හමුදාපතිට අපහස කළැයි පුද්ගලයකුට තහනම් ආඥාවක්
යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් අසත්‍ය ,ද්වේශ සහගත හා අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝ හා ප්‍රකාශ නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම,බෙදා හැරීම වළක්වමින් සමාජ ජාලා මාධ්‍ය ක්‍රියාකාරිකයකුට හා එම යු ටියුබ් නාලිකාවට එරෙහිව කොන්දේසි සහිත තහනම් ආඥාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(15) නිකුත් කළේය.