යාවත්කාලීන නොකළ රියදුරු බලපත් අවලංගු කතාව බොරු යාවත්කාලීන නොකළ සියලු රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කර ඇති බවට පළවන ප්‍රචාර මුළුමනින්ම අසත්‍යය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා පැවසීය . 23 August 2024
ජනතාවාදී රජයක් බිහි කරනවා රටේ ජනතාවගේ ප්‍රශ්නවලට නිසි විසඳුම් ගෙනෙන ජනතාවාදී රජයක් බිහි කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පිළියන්දලදී අද (23) පැවසීය. 23 August 2024
ප්‍රවාහන අධිකාරියේ නිලධාරියෙක් අල්ලස් දැලේ සබරගමු මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරියකු රුපියල් 60000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 23 August 2024
ජනපති සටන නිරීක්ෂණයට රටවල් දොළහක් ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා රටවල් දොළහක නියෝජිතයන්ට ආරාධනා කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 23 August 2024
රැකියා වෙලාවෙන් පසු බොස්ව ගණන් ගන්න එපා: නව නීති එයි කාර්යාල වේලාවෙන් පසුව සිය සේවා ස්ථානයේ ප්‍රධානීන් සහ සේවාදායකයන් ලබා දෙන දුරකතන ඇමතුම්, කෙටි පණිවුඩ සහ විද්‍යුත් ලිපි නොසළකා හැරීමට සේවකයන්ට අයිතිය ලබා දෙන නව නීති සංශෝධනයක් ඕස්ට්‍රේලියාව සම්මත කර ඇත. 23 August 2024
අගමැති මෝදි යුක්රේනයට එයි රුසියන් යුක්රේන යුද්ධයට මැදිහත් වී, එය අවසන් කිරීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියේය. 23 August 2024
ජල ගාස්තුව සියයට 7කින් අඩු කරයි ගෘහස්ථ කාණ්ඩයේ ජල ගාස්තුව සියයට 7 ක් සමඟ ජල ගාස්තු පහළ දැමීමට ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමාන් මහතා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 23 August 2024
තැපැල් ඡන්දයට වැඩිම පිරිස කුරුණෑගලින් ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය පාවිච්චි කිරීම සඳහා වැඩිම අයදුම්පත් ප්‍රමාණයක් යොමු කර ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 23 August 2024
‘ රා බෝතලයට ඡන්දේ දෙන්නේ නෑ‘ වතුකරයේ ජනතාව රා බෝතලයට වහල් වි ජන්දය ලබාදෙන ජාතියක් නොවන බව ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා පැවසිය. 23 August 2024
පොහොසත් අපෙක්ෂකයා දිලිත් දුප්පත් අපෙක්ෂකයා රනිල් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන්ගෙන් වැඩිම මාසික අදායමක් ලබන අපේක්ෂකයා දිලිත් ජයවීර බවත් අඩුම මාසික අදායමක් ලබන අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවත් ශ්‍රී ලංකා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභා වෙබ් අඩවිය පසුගියදා ප්‍රසිද්ධියට පත්කළ අපේක්ෂකයන්ගේ වත්කම් ප්රකාශනයෙන් අනාවරණය විය. 23 August 2024
මයික් ලින්ච්ගේ සිරුර සොයා ගනී සිසිලි දූපත ආසන්නයේදී පසුගිය සඳුදා දින මුහුදුබත් වූ සුපිරි යාත්‍රාවේ සුන්බුන් අතර තිබී බ්‍රිතාන්‍යයේ තාක්ෂණික ක්ෂේත්රයේ දැවැන්තයෙකු වන 59 හැවිරිදි මයික් ලින්ච්ගේ සිරුර සොයාගත් බව ඉතාලි වෙරළ ආරක්ෂකයන් ප්‍රකාශ කළේය. 23 August 2024
‘‘බුදුන්ගේ මඟ යන අප යුද්ධය විශ්වාස කරන්නේ නෑ‘‘ ඉන්දියාව බුදුරජාණන් වහන්සේගේ උරුමෙයෙන් පැවැත එන රටක් බැවින් බුදුරජාණන් වහන්සේ ඉගැන්වීම පිළිබඳ කතා කරන සෑම අවස්ථාවකදීම සිත් තුළට නැගෙන්නේ යුද්ධය නොව සාමය යැයි පෝලන්ත සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට සිටින ඉන්දීය ප්‍රජාව අමතමින් ප්‍රකාශ කළේය. 23 August 2024
බෝට්ටුව හප්පා පලා ගිය බෝට්ටුකරු අත්අඩංගුවට බෙන්තොට ගඟේ අධිවේගයෙන් සංචාරකයන් දෙදෙනකු රැගෙන ගිය බෝට්ටුවක් කුඩා බෝට්ටුවක හප්පා පලා ගොස් සිටි සැකකාර බෝට්ටුකරු බෙන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව කියයි. 23 August 2024
නවයේ දැරිය අපයෝජනය කළ සංගීත ගුරා සොයයි මධ්‍යම කදවුර පොලිස් වසමට අයත් 26 ජනපදයේ වයස අවුරුදු නවයක බාලවයස්කාර දැරියකට ලිංගික අතවරකර පලාගොස් සැඟව සිටින පෞද්ගලික පන්ති පවත්වන සංගීත ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනීම සදහා මධ්‍යම කඳවුර පොලිසිය විමර්ශන ආරම්භකර තිබේ. 23 August 2024
ලෝක ගේම් කාරයෙක් බස්නාහිරින් අල්ලයි අත් බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වසර එකහමාරක් බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව පැමිණ අයෙකු සති තුනක් ඇතුළත ත්‍රී රෝද රථ පහක්, රන්මාල හා ජංගම දුරකථන කොල්ලකෑමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. 23 August 2024
බස්- ත්‍රිරෝද ගැටීමෙන් දෙකක් රෝහලේ තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ උනාකූරුව මංසන්ධියේදී බස් රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රී රෝද රථයේ සිටි දෙදෙනකු බරපතල තුවාල ලබා තංගල්ය මූලික රෝහලට ඇතුළත් කළ බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 23 August 2024
මදුරු බිය: ඇමෙරිකන් නගරයකට ඇඳිරි නීතිය ‘ජපන් එන්සෙපලයිටිස්’ (මොළේ උණ) වයිරස ව්‍යාප්තිය හේතුවෙන්, ඇමෙරිකාවේ කුඩා නගරයකට ඇඳිරි නීතිය පනවා ඇතැයි එරට මාධ්‍ය පවසයි. 23 August 2024
බාලතෙල් නිෂ්පාදනය කළ ස්ථානයක් වටලයි මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් නිෂ්පාදනය කර වෙළඳ පොළට නිකුත් කරන නිශ්පාදනාගාරයක් මාලබේ කහන්තොට ප්‍රදේශයේදී පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් සමඟ එක්ව වැටලීමට කටයුතු කල බව මාලබේ පොලිසිය පවසයි. 23 August 2024
අංගජන් -සාරතී ජනපතිට සහාය දෙති කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සාරතී දුෂ්මන්ත සහ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී අංගජන් රාමනාදන් මහත්වරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළහ. කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවී මොවුහු තම තීරණය දැනුම් දුන්හ. 23 August 2024
පහරදී ඝාතනය කරලා ආනමඩුව හල්මිල්ලෑව ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇතැයි හා ආනමඩුව පොලිසිය පවසයි . 