බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවයි ජූලි 4 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉඩ සලසා දෙමින්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැරුණි. 30 May 2024
ක්‍රීඩා සංගම් 4ක් අත්හිටුවයි ක්‍රීඩා අමාත්‍යංශය යටතේ පාලනය වන ජාතික ක්‍රීඩා සංගම් හතරක සාමාජිකත්වය වාහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 30 May 2024
ජනපති ඡන්දය නියමිත දිනට පවත්වනවා ජනාධිපතිවරණය නියමිත දිනට පවත්වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 30 May 2024
විදුලි පනත විවාදය හය ශ්‍රී ලංකාව විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය ලබන මස 6 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 30 May 2024
’’රට දෙපයින් නැඟී සිටියා පමණයි’’ රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 30 May 2024
ගසක් කඩා වැටී උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ ගෙලිඔය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් අද (30) උදෑසන කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 30 May 2024
ඇඹිලිපිටියේ නිෂ්පාදිත පළමු කඩදාසි තොගය බංගලාදේශයට දශක දෙකකට වැඩි කාලයක් වසා දමා තිබී යළි නිෂ්පාදන කටයුතු ඇරඹු ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදිත පළමු කඩදාසි තොගය බංගලාදේශයට අපනයනය කරනු ලැබීය. 30 May 2024
වැසි සුළං දිගටම සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 May 2024
බේබද්දෙක් මගීනුත් එක්ක ගලේවෙලදී බසයක් පැහැරගෙන පෞද්ගලික මගී බස් රථයක් ගලේවෙල ප්‍රදේශයේ හෝටලයක් අසල නතර කර රියැදුරා සහ කොන්දොස්තරවරයා ඇතුළු මගීන් පිරිසක් ආහාර ගැනීම සඳහා ගොස් සිටියදී බීමතින් සිටි පිටස්තරයකු බස් රථය පණ ගන්වාගෙන ඉබ්බන්කටුව සුසාන භූමිය අසල අතහැර දමා පලා ගොස් ඇතැයි දඹුල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 30 May 2024
ලංකාදීප පුවතින් කැබිගොල්ලෑවේ මවට ආධාර ’’කැබිතිගොල්ලෑවෙන් පටාචාර කතාවක්’’ යන මැයෙන් ’’ලංකාදීප’’ පුවත්පතේ පළ වූ පුවත දැක දානපතීන් උදව් කිරීම නිසා විදුලි බිල හා වතුර බිලට අදාළ හිග මුදලවන රුපියල් අසූදහස් හත්සිය පනහ ගෙවා දැමීමෙන් පසු ඒ මොහොතේ ම ජලය දුන් බව ස්වාමියා අහිමි කැබිතිගොල්ලෑව පදවිය පාරේ පදිංචිව සිටින පී. අනුරාධා ස්වර්ණමාලී කීර්තිරත්න (33) සිවු දරු මව පවසන්නීය. 30 May 2024
පුංචි දරුවන් ගෙදර දමා තහනම් ගහේ ගෙඩි කන්න ගිය මව කුඹුක්ගැටේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක ඇයගේ හත් හැවිරිදි දියණිය සහ දෙහැවිරිදි පිරිමි දරුවා අනාරක්ෂිත ලෙස නිවෙසේ අතහැර දමා හොර රහසේ ප්‍රදේශය අතහැර පලා ගොස් ඇතැයි කුරුණෑගල කුඹුක්ගැටේ පොලිසිය පවසයි. 30 May 2024
ගත්ත බාර් ආපසු දෙනු-සජිත් රජයෙන් මත්පැන් බලපත්‍ර (බාර් ලයිසන්) ගත්තේ යැයි කියන විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට පක්ෂ නායකයන් වහාම එම බලපත්‍ර රජයට නැවත බාර දෙන ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ. 30 May 2024
මිදිගම රුවන් අද දිවයිනට රැගෙන එයි පාතාල ලෝකයේ නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැලකෙන දුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තා ගේ මස්සිනා වන මිදිගම රුවන් නමැත්තා අද දිවයිනට රැගෙන ඒමට නියමිත බව පොලිසිය කියයි. 30 May 2024
ඉන්දු පාකිස්තාන තරගයට IS තර්ජන ඇමෙරිකාවේ පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, ඉන්දු පාකිස්තාන තරගයට අයි.එස්. ත්‍රස්ත තර්ජන එල්ල වී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි. 30 May 2024
අන්තවාදය ගැන බොරු කිවැයි අත්අඩංගුවට ගත් ආචාර්යවරයාට ඇප අත්අඩංගුවට ගත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ මහතා ලක්ෂ 10 ක ශරිරී ඇපයක් මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. 29 May 2024
තලාවේ ශ්‍රීලනිප 55ක් සජබට එක්වෙති තලාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනකු, අපේක්ෂකයන් පස් දෙනකු ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු 55 දෙනෙක් සමගි ජන බලවේගය සමග පෙරේදා (28දා) එක් වූහ. 29 May 2024
පාසල් නේවාසිකාගාරය වධකාගාරයක් කළ පාලිකාව අල්ලයි යාපනය කයිට්ස් ප්‍ර දේශයේ කාන්තා පාසලකට අයත් නේවාසිකාගාරයේ රැදී සිටි දැරියන් 8 දෙනකුට පහරදී හිරිහැර කළ බව කියන පාලිකාවක අත්අඩංගුවට ගත් බව කයිට්ස් පොලිසිය පවසයි. 29 May 2024
වරායේ තෙල් හැලූ කපිතාන්ට රටින් පිටවීම තහනම් කොළඹ වරාය පරිශ්‍රයේ මුහුදු තීරයට තෙල් කාන්දුවීමක් සහිත නෞකාවක් නැංගුරම් කරවූ ඉන්දීය කපිතාන්වරයකුට මාසයක කාලයකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (29)නිකුත් කළේය. 29 May 2024
දොස්තරල නැතිව රෝහල් වැඩ අඩපණයි ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් රට පුරා පර්යන්ත රෝහල් රැසක රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යෑම දැඩි අභියෝගයක් බවට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. 29 May 2024
විදෙස් කතගේ දේපල කොල්ලකාලා ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක වීඩියෝ පටයක් සකස් කිරීම සඳහා මෙරටට පැමිණි එංගලන්ත ජාතික තරුණියකගේ ඩොලර් 20000ක පමණ වටිනා දේපල අඩංගු බෑගයක් කිසිවකු විසින් පිටකොටුව බැස්ටියෙන් මාවත බස් නැවතුම්පොලේ බස් රථයක් තුළදී සොරාගෙන ගොස් ඇතැයි පිටකොටුව පොලිසිය කියයි. 29 May 2024
අහුලාගත් රියදුරු බලපත් පොතේ බලපත්‍ර අලෙවි කරලා කොළඹ කොටහේන ප්‍රදේශයේ මාර්ගයක වැටී තිබියදී අහුලා ගත් බව කියන පොලිස් තාවකාලික රියදුරු බලපත්‍ර පොතක් නිවසට රැගෙනවිත් එම රියදුරු බලපත්‍ර එකක් රුපියල් 5,00 0බැගින් වූ මුදලකට අලෙවි කළේ යැයි කියන හිටපු පොලිස් සැරයන්වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත 29 May 2024
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සාලිය රණවකට සිතාසි යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් අසත්‍ය ,ද්වේශ සහගත හා අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝ හා ප්‍රකාශ නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සාලිය රණවක විත්තිකරුට විදුලි සන්දේශ නියාමක කොමිෂන් පනත ප්‍රකාරව සිතාසි භාරදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (29) නියෝග කළේය. 29 May 2024
දිසා පහක ප්‍රා ලේ කොට්ඨාස 21 කට නාය යාමේ නිවේදන දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 21 කට නාය යැමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (29 ) පස්වරුවේදි තව දුරටත් නිකුත් කර තිබේ. 29 May 2024
සජිත් - අනුර විවාදය කොට උඩ විවිධ කඹ ඇදීම් හේතුවෙන් සමග ජන බලවේගයේ සහ ජනතාව විමුක්ති පෙරමුණේ නායකයන් අතර විවාදය පැවැත්වීම තවදුරටත් අවිනිශ්චිතවී ඇතැයි වාර්තාවේ. 29 May 2024
සෞඛ්‍ය ලේකම් ගොළුවෙලා සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන විමසුම් සඳහා වර්තමාන සෞඛ්‍ය ලේකම්වරයා සතුටුදායක පිළිතුරක් ලබාදී නැතැයි විගණකාධිපතිවරයාගේ වාර්තාවක සඳහන්වේ 29 May 2024
කොළඹ පාසල් අසූ පහකට ක්‍රීඩා භාණ්ඩ කොළඹ දිස්ත්‍රික්කයේ තොරාගත් පාසල් 85කට ජනාධිපති කාර්යාලයේ දී ක්‍රිකට් භාණ්ඩ බෙදා දුන්නේය. 29 May 2024
’’ජනපතිවරණය රනිල් පරදින නිසා රංගේ ලවා යෝජනා ගේනවා’’ පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරයාගේ කාලය දික් කර ගැනීම සඳහා වෙනම ජනමත විචරණයක් නොපවත්වා ව්‍යවස්ථාවට අනුකුලම ජනාධිපතිවරණයට ඉදිරිපත් වී එම කාලය දීර්ඝ කරගත හැකි යැයි ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (29) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 29 May 2024
ජනපතිවරණයට සල්ලිත් වෙන් කර අවසන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂකයකු එම ධුරය සතු විධායක බලය අහෝසි කරන බවට මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 29 May 2024
ශ්‍රී ලංකාවේ ආගමන විගමන දියුණුවට සිංගප්පූරුවේ සහාය ශ්‍රී ලංකා ආගමන විගමන පද්ධිතිය සම්බන්ධයෙන් සොයා බැලීමට සිංගප්පූරුවේ ආගමන විගමන පරීක්ෂක අධිකාරියේ විශේෂඥයන් හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියි. 29 May 2024
සීදුව කාන්තා මරණයට සැකපිට අයෙක් අත්අඩංගුවට සීදුව පොලිස් වසමේ ලියනගේමුල්ල ප්‍රදේශයේ කැලෑ පල්ලිය මාර්ගයේ දේවස්ථානයක් ඉදිරිපිට කානුවක ඊයේ (28) දින මරා දමා තිබු කාන්තාවකගේ මරණය පිළිබදව ඇගේ අනියම් පුරුෂයා කිරිබත්ගොඩ ප්‍රදේශයේ සැගව සිටියේදී සැකපිට අද (29) අත්අඩංගුවට ගත් බව සීදුව පොලිසිය පවසයි. 29 May 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025