IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න

(අංජුල මහික වීරරත්න)

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල් තුනක් හා පානීය ජලය ද අවශ්‍යතාව පරිදි නිසි වේලාවට සැපයීමට කටයුතු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් මගින් ආපදා සහන සේවා නිලධාරී වෙත දැනුම් දී තිබේ.

සියලු කටයුතු විනිවිද භාවයෙන් සිදු කරන ලෙසත් වියදම් වලට අදාල මිලදී ගැනීම් හා එහි ප්‍රතිලාභී නාමලේඛන නිවැරදි බවට තහවරු කරගැනීමට අධීක්ෂණ ක්‍රම වේදයක් සකස්කර භාවිතා කරන ලෙසත් ජාතික සහන සේවා මධ්‍යස්ථානය වැඩි දුරටත් දැනුම් දී ඇත.

පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට ආපදා සහන සේවා නිලධාරීන් කරනු ලබන කාර්යය අගය කරන අතර එම කටයුතු, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් නිකුත් කර ඇති 01/2020 චක්‍රලේඛය හා එයට අදාලව නිකුත් කර ඇති සංශෝධන අනුව කටයුතු කරන ලෙස දන්වා සිටින්නේ යැයිද ආපදා කළමනා කරණ අංශ අතිරේක ලේකම් (පාලන) කේ.ජී. ධර්මතිලක මහතාගේ අත්සනින් නිකුත් කර ඇති අදාල දැනුම් දීමෙහි වැඩිදුරටත් සඳහන්ය.

 



අදහස් (0)

ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site