
(ෂේන් සෙනෙවිරත්න)
මෙවර මහ කන්නය සඳහා රසායනික පොහොර ලබාදීමට හැකියාවක් නැතැයි ද සහනාධාරය දෙනු ලබන්නේ කාබනික පොහොර වගාවන්ට නැඹුරු වූ ගොවීන්ට පමණකැයි ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
හරිත කෘෂිකර්මාන්තය ආරම්භ කරන්නේ වී ගොවිතැන සඳහා යැයි ද පොහොර සහනාධාර දෙනු ලබන්නේ කාබනික කෘෂිකර්මාන්තය සදහා යැයි ද ඇමැතිවරයා කියා සිටියේය.
හරිත කෘෂිකර්මාන්තයට නැඹුරු වන ගොවීන්ට ඊට අවශ්‍ය පහසුකම් දෙනවා.
රසායනික පොහොර මිලදී ගෙන අනෙක් ගෙවීන්ට වගා කටයුතු කළ හැකියි.
සාමාන්‍යයෙන් පොහොර ආනයනය කරන්න මාස 02 ක් වත් කල් යනවා. ඒ නිසා මෙවර මහ කන්නයට රසායනික පොහොර ගෙන්වන්න විදිහක් නෑ. ඊළඟ යල කන්නයට තමයි පොහොර ගෙවන්න වෙන්නේ එළවළුවලට අවශ්‍ය පළිබෝධනාශක තිබෙනවා.
අපි කරන වැඩ සටහනේ හොඳ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ .
මාධ්‍ය මෙහි හොඳ පැත්ත කතා කළේ නැහැ. ඒ ගැන කණගාටු වෙනවා.
රසායනික පොහොර භාවිතය නිසා සිදුවන සෞඛ්‍ය ගැටලු සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිවක් සොයා බලා නැහැ.
වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා හා කළ සාකච්ඡාවකින් පසු ඒ පිළිබඳ නිසි විමර්ශනයක් කිරීම සඳහා කාර්ය සාධක බලකායක් පත් කිරීමට හැකි වුණා . එම කාර්ය සාධක බලකාය මගින් රසායනික පොහොර භාවිතය නිසා ජනතාවගේ සෞඛ්‍යයට සිදුවන හානිය සම්බන්ධව සොයා බැලීමට නියමිතයි .
මහනුවර ගන්නෝරුවේ පැවැති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික පර්යේෂණ සැසිය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන සුනකයෝ පොහොර සෙල්ලම නිසා දැන් ඇනිලා තියන තරම පෙන්නේ නැතුවද මේ උමතු විකාර දොඩවන්නේ ? පුළුවන් නම් ගොවියෝ ඉන්න පැත්තක පාරේ තනියම ගිහින් බලන්න මොකද වෙන්නේ කියල
මහ කන්නයේ අස්වැන්න නෙලීම පෙබරවාරියේ සිදුවෙයි යල කන්නය කුඹුරු වැපිරීම මාර්තු හෝ අප්‍රේල් සිදුවේවි .මහ කන්නයට දැන් පොහොර මොකටද .ඇත්තටම මේ ඇමතිවරයා යල මහ දන්නෙ නැද්ද නියම කාලයේ වගා කලොත් පොහොර අඩුවුනත් තරමක් අස්වැන්න ගන්න පුළුවන් (නියම කාලය කියන්නෙ යල හෝ මහ ආරම්භක වෙලාවෙම වගා කිරීමයි)
අනේ කරුණාකරලා අපට වද නොදී ගෙදර යන්න. අද එළවලු මිල දැක්කද.?
