(සුජිත් හේවාජුලිගේ)

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත “ජීනිවා පරාජයේ දෝංකාරය”ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති කාර්යාලයේදී අද (21) පෙරවරුවේ පිරිනමනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට බලපෑම් කිරීමට විවිධ ජාත්‍යන්තර සංවිධාන ගන්නා ලද උත්සාහයන් පිළිබඳ මාධ්‍යවල පළවූ ප්‍රවෘත්ති සහ ජාතික ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේ ක්‍රියාවලියේදී ලද අත්දැකීම් පාදක කරගනිමින් ආනන්ද හිමියන් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන ගුණපාල තිස්සකුට්ටිආරච්චි මහතා විසින් රචිත “දේශපාලනයේ සැඟවුණු කතා” ග්‍රන්ථයද ඒ මහතා විසින් ජනාධිපතිවරයාට මෙහිදී පිළිගන්වනු ලැබීය.

මේ අවස්ථාවට කොළඹ හැව්ලොක් ටවුන් සාම විහාරාධිපති අතපත්තුකන්දේ ආනන්ද හිමියෝද සහභාගිවූහ.