දුම්රියේ ගැටී මවත් දියණියත් පුත්රයාත් මරුට
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට පුත්තලම බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ආරච්චිකට්ටුව සහ ආනවිලුන්දාව උප දුම්රිය ස්ථාන අතර මහයියාව හරස් මාර්ගයේදී යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් එකම පවුලේ මව, දියණිය සහ පුත්රයා යන තිදෙනා එම ස්ථානයේදීම අද (19) මරණයට පත්වූහ.