
(මහින්ද නිශ්ශංක)
ආනයන හා අපනයන බහලුම් ප්‍රවාහන ගාස්තු සේවාව සියයට 20කින් වැඩ කිරීමට තීරණය කළ බව එක්සත් ලංකා බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සහන් මංජුල මහතා පවසයි.
ඩීසල්මිල සියයට 10කින් වැඩි කිරීම හා බහලුම් ප්‍රවාහන රථ අමතර කොටස්,ටයර්,බැටරි හා ලිහිසි තෙල්වල මිල සියයට 50කින් වැඩි කිරීම හේතුවෙන් බහලුම ප්‍රවාහන රථ ගාස්තුව වැඩි කිරීමේ තීරණයට එළඹි බව ඒ මහතා කියයි.
බහලුම් ගාස්තු වැඩිවීම හේතුවෙන් ඉදිරියේදී ආනයනික අතශ්‍යවශ්‍ය ආහර සහ ඖෂධ,අනෙකුත් භාණ්ඩවල මිල ඉහළ යා හැකි බව ද ඒ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂ පාට බදාගෙන එක රටක මිනිස්සු වෙලත් රණ්ඩු වෙන බැන ගන්න මිනිස්සු ඉන්න රටක් මේක.ඒ මාන්සකිකත්වය නැති වන තාක් කල් මෙම රට දියුණු නොවන අතර දුෂ්ට දේශපාලුවන් රජ කරනවා.දැන්වත් එය තේරුම් අරගෙන බුද්ධියෙන් කටයුතු කරන්න.චන්දය ලං උනාම මෙම දුශිතයෝ ටික අපිට නොදැනීම අපව නැවත රවටනවා.ඒකට අහුවෙන්න එපා.අපේ දුර්වලතාවයක් තියනවා අපි හැමදේම ඉක්මනට අමතක කරනවා.ඒකෙන් දේශපාලුවන් ප්‍රයෝජනය ගන්නවා.චන්දය ලං උනාම අත්‍යවශ්‍ය දේවල් කිහිපයක් මිල අඩු කලාම අපිඅට ,ඒ සියලු දේවල් අමතක වෙනවා.එසේ නොවී මොවුන්ගේ අදුරදර්ශී වැඩ කොමිස් ගැහිලි හොදින් මතක තබා ගෙන එන චන්දයේදී වත් බුද්ධිමත්ව මොවුන්ට පාඩමක් උගන්වමු