
(සිතුම් චතුරංග)
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්චන්ද්‍ර මහතා පැවසීය.
වන්නි මැතිවරණ කොට්ඨාසය වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 27 ක් වශයෙන් නාමයෝජනා පත්‍ර 51 ක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කළ අතර ඉන් පිළිගත් දේශපාලන පක්ෂ දෙකක් හා ස්වාධීන කණ්ඩායම් දෙකක නාමයෝජනා පත්‍ර ප්‍රතික්ශේප වී ඇති බවයි.
පිළිගත් දේශපාලන පක්ෂ අතුරින් අපේ ජන බල පක්ෂය හා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය යන පක්ෂයන්ගේ නාමයෝජනා පත්‍ර මෙන්ම ස්වාධීන කණ්ඩායම් දෙකක නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී ඇති බවද දිස්ත්‍රික් තේරිම්භාර නිළධාරිවරයා සඳහන් කළේය.
වවුනියාව, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්ක වලින් සමන්විත වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය සඳහා අපේක්ෂකයන් 423 දෙනකු තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැති බවත් වන්නි මැතිවරණ කොට්ඨාශ තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්චන්ද්‍ර මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වන්නියට කණ්ඩායම් 47ක්