කාබනික යනුවෙන් නිර්වනය කරන්නේ කුමක්ද? කුමන රසායනික පොහොර සංඝටක මිනිස් සිරුරට අහිතකරද? මිනිස් ශරීරය පවා රසායනික ද්‍රව්‍යයන්ගෙන් සෑදී රසායනික ක්‍රියාවලියට යටත් බව දන්නවාද? අප බෙහෙත් යැයි කියමින් ෆාමසි තුල පුරවාගෙන සිටින්නේද රසායනික ද්‍රව්‍ය වේ. අප රටේ වරද සිදුවූවේ නියාමනයෙන් තොරව ජීවීන්ට විස හා අහිතකර බැර ලෝහ ප්‍රමිතියට වඩා වැඩිව අඩංගු රසායනික පොහොර ගෙන්වීමයි. කිසිම ක්ෂෙත්රයක නියාමනය අවම වන්නේ දූෂිත නිලධාරීන් මෙන්ම රජයන් හා සමාගම් අතර ගණුදෙනු බවට අවස්ථා කිහිපයකදී මාධ්‍යයෙන් හෙළිවිණි. එහෙත් කාබනික යන්නේ අර්ථයවත් නොදැන මේ වගේ රටම බඩගින්න කරා දැක්කවීම සහාසික අපරාධයකි.
දැන් ඉතින් ඉතුරුවෙලා තියෙන්නේ මොනවද.
කියන්න වචන නෑ. මාවෝ සේතුං ටත් මේ වගේ වැඩ වලට දොස් කියනවා. ලක්ෂ ගනන් චීනුන් ඔහුගේ වැරදි ප්‍රතිපත්ති නිසා මියගිය බව ඇත්ත. මේ මෝඩ ඇමතියෝ රටේ මෙතරම් අර්බුදයක් නිර්මාණය කර සාර්ථක බව පෙන්වන්න හදනවා. ඔහොම යමු. ලිබියාව වගේ වෙන්න තව කල් තිබෙනවා....
ඔයාල කරන වැඩ සටහනේ හොඳක් තිබුනොත් නේ මාධ්‍ය හෝ ජනතාව කතා කරන්න ඕනේ. අනික මෙයා කියපු එකක් හරි කරලා තියනවද? තමා කෘෂිකර්ම අමාත්‍ය දුරයේ ඉන්න කල්, හාල් ඇටයක්වත් පිට රටින් ගෙන්න දෙන්න නැහැ කියල පම්බෝරි ගහපු මේ මිනිහා, එසේ ගෙනාවොත් තමන් කෘෂිකර්ම අමාත්‍ය ධූරයේ ඉන්නේ නැතිලු. කෝ එහෙම වුනාද?
පක්ෂ පාට බදාගෙන එක රටක මිනිස්සු වෙලත් රණ්ඩු වෙන බැන ගන්න මිනිස්සු ඉන්න රටක් මේක.ඒ මාන්සකිකත්වය නැති වන තාක් කල් මෙම රට දියුණු නොවන අතර දුෂ්ට දේශපාලුවන් රජ කරනවා.දැන්වත් එය තේරුම් අරගෙන බුද්ධියෙන් කටයුතු කරන්න.චන්දය ලං උනාම මෙම දුශිතයෝ ටික අපිට නොදැනීම අපව නැවත රවටනවා.ඒකට අහුවෙන්න එපා.අපේ දුර්වලතාවයක් තියනවා අපි හැමදේම ඉක්මනට අමතක කරනවා.ඒකෙන් දේශපාලුවන් ප්‍රයෝජනය ගන්නවා.චන්දය ලං උනාම අත්‍යවශ්‍ය දේවල් කිහිපයක් මිල අඩු කලාම අපිඅට ,ඒ සියලු දේවල් අමතක වෙනවා.එසේ නොවී මොවුන්ගේ අදුරදර්ශී වැඩ කොමිස් ගැහිලි හොදින් මතක තබා ගෙන එන චන්දයේදී වත් බුද්ධිමත්ව මොවුන්ට පාඩමක් උගන්වමු
මහපොළව තුළ යතාර්ථයක් බවට පරිවර්ථනය කිරීමට අවැසි සංක්රමනික කාලයක් නොමැතිව එක් රැයකින් ලංකා තලය කාබනික කිරීමට හැකි යැයි සිතන මෝඩ අමන ඔළ මොට්ටල වහන්සේලා මේ රටට කරන බේදනීය විනාශයට, මේ මහා අපරාදයට වන්දි ගෙවිය යුතුයි.. ඉංදියාවේ දියර පොහොර වලටයි , චීනයේ පොහොර නැවටයි ගෙවු මුදල් තොපේ පුද්ගලික බූදලයද බොලව්..