(විමුක්ති එස් රුද්‍රිගු)
සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීම සඳහා රුපියල් මිලියන 60 ක මුදලක් ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ යුරෝපා සංගමයේ මෙරට නියෝජිත කණ්ඩායම එක්ව තීරණය කර ඇත.
මිලියන 60 මුදල තෝරාගත් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 60 දෙනකු වෙත රුපියල් මිලියනය බැගින් ඉදිරි මාස දෙකක කාලය තුළ බෙදා දීමට නියමිතය. සංචාරකයන් නැවත පැමිණීම ආරම්භ වන විට කොවිඩ් ආරක්‍ෂිත පරිසරයක් තුළ තමන්ගේ ව්‍යාපාරය වර්ධනය වෙනුවෙන් ශක්තිමත් පදනමක් සකසා ගැනීමට උපකාර කිරීම මෙම ප්‍රදානයේ අරමුණ වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චෙයිබි මහතා පළමු ප්‍රදානය සිදුකිරීමේ අවස්ථාවට එක්වෙමින් “වසංගත තත්වය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට ලක්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ සුළු පරිමාණ ව්‍යවසායකයන් වෙත මූල්‍ය ප්‍රදානයන් ඇතුලු විවිධ ආකාරයේ සහයෝගය අත්‍යවශ්‍යයි .
විශේෂයෙන් රට තුළ පවතින වත්මන් අභියෝගාත්මක තත්ත්වය හා රුසියානු-යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් දේශීය සංචාරක ව්‍යාපාරය තවදුරටත් අර්බුදයකට ලක් වී තිබෙනවා.ඒ නිසා ඔවුන්ගේ ව්‍යාපාර කෙටි කාලයක් තුළ යළි ස්ථාපිත කිරීම වෙනුවෙන් මෙන්ම ඉදිරි සාර්ථකත්වය වෙනුවෙන් ශක්තිමත් පදනමක් ගොඩනැගීමට වැඩසටහන් රැසක් දියත් කිරීම සඳහා අපි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ එක්ව කටයුතුකරනවා”යැයි පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයනට අත දෙයි