IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගය ආණ්ඩුවට එරෙහිව බාරදුන් විශ්වාසභංග යෝජනාව  පාර්ලිමේන්තුවේ  අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.

මෙම න්‍යාය පුස්තකය නිකුත් කර ඇත්තේ  පසුගිය 6 වැනිදා සිකුරාදා දාතමින් යුතුවය.

පාර්ලිමේන්තු  ස්ථාවර නියෝගවල දැක්වෙන අන්දමට ඕනෑම විශ්වාසභංගයක් විවාදයට ගැනීමට දින තීරණය කිරීමට පෙර එය  න්‍යාය පුස්තකයේ දින පහක් තිබිය යුතුවේ.

ආණ්ඩුවට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව සමගි ජන  බලවේගය පක්ෂය විසින් කතානායකවරයාට පසුගියදා  බාරගනු ලැබීය.

එම යෝජනාවට අත්සන් තබා ඇති එම පක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 44 කි.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සාමූහික වගකීම සහ උත්තරදීම පැහැර හැරීම, පාර්ලිමේන්තුව සතු මුදල් බලය අන්තනෝමතිකව පවරා ගැනීමට කටයුතු කිරීම, රාජ්‍ය මූල්‍ය තත්වය පිළිබඳව පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීම පැහැර හැරීම  සහ  ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධන වේගය සහිත රට බවට පත් කර රට බංකොලොත්භාවයට පත් කිරීම ,  රටේ ආහාර සුරක්ෂිතතාව නැති කිරීම ඇතුළු කරුණු ගණනාවක් පදනම් කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්  කරනු ලැබ ඇත.



අදහස් (1)

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට

sharm warn Monday, 09 May 2022 02:23 PM

මේ මිනීමරුවන් සිරගත කරන්නට පාර්ලිමේන්තුව කටයුතු නොකරන්නේ නම්... මන්ත්‍රීවරුනි, රාජපක්ෂවරුන්ගේ රෙද්ද අස්සේම හැංගියල්ලා. ගමට යන්න හිතන්න එපා.

:       1       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 131 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 591 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1017 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site