කැලණිය උප කුලපති, ලේඛකාධිකාරී චෝදනාවලින් නිදහස් ශ්‍රී ලංකා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිෂන් සභාවෙන් තොරතුරු ඉල්ලා කළ නියෝගයක් කඩ කළැයි චෝදනා ලැබ සිටි කැලණීය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිලන්ති ඩි සිල්වා මහත්මිය සහ එම විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී කේ. කේ. ධර්මතිලක මහතා එම චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (09) නියෝග කළේය. 09 November 2023
ගමානාත්තයක් නොදැන රටින් පනින්න ආ යුවළ දැලේ ස්ථිර ගමනාන්තයක් නොදැන තැරැව්කරුවෙකුගේ උපදෙස් මත ශ්‍රී ලංකාවෙන් පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි යාපනය ප්‍රදේශයේ තරුණයෙකු සහ තරුණියක අද( 09 ) ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 09 November 2023
යාපනයේ ගම් දෙකක් ගහගෙන 23ක් රිමාන්ඩ් යාපනය කෝපායි පොලිස් වසමේ මත්ති ප්‍රදේශයේ ගම්වාසීන් දෙපිරිසක් අතර වූ ගැටුමකින් අත්අඩංගුවටගත් කාන්තාවන් තිදෙදෙනෙකු ඇතුලු 23 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට යාපනය මහෙස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජා මහතා නියෝග කළේය. 09 November 2023
ගුරෝ දෙන්නා ගුරු පොත පැත්තකින් තබා ගංජා සුරුට්ටු ඇදලා වැලිමඩ පාසලක පාසල් සංගීත කාමරය තුළ ගංජා සුරුට්ටු උරමින් සිටියේ යැයි කියන ගුරුවරුන් දෙදෙනකු අත් අඩංගුවටගත් බව වැලිමඩ පොලිසිය පවසයි. 09 November 2023
රොබෝ ප්‍රහාරයෙන් සේවකයෙක් මරුට දකුණු කොරියාවේ සමාගමක සේවකයකු එම සමාගමේ රොබෝ යන්ත්‍රයක පහර කෑමට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්විය. 09 November 2023
’’බැංකුවෙන් සල්ලි ගන්න ගියේ නිත්‍යානූකූල වැඩවලට’’ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඩොලර් මිලියන 2 ක මුදලක් එහි ගිණුමකින් ලබාගෙන වෙනත් පාර්ශවයක ගිණුමකට මාරු කිරීමට සූදානම් වූ බවට ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිළිබඳව වෙනත් ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමට කළ ප්‍රකාශයක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 09 November 2023
ඛෙත්තාරාම ක්‍රීඩා පිටියේ අභිරහස් කලාපයක් කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේ ඉන්දීය ක්‍රීඩකයන්ගේ පුහුණු කටයුතු සඳහා පමණක් වෙන්වූ වෙනම කලාපයක් ඇති බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 09 November 2023
නුවරඑළිය තැපැල් ගොඩනැගිල්ල බේරා ගන්න මහ සෙනඟක් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංචාරක හෝටලයක් සඳහා ඉන්දීය සමාගමකට ලබාදීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රී ලංකාව පුරා සැම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් පැමිණි පාර්ශව රැසක් නුවරඑළියේදී අද දැවැන්ත උද්ඝෝෂණයක නිරතවූහ. 09 November 2023
බන්ධනාගාරයට දුම්කොළ ගෙනියන්න හැදු නියාමක මාට්ටු වැලිකඩ බන්ධනාගාරයේ තුළට යට ඇඳුමේ සඟවාගෙන දුම්කොළ රැගෙන යාමට උත්සාහ දැරූ නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන භාරදුන් බව බොරැල්ල පොලිසිය කියයි. 09 November 2023
නවසීලන්තය පන්දු යැවීම තෝරාගනී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 41 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය ලැබූ නවසීලන්ත පිලේ නායක කේන් විලියම්සන් පළමුව පන්දු යැවීමට කළේය. 09 November 2023
රටේ තත්ත්වයත් ක්‍රිකට්වල තත්ත්වයත් දෙකම එකක් ශ්‍රී ලංකා ක්‍රිකට් වල තත්වයත් රටේ තත්ත්වයත් දෙකම එකක් බව දෙමළ ජාතික සංධානයේ මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 09 November 2023
ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ ඇතිවූයේ අද ඊයේ නොවේ ක්‍රිකට් වගේම අද රටේ හොරකම නැති තැනක් සොයා ගැනීම අමාරු යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය. 09 November 2023
ක්‍රිකට් වලට එකතු වුණා වගේ ජාතික ප්‍රශ්න වලදීත් එකතු වෙමු ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් එකතුවුණා වගේ රටට බලපාන ජාතික ප්‍රශ්න වලදීත් පාර්ලිමේන්තුවම එකතු වී කටයුතු කළ යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 09 November 2023
තල් අරක්කුවලට කැනඩාව වහ වැටෙයි තල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් මෙම වර්ෂයේ රුපියල් මිලියන 78ක ආදායමක් ඇතැයි තල් සංවර්ධන මණ්ඩලය පවසයි. 09 November 2023
කැබිනට් අනු කමිටුව ඇමතිට සහය දෙන්න සූදානම් ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනස්වීම් සම්බන්ධයෙන් අදහස් ලබා ගෙන යෝජනා ඉදිරිපත් කරමින් ක්‍රීඩා ඇමැති වරයාට සහාය දීමට කැබිනට් අනු කමිටුව සූදානම් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 09 November 2023
පාරේ ඇඳ වැටුණු සිසුවා මරුට පාසල් යෑමට නිවසින් පිටවූ කොබවක ගෝවින්නේ දොලොස් හැවිරිදි පාසල් සිසුවෙකු අද (9) උදෑසන නිවස අසල මාර්ගයේ ඇද වැටී මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි. 09 November 2023
’’ක්‍රිකට් බෝඩ් එක’’ජන මතයට ඇහුම්කන් දිය යුතුයි’ ’’ක්‍රිකට් බෝඩ් එක’’හරි වුනත් වැරදි වුනත් ජන මතය යන්න කියනවා නම් ඔවුන් යා යුතුයැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (9) පැවසීය. 09 November 2023
තරුණ පාර්ලිමේන්තුව පැරණි පාර්ලිමේන්තුවේ රැස්වෙයි ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කළ පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ පැවැත්විණි. 09 November 2023
විජේදාසගේ පුතා කමිටුවට පත් කළේ ඇයි? ක්‍රිකට් අතුරු කමිටුව පත් කරපු එක හොඳ නමුත් එම කමිටුවට පත් කරපු අය ගැන සැකයක් තිබෙන බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 November 2023
සජිත් ක්‍රිකට් ලොක්කන් පතුරු ගහයි ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන් අද සිටින්නේ ජනාධිපතිට අධිකරණයට සහ පාර්ලිමේන්තුවට වඩා ඉහළින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද(9) පැවසීය. 09 November 2023
අම්පාර කොහු කම්හලක විශාල ගින්නක් අම්පාර නවගම්පුර ප්‍රදේශයේ විශාල කොහු කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්න පාලනය කිරීමට ගුවන් හමුදාව සහ අම්පාර ගිනි නිවන ඒකකයේ කණ්ඩායම් දැඩි වෙහෙසක් ගනිති. 09 November 2023
මැතිසබේ ඊයේ පුපුරලා ගියේ අළු යට තිබූ ගිනි පුපුරක් මැතිසබයේ ඊයේ පුපුරා ගියේ නීතිඥ ප්‍රජාව සහ නීති ක්ෂේත්රය තුළ අලු යට ගිනි පුපුරක් සේ දැල්වෙමින් තිබූ දෙයක් බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය. 09 November 2023
සොරකමේ ගිය හිටපු එස් ටී එෆ් සෙබළා මාට්ටු කොට්ටාව සහ මාලබේ පොලිස් පොලිස් වසම් වල නිවාස දෙකක් බිද රුපියල් ලක්ෂ පහළොවකට අධික වටිනාකමින් යුත් මැණික් ගල් හා රන් භාණ්ඩ ඇතුළු දේපල තොගයක් සොරාගත් හිටපු විශේෂ කාර්ය බලකා සෙබලෙකු අද (09) දා අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි. 09 November 2023
විවාදය යද්දී ක්‍රිකට් ලොක්කෝ සල්ලි ගන්න උත්සහයක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානින් විවාදය යන අතරේදී ලංකා බැංකුවේ නිදහස් චතුරස්‍ර ශාඛාවේ ක්‍රිකට් ආයතන ගිණුමෙන් ඩොලර් මිලියන දෙකක් නිදහස් කර ගැනීමට උත්සාහ දරා ඇති බව තමාට දැනගන්නට ඇතැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (9) පැවසීය. 09 November 2023
ගුවන් ප්‍රහාරවලින් ගාසා වැසියෝ 10,500 ක් මරුට ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මියගිය පලස්තීනුවන් ගණන මේ වනවිට 10,500 පසු කර තිබේ. තවමත් හමාස් ග්‍රහණයේ ඊශ්‍රායල සිවිල් වැසියන් 239 දෙනකු ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටින බව ද වාර්තා වේ. 09 November 2023
වායු දූෂණය මඩින්න නවදිල්ලියට කෘත්‍රිම වැසි නවදිල්ල අගනුවර වාතය පිරිසුදු කිරීමේ අරමුණින්, ලබන 20 සහ 21 යන දිනවල නවදිල්ලි අගනුවරට කෘත්‍රිම වැසි ඇද හැලමට සැලැස්වීමට දිල්ලි ප්‍රාන්ත රජය සූදානම් වෙයි. 09 November 2023
‘ජී7’ විදෙස් ඇමැති හමුව ජපානයේ ‘ජී7’ රටවල විදේශ ඇමැති හමුව, ජපානයේ ටෝකියෝ අගනුවර පැවැත්විණි. ටෝකියෝ අගනුවරට රැස්වුණු ‘ජී7’ විදේශ ඇමැතිවරුන් ප්‍රධාන වශයෙන් සාකච්ඡා ප්‍රධාන වශයෙන් සාකච්ඡා පැවැත්වූයේ ඊශ්‍රායල හමාස් යුද ගැටුම් සම්බන්ධයෙනි. 09 November 2023
ඇහැලේපොළ වලව්ව මාලිගාවට එපා නම් ආයෝජනයකට මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ පිහිටි ඓතිහාසික ඇහැළේපොළ වලව්ව දළදා මාළිගාව බාර නොගන්නේනම් එය ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීම සඳහා ඇමති මණ්ඩල අනුමැතිය ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් සකසන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. 09 November 2023
ඉරාන ආයුධ ගබඩාවකට ඇමෙරිකන් හමුදා ප්‍රහාර නැගෙනහිර සිරියාවේ ඉරාන හමුදාවට අයත් ආයුධ ගබඩාවක් විනාශ කළ බව ඇමෙරිකාව පවසයි. ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඞ් ඔස්ටින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ, ඇමෙරිකන් ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා එම ආයුධ ගබඩාව ඉලක්ක කර ගනිමින් පහර දීම කළ බවය. 09 November 2023
සුජිත් යටවර බණ්ඩාරගේ දේහය ශ්‍රී ලංකාවට ඊශ්‍රායල - හමාස් ගැටුමෙන් මිය ගිය දෙවන ශ්‍රී ලාංකිකයා වන සුජිත් යටවර බණ්ඩාර මහතාගේ දේහය අද (09 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත රැගෙන ආවේය . 09 November 2023
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026