IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට

(සනත් ගමගේ)

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක  බහලුම් ප්‍රවාහනය කරන රථයකින්  වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා  මියගොස් ඇති බව හුංගම පොලිසිය කියයි.

අළුතික් ඉඳිකිරිම් කටයුතු සිදුකරන හෝටල් වැඩ බිම වෙත බහලුම් ප්‍රවාහනය කරන රථය පැමිණ  ඇති අතර එහි ඇතුලත තිබූ මීටර් 3 උස මීටර් 2 ක් පමණ පළල අඟල් භාගයක් තරම් ඝණකම ඇති වීදුරු හතක් බිමට බෑමේ කටයුතු වල නියැලි සිටි පුද්ගලයෙකුගේ ඇඟ මතට එවැනි විදුරු හතක් එක්වරම කඩා  වැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි.

වීදුරු තොගය කඩා වැටීමෙන් බරපතල තුවාල ලත් කම්කරුවා තංගල්ල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසුව මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ හුංගම නිදහස්ගම බටහිර පදිංචි 45 හැවිරිදි ගාල්ල හේවා‍ගේ ආරියදාස යන අය බව හුංගම පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්දයෙන් හුංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ  සිදු කරති.



අදහස් (0)

වීදුරු ගොඩට යටවී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 67 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site