(නිමල කොඩිතුවක්කු)

ඉන්ධන මිල ඉහළ  දැමුවත් මේ මොහොතේ ලංගම බස්රථ හෝ දුම්රිය ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ලංකාදීපයට පැවැසීය.

සියයට පහළොවත් විස්සත් අතර ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බවට පුද්ගලික බස් බස් රථ සංගම් ප්‍රකාශ කලත් බස් ගාස්තු ඉහළ දැමීමක් මේ මොහොතේ සිදු කළ නොහැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

බඩු මිල ඉහළ ගොස් ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටියදී හදිසියේම බස් ගාස්තු සංශෝධනයක්  සිදුකළ නොහැකි බවත් ඔහු පැවසීය.

බස් රථ සඳහා සහන ලබාදීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් ඒ අනුව විශේෂ සහන පැකේජයක් ඉදිරියේදී හදුන්වාදෙන බවත් අමුණුගම මහතා වැඩිදුරටත් පැවසීය.