
(විනීතා එම් ගමගේ)
ගෑස් ලිප් පුපුරා යාම් හා ගිනි ගැනීමේ සිද්ධීන්ට මූලික හේතුව ගෑස්වල සංයුතිය වෙනස් කිරීම බව, ගෑස් සිලින්ඩර් ආශ්රිත පුපරා යාම් හා ගිනි ගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමට හා විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ තාක්ෂණ කමිටුව හෙළි කර තිබේ.
ගෑස් සංයුතිය වෙනස් කර ඇත්තේ නිසි නියාමනයකින් තොරව බව ද තමන් කළ විමර්ශනයේ දී හෙළි වී යැයි එම කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොල මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
ගෑස් නිෂ්පාදනය නියාමනය සඳහා මහජන උපයෝගිතා කොමිසම වැනි ආයතනයක් වහාම ප්‍රතිස්ථාපනය විය යුතු බවට ද කමිටුව නිර්දේශ කළ බව මහාචාර්ය වල්පොල මහතා කීය.
ගෑස් සංයුතිය වෙනස් ප්‍රොපේන් හා බියුටේන් මෙන්ම ගෘහස්ත ගෑස් සඳහා භාවිතා කෙරෙන අනෙක් සංයෝග ද වෙන වෙනම ආනයනය කළ විට ඒවා මිශ්‍ර කර ගැනීම සඳහා ලිට්රෝ ගෑස් සමාගමට ස්ථානිය පහසුකම් නැති බවත් ඒවා සකස් කර ගත යුතු බවත් එම විද්වත් කමිටුව නිර්දේශ කර ඇත.
එමෙන්ම රජයේ සමාගම වන ලිට්රෝ ගෑස් සමාගම් පරිශ්‍රය තුළ තත්ත්ව ආරක්ෂණ රසායනාගාරයක් වහා ආරම්භ කළ යුතු බවත් එය කාර්මික තාක්ෂණ ආයතනයේ අධික්ෂණය යටතේ පවත්වාගෙන යායුතු බවටත් තම කමිටුව නිර්දේශ කළ බව ද මහාචාර්ය වල්පොල කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර කිව්වේ ගෑස් වල අවුලක් නෑ ලිප් තමයි අවුල් කියලා. හිටියේ ඒ කමිටුවේම නේද? දැන් මොකද දන්නෑ එයා කියන්නේ.
ඊට නරක ද මේ අපරාධය කළ වුන් හට මරණ දණ්ඩණය හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දුන්නා නම්!
කමිටුව සත්‍ය හෙලි කිරීමට සමත්වීම පිලිබදව පිලිබදව තුති පුදමි. නමුත් පිපිරීම් හා ගිනි ගිනිගැනීම් වලින් වූ ජීවිත, දේපල හානි වලට වන්දි සහ අලාබ ගෙවීමට හා වැරැද්ද කල පුද්ගලයින්ට නීතියෙන් දඩුවම් කිරීමට නිර්දේශ කල බවක් මාධ්‍ය වල නොදුටු නමුත් ඒවාද සිදු කල යුතුම ක්රියාවන්ය.
අපි ඕක දන්නෙ මාස ගානකට ඉස්සර.හෝඩියෙ පන්තියෙ ලමයි පවා ඕක දන්නවා.අපරාදෙ කොමිසමට ගෙවපු සල්ලි.ඕක පොඩි ලමයෙකුට දුන්න නං ඉවරයි.
මේ රටේ නිලධාරිත් නියාමනය හරි හැටි කරන්නෙ නෑ. උගතුන්ගේ උගත්කම තුල හෘද සාක්්ෂිය සහ වගවීම නැහැ. එබැවින් අධ්‍යාපනයෙන් ඉටුවිය යුතු කාර්යභාරය ඉටුවන්නේ නැහැ.
හානි වුවන්ට වන්දි ගෙවීමට මේ නිගමනය හොදටම ප්‍රමානවත්
උඩ එකාගේ ඉඳන් පහලට ඉන්න කාලකන්නි දේශපාලුවෝ මෙච්චරකල් මොකදද කිව්වේ ? ගෑස් වල ප්‍රශ්නයක් නැහැ කියල නෙව ? විරුවපට්ටම්ගේ ඒෆ් බී එකවුන්ට් එක කරන හාල්පාරුවත් ඊයේ දමල තිබුනේ වරද ලිපවල් වල කියල නේද ? දැන් හිටපල්ලා අර මොනවද කාපු රිලව් වගේ !
පක්ෂ පාට බදාගෙන එක රටක මිනිස්සු වෙලත් රණ්ඩු වෙන බැන ගන්න මිනිස්සු ඉන්න රටක් මේක.ඒ මාන්සකිකත්වය නැති වන තාක් කල් මෙම රට දියුණු නොවන අතර දුෂ්ට දේශපාලුවන් රජ කරනවා.දැන්වත් එය තේරුම් අරගෙන බුද්ධියෙන් කටයුතු කරන්න.චන්දය ලං උනාම මෙම දුශිතයෝ ටික අපිට නොදැනීම අපව නැවත රවටනවා.ඒකට අහුවෙන්න එපා.අපේ දුර්වලතාවයක් තියනවා අපි හැමදේම ඉක්මනට අමතක කරනවා.ඒකෙන් දේශපාලුවන් ප්‍රයෝජනය ගන්නවා.චන්දය ලං උනාම අත්‍යවශ්‍ය දේවල් කිහිපයක් මිල අඩු කලාම අපිඅට ,ඒ සියලු දේවල් අමතක වෙනවා.එසේ නොවී මොවුන්ගේ අදුරදර්ශී වැඩ කොමිස් ගැහිලි හොදින් මතක තබා ගෙන එන චන්දයේදී වත් බුද්ධිමත්ව මොවුන්ට පාඩමක් උගන්වමු .
සර් ෆේල් ද.? දැන් සැපද.? කට්ටියම ඇවිල්ල දිස්ලයික් කරගෙන යන්න බලන්න.
මෝ... ඔයාගේ කතාව සහතික ඇත්ත. මේ වගේ මිනිස්සු රවටන ගොන් ආණ්ඩුවක් ලෝකෙත් නැහැ මේ සක්වලෙත් නැහැ. මේ ගෑස් පිපිරීම් රටේ සමස්ත ජනතාවම දන්නවා ගෑස් වල සංයුතිය හොරෙන් වෙනස් කරපු එකෙන් වුන දෙයක් කියල. අද සමස්ත රටේම තවමත් ගෘහනියන් කුස්සි වල ගෑස් පත්තු කරන්නේ මරණ බියෙන්. ගෑස් කොම්පැනියේ සබාපතිලා දෙන්නට කිසිම දඩුවමක් නැහැ. මේක මොනතරම් අපරාදයක්ද?
කීයක් ගෙව්වද දන්නෙ නෑ මාධ්‍ය ඉස්සරහට ඇවිත් බොරු කියන්න..