වඳුරු උණ ප්‍රභේදය ආසියාවටත් පැතිරේ අප්‍රිකා කලාපීය රටවලින් පළමු වරට හඳුනා ගත්, ඉතා වේගයෙන් ව්‍යාප්තවීමේ හැකියාවක් ද ඇති, ‘එම් පොක්ස්’ හෙවත් ‘වඳුරු උණ’ වයිරසයේ නව ප්‍රභේදය, තායිලන්තයට ව්‍යාප්ත වී ඇත. 23 August 2024
තලතා ලිවුම නොදී ගෙදර ගිහින් සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ තලතා අතු කෝරළ මහත්මිය ඉල්ලා අස්වන බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළද ඒ බව කතානායකවරයාට ඊයෙ වන විටත් නිල වශයෙන් දැනුම් නොදීම හේතුවෙන් මීළඟ මන්ත්‍රීවරයා පත්කිරීම ගැටලුවක්වී ඇත. 23 August 2024
ජනපති අපේක්ෂක හෘදයාබාධයකින් මියයයි මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටි මොහොමඩ් ඉල්ලියාස් මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් පුත්තලම රෝහලේදී ඊයේ (22) රාත්‍රී මියගියේය. 23 August 2024
බෙන්තර ගඟේ බෝට්ටු දෙකක් ගැටේ බෙන්තර ගගේ සංචාරක බෝට්ටු දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්ව ඇති බව අලුත්ගම පොලිසිය පවසයි . 22 August 2024
පෑලියගොඩ මාලු වෙළඳසැලේ අයිස් සැපයුම්කරු ගැන පැමිණිල්ලක් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණයට කැට අයිස් සැපයීමේ ටෙන්ඩරය ගත් සමාගම ව්‍යාජ ආයතනයක නමක් ඉදිරිපත් කරමින් එම ටෙන්ඩරය ලබාගෙන ඇතැයි ධීවර අමාත්‍යංශයේ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ මහතාට පැමිණිල්ලක් ලැබී ඇතැයි එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 22 August 2024
සිංහල වෙදා ඉංග්‍රීසි බෙහෙත් දීලා නීති විරෝධී ලෙස පවත්වා ගෙන ගිය බටහිර වෛද්‍ය මධ්‍යස්ථානයක් පරීක්ෂාවකට ලක් කර එම වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණෙන රෝගී ජනතාවට බටහිර වෛද්‍ය විද්‍යාවට අයත් ඖෂධ ලබා දෙමින් ප්‍රතිකාර කරමින් සිටි ආයුර්වේද වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා ඔයාමඩුව පොලිසිය පවසයි. 22 August 2024
පුංචි ඡන්දය තියන්න බැරි වුණ හේතුව ජනපති පවසයි පළාත් පාලන මැතිවරණය කල් දැමීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව කියූවද එම මැතිවරණය පැවැත්වීමට නොහැකි වූයේ ජනතාවගේ ජිවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් එම කාලය කැප කිරීම නිසා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 22 August 2024
රුවන් ඇමරිකා තානාපතිනී හමු වෙයි දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන, ඇමරිකා තානාපතිනි ජුලි චන්ග් සහ සාගර හා ජාත්‍යන්තර පාරිසරික හා විද්‍යාත්මක කටයුතු කාර්යාංශයේ වැඩබලන සහකාර ලේකම් ජෙනිෆර් ලිට්ල්ජෝන් යන මහත්ම මහත්මීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. 22 August 2024
මන්කිපොක්ස් ගැන සෞඛ්‍යසේවා ආයතනවලට චක්‍ර ලේඛයක් ගුවන්තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි එම්පොක්ස් හෙවත් මන්කිපොක්ස් රෝගීන් හඳුනා ගැනීම සඳහා මුළු රටම ආවරණය වන පරිදි ආවේක්ශණ පද්ධතිය වඩා ශක්තිමත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 22 August 2024
සමසෞඛ්‍ය උපාධිධාරීහු කොළඹ විරෝධතාවයේ සම සෞඛ්‍ය උපාධිධාරින් වහාම රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙස බලකරමින් සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන්ගේ එකමුතුව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අද (22) පස්වරුවේ විරෝධතාවක් පැවැත්විය. 22 August 2024
නන්දලාල් ලොව හොඳම මහ බැංකු අධිපතිවරුන් අතරට ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම ලැබූ මහ බැංකු අධිපතිවරුන් අතරට තේරී පත්වීමට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමත්ව ඇත. 22 August 2024
මල් වෙළෙන්දාට පිහියෙන් ඇනලා අනුරාධපුර රථ ගාලකදී මල් වෙලදාමේ නිරත 33 හැවිරිදි පුද්ගලයෙකුට පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකළ මල් වෙලෙන්දෙකු අද (22) දින අත්අඩංගුවට ගත්බව උඩමළුව පොලිසිය කියයි. 22 August 2024
මාළු පෙට්ටියෙන් කේරළ ගංජා මතුවෙයි මූලතිව් සහ මන්නාරමෙන් මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් අධි ශීතකරන සවි කරන ලද ලොරියකින් මාළු රහිත සෘජුපෝම් පෙට්ටියක් තුළ සඟවා රුපියල් ලක්ෂ 32 කට ආසන්න වටිනා කේරල ගංජා තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ මෝදර රජමල් වත්ත මාතෘ නිවාසය අසලදී අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 22 August 2024
අයි.එම්.එෆ් ගිවිසුම යළි සාකච්ඡා කළොත් ආර්ථිකය වැටෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ඇතිකරගෙන තිබෙන ගිවිසුම සම්බන්ධව නැවත සාකච්ඡා කිරීමට සූදානම් බව ඇතැම් ජනාධිපති අපේක්ෂකයන් වේදිකාවල පැවසුවද එවැන්නක් සිදු කිරීමට යාමෙන් වන්නේ රටට ලැබීමට තිබෙන මුදල් අහිමිව නැවත රටේ ආර්ථිකය කඩා වැටීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 22 August 2024
හබරණ තුන් නිවුන් දරුවන්ට නව නිවහනක් හබරණ පුවක්පිටිය ප්‍රදේශයේ ගහක පැලක් මතක් දිවි ගෙවූ තුන් නිවුන් දරුවන් බිහිකළ මවට නව නිවසක් තනා භාර දීම අද (23 ) සිදු කෙරිණි. 22 August 2024
වරාය-ගුවන්තොටුපොළ බදු නියෝග පාර්ලිමේන්තුවට වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනතේ විධිවිධාන පරිදි නිකුත් කරනු ලැබ ඇති නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 22 August 2024
පොලිස් අණට අකීකරු වූ ට්‍රැක්ටරයට වෙඩි ඉරණමඩු ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පොලිස් අණ නොතකා ධාවනය කිරීමේදී වෙඩි තබා ට්රැක්ටරය නවත්වා රියැදුරු ඇතුළු දෙදෙනකු ඊයේ (21) අත්අඩංගුවට ගත් බව රාමනාදපුරම් පොලිසිය පවසයි. 22 August 2024
රියදුරුගේ දස්කමින් 75කගේ දිවි බේරෙයි බදුල්ල ලංගම ඩිපෝවේ බසයක් ස්ප්‍රීන්වැලි මාර්යේ ධාවනය වෙමින් තිබියදි පිටුපස රෝදයක් ගැලවී විසිවී යාමෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් නූලෙන් වළක්වා ගැනීමට රියදුරා සමත්ව ඇතැයි පොලීසිය කියයි. 22 August 2024
පුංචි ඡන්දේ ඉක්මන් කරන්නැයි නියෝගයක් පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන්නැයි මැතිවරණ කොමිසමට නියම කළේය. 22 August 2024
කෘත්‍රිම බුද්ධි ශිෂ්‍ය සමාජ පාසල් සීයකට ’’කෘත්‍රිම බුද්ධිය ආශ්රිත ශිෂ්‍ය සමාජ ’’ අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 August 2024
ළමා නිවාසයෙන් අතුරුදන්වූ සිව්දෙනා අලව්වෙන් හමුවෙයි වැල්ලවාය ඇල්ල ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයකින් පසුගියදා අතුරුදන් වූ පිරිමි ළමයි සිව්දෙනා අලව්ව ප්‍රදේශයේ එක් ළමයෙකුගේ නිවසක සිටියදී අද(22) උදෑසන අලව්ව පොලීසිය භාරයටගෙන ඇත. 22 August 2024
කටුපොත වැව වාන් දමයි ආරච්චිකට්ටුව විජයකටුපත මහා වැව මේ වසරේදී තුන්වැනි වරටත් යළි වාන්දමා තිබේ. 22 August 2024
වැස්සෙන් පුත්තලමේ පවුල් 2,418ක් පීඩාවට මහ වැසි තත්වය ක්‍රමයෙන් අඩුව ගියද කඩින් කඩ ඇතිවන වැසි හේතුවෙන් ඇතිවු ගංවතුර තත්වයෙන් ජනතාව පිඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ ඒකකයෙ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය පවසයි. 22 August 2024
නොමැති සේවකයෙක්ට පඩිගෙවු වතු ලිපිකරුවා අත්අඩංගුවට කළුතර නෑබඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ වැවිලි සමාගමකට අයත් රාජ්‍ය වතුයායක සේවය නොකරන සේවකයෙකුගේ නමට මාස ගණනක් තිස්සේ රුපියල් හය ලක්ෂයකට ආසන්න මුදලක් වැටුප් ලෙස ගෙවූ ලිපිකරුවෙකු අත්අඩංගුවට ගත් බව වරකාගොඩ පොලීසිය පවසයි. 22 August 2024
ඡන්ද පනත් දෙකක විපරමට අලුත් මන්ත්‍රීවරු “පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) අනුව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් 08 දෙනෙකු අතිරේක සාමාජික මන්ත්‍රීවරැන් වශයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නම් කරනු ලැබ අැත 22 August 2024
රටවල් 35කට ලංකා වීසා නොමිලේ ගාස්තු රහිතව සංචාරක වීසා නිකුත් කිරීම පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 August 2024
තේ පෝර මිටියට සහනයක් තේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා තේ වගා කරුවන්ට කිලෝග්‍රෑම් 50 රසායනික පොහොර මිටියක් රුපියල් 4,000 ක සහනයක් සහිතව තේ වගා කරුවන්ට දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 August 2024
මිනින්දෝරු සහයක-විදුලි සේවක ඇතුළු 5ක් මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු ග්‍රෑන්ඩ්පාස් සහ මට්ටක්කුලිය පොලිස් වසම් වල සිදුකළ වැටලීම් පහකින් රුපියල් ලක්ෂ 18 ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය සමඟ මිනින්දෝරු සහායකයෙකු ,විදුලිබල මණ්ඩල සේවකයකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 22 August 2024
මහේ ගොවීන්ට පෝර සහනාධාරය දෙන්න කැබිනට් අනුමැතිය මහ කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වී සහ වෙනත් බෝග වගා කරන ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 August 2024
ජනපති අපේක්ෂකයන්ගේ වත්කම් රටටම පෙන්නයි ජනාධිපති ධූර අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සිය නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇත. 22 August 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026