. 01 August 2021
මළගෙදර වලියෙන් තරුණයෙක් මරුට බංගදෙණිය කුමාරකට්ටුව වතු යායක මරණ ගෙදරක දි දෙදෙනකු අතර ඇතිවු ආරාවුලක දි ගල් පහර කා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු අද ( 1දා ) අළුයම මිය ගොස් ඇතැයි හලාවත පොලිසිය කියයි. 01 August 2021
කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමට නව නීති අවුරුදු 30ට වැඩි සියලුම ශ්‍රී ලාංකිකයන් කොවිඩ් එන්නත්කරණයට ලක්වීම අනිවාර්ය කෙරෙන නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී ඇත. 01 August 2021
දුම්රිය සහ මගී බස් සේවා හෙට සිට සෞඛ්‍ය ක්‍රම අනුව ධාවනයට පිට පළාත්වල සිට සහ බස්නාහිර පළාත තුළ දුම්රිය ගමන්වාර 110ක් හෙට දිනය තුළ ක්‍රියාත්මක කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුරන්දර මහතා පවසයි. 01 August 2021
ගම්පහින් ආසාදිතයන් පැය 24ට 1000 පනී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉකුත් 24 පැයේ කොරෝනා ආසාදිතයින් 1242 වාර්තාවන බව බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 01 August 2021
සෞඛ්‍ය කාර්යාලවල ආ පිරිසක් ආපසු යති ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනිම සදහා ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් මහජන සෞඛ්‍ය කාර්යාලය අසලට ආ පිරිසට එන්නත් නොමැතිව ආපසු යාමට සිදූ වූ බව අප වාර්තා කරුවෝ පවසති. 01 August 2021
ශ්‍රී ලංකා - රුසියා ගුවන් ගමන් වසර හයකට පසු නැවත අරඹයි අවුරුදු හයකට පෙර නතරවූ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් ගමන් සේවා අද උදෑසන සිට යළිත් ආරම්භ කරමි, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. 01 August 2021
බියගමින් කොරෝනා පොකුරු කීපයක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොටිිටාසයේ ගෝනවල, කඩවත,හෙයියන්තුඩුව යන ප්‍රදේශවල ඉකුත් 29 දා පැවති විවාහ උත්සව තුනකින් මනාල යුවළ තුන ඇතුළු 35කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් පෙරේරා මහතා පවසයි. 01 August 2021
කකුලට වෙඩි තබා කොල්ලකරුවකු මෙල්ල කරයි කළුතර නගරයේ සතොස ගබඩාවෙන් මුදල් සොරකම් කිරීමට ගිය කොල්ලකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් සැරයන්වරයකුට සැකකරු වීදුරු කටුවකින් කපා පැන යාමට උත්සහ කිරීමේදී පොලිසිය වෙඩි තබා සැකකරු අල්ලා ගත් බව පොලිසිය කියයි. 01 August 2021
වැලිකඩ කාන්තා සිරමැදිරියට ඉහළින් තහනම් පාර්සල් පියාඹයි වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ තාප්පයට ඉහළින් තහනම් බඩු සහිත පාර්සල් හතරක් වැටී ඇති බව බන්ධනාගාර බන්ධනාගාරය පවසයි. 01 August 2021
සෞඛ්‍ය නීති කැඩූ 125ක් අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 125 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 01 August 2021
කඩින් කඩ අදත් වැස්ස සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (1) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 August 2021
සෞඛ්‍ය නීති කියාදුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකට උදලු පහර මුහුණු ආවරණයක් පැළඳ ගන්නැයි අවවාද කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට උදැල්ලකින් ගැසූ බව කියන වාලච්චේන ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 01 August 2021
යකැදුරකුගෙන් 45 කතකට 19 තරුණියකට අපූරු ශාන්ති කර්මයක් හාලිඇල්ල බෝගොඩ ප්‍රදේශයේ නිවසක ශාන්ති කර්මයකට පැමිණ සිටී යකැදුරකු නිවසේ සිටි 45 කාන්තාවකට හා 19 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි . 01 August 2021
අධිවේගයේ වාහනවලින් තෙල් ඇද්ද හතක් මාට්ටු මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල නිරත වාහනවලින් ඉන්ධන සොරා ගත් සංවිධානාත්මක කල්ලියක හත් දෙනකු අන්අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. 01 August 2021
අනතුරක් කළැයි උමාරිය පොලිස් අත්අඩංගුවට ප්‍රසිද්ධ ගායිකාවක වු උමාරියා සිංහවංශ මහත්මිය පැදවූ මෝටර් රථය වැලිකඩ ගුවන් පාලම ආසන්නයේදී අද (31) සවස තිරෝද රථයක ගැටීමෙන් සිදු වූ සිදුවූ අනතුරක් හේතුවෙන් ඇය වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. 31 July 2021
කොවිඩ් මරණ 61ක් කොවිඩ් ආසාදිතවූ තවත් 61 දෙනකු ඊයේ (30) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (31) තහවුරු කළේය. 31 July 2021
ඇස්ට්‍රාසෙනිකා එනනත් කරන තැන් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගත හැකි ස්ථාන සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා විසින් අද නම් කරනු ලැබීය. 31 July 2021
කොරෝනා ආසාදිතයන් 2150ක් වාර්තා වෙයි. කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 2150 දෙනකු අද හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 31 July 2021
‘‘අංගම් පොර සටන් කලාව නීත්‍යානුකූල කරනවා‘‘ තහනමකට ලක් කොට ඇති අංගම්පොර සටන් කලාව කැබිනට් පත්‍රිකාවක් මගින් ඉවත්කොට මෙම වසර තුල ගැසට් කිරීමට පියවර ගන්නා බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. 31 July 2021
කාබනික පොහොර වැඩේට සෝභිත හිමියන්ගෙන් තල්ලුවක් රසායනික පොහොර තහනම් කිරීමට රජය ගත් තීරණය කිසිවිටකත් නැවත හකුලා නොගන්නැයි තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හෙළ බොදු සවිය සංවිධානයේ ප්‍රධාන අනුශාසක ඕමල්පේ සෝභිත නාහිමියෝ පවසති . 31 July 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026