කංසා අපනයනයට සූදානම්
කංසා අපනයනය සඳහා අවශ්‍ය නීති මැතිසබයට ළඟදීම ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තුවන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍යය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවැසීය.