
(ඩයනා උදයංගනී)
පොදුජන යහපත වෙනුවෙන් තීරණයක් ගන්නවා නම් ඒ වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයකට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
ජනාධිපතිවරයාට බාධාවකින් තොරව තීන්දුවකට එළඹිය හැකි බව කී රාජපක්‍ෂ මහතා 69 ලක්‍ෂයක ජනතාවගේ අභිලාශය පාවා දෙන්නට කාටවත් අයිතියක් නැතැයි ද සඳහන් කළේය.
දේශපාලන අභිලාශයන් වෙනුවෙන් රට අරාජික කිරීමට තමාට අවශ්‍යතාවයක් නැතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ තමාට සහය පළ කරමින් අරලියගහ මන්දිරයට අද (9) පැමිණි ජනතාව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.
දෙකඩවීමට ගිය මාතෘභූමිය රැකදෙන්නට ලැබීම තම දේශපාලන ජීවිතයේ හොඳම සිහිවටනය බව ද අග්‍රාමාත්‍යවරයා කීවේය.
අභියෝග හමුවේ පලායාමේ සිරිතක් තමන්ට නැතැයි කී මහින්ද රාජපක්‍ෂ මහතා තමන් දේශපාලනයට ගෙනආවේ ජනතාව තැබූ විශ්වාසය බවත්, ජනතාවත් සමඟ එක් තීරණයකට පැමිණීමට තමන් සූදානම් බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුහකයන් තුළ කෙසේවෙතත් පොදුජන හද තුළ ඔබ සදා වැජඹෙනු ඇත්තේ ත්‍රස්තවාදයෙන් මවුබිම බේරාගත් විරුවකු ලෙසයි. එසේම සංවර්ධනයේ අරුණලු රටට කැන්දූ පුද්ගලයා ලෙසටයි. 1977 දී මෙන්ම 2015 දී ද මේ රටේ මිනිස්සු වරද්දා නොගත්තා නම් වර්තමාන වින්නැහිය ඇති නොවන බවත් කිව යුතුයි.
දෙකඩවීමට ගිය මාතෘභූමිය රැකදෙන්නට ලැබීම තම දේශපාලන ජීවිතයේ හොඳම සිහිවටනය වගේම, යුද හමුදා මුලස්ථානය චීනාට සින්නක්කර ලියලා දුන්නු සහ ඇමරිකානු ඩොලර් සමාගමට පැලවත්ත, සෝමාවතිය, උල්හිටිය ප්‍රදේශවල අක්කර දහස් ගණන් සින්නක්කර ලියලා දුන්නු සාපයත් ඔයාට හිමිවිය යුතුයි. තවද යුගදනව් බලාගාරයත් ඇමරිකාවට දෙන්න අනුමැතිය දුන් ඇමැති මණ්ඩලයේ ප්‍රධානියාත් ඔයා තමයි. ඕවාත් සිහිවටන තමයි.
මැක්ස් කියන හැටියට අපි කුහකයෝ.. මොකද අපේ සල්ලි හොරාකාපු එක සහ රටේ මහජන මුදල් මංකොල්ල කාලා රට විනාශ කරපු එකට අපි ඔක්කොම කුහක වෙලා ඉන්නේ. අනේ මහින්ද! වෙන මුකුත් පරිත්‍යාග එපා... හොරා කාපු සල්ලි දීලා යන මගුලක යන්න.
ආහාර නොමැතිව මියයන ඔබේ මිනිසුන් ගැන සිතන්න. ඔබ ඔබේ පක්ෂග්‍රාහී බව පෙන්වීමට පෙර ඔබේ රටේ වත්මන් කාලකණ්ණි තත්ත්වය දැක ගත යුතුය.
දැන්වත් පවු නොදී යන්න. ඇත්තම විහිළුවක් වෙන්න එප තවත්...
දැන් ලක්ෂ 69 විතරක් නෙවෙයි, මුළු රටේම ජනතාව කියන්නේ යන්න කියලයි. දැන්වත් යන්න කූඩැල්ලෙක් වගේ එල්ලීගෙන ඉන්නේ නැතුව...
රට ලේ විලක් නොකර යන්න...
මැරෙන තුරු රජෙක් වගේ වැඳුම් පිඳුම් ගන්න තිබිච්ච අවස්ථාව හොරකම සහ බලය අවභාවිතාව නිසා නැතිකර ගත්තා. මගේ ඩොලර් මිලියන 300 ත් සාක්කුවේ දාගත්තා.
රටට මෙච්චර වෙලත් කියන කතා... පුතයි, ලේලියි සිංගප්පූරු යැව්වේ ඒ නිසා වෙන්නැති...
ඔයාගෙන් ඇති යහපතක් නෑ... යන තැනකට යන්න.
ජයරත්න මල්ශාලාවට එන්න කියන්න දැන් රට්ටු ශාප කරනවා කියලා...
ඒක වෙන්න ඇති දාමරිකයෝ ගෙන්වාගෙන දරුවන්ගේ අරගලයට පහර දුන්නේ. සංවේදී හදවත් ඇති වැඩිහිටියෙකුට කරන්න පුළුවන් වැඩක්ද මේ...?
කරුණාකර ගෙදර යන්න. ගඩාෆි ක්‍රමයේ සමුගැනීමක්... ඔබට අවශ්‍ය නම් අපි දෙන්නා සූදානම්...!
හොරා කාපුවා දෙන්න..