වෛද්‍ය වෘත්තිකයන්ගේ ගැටලු ඇමතිට කියයි
වෛද්‍ය වෘත්තිකයන් කාලයක් තිස්සේ මුහුණ දෙන සැබෑ වෘත්තිය ගැටලු, ජාතික රෝහලේ සේවය කරන වෛද්‍යවරුන්ගේ ගැටලු සහ ජාතික රෝහලේ රෝගී සත්කාර සේවාවන් ඉහළ නැංවීම සඳහා ගත යුතු පියවර පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැනුවත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා පැවසීය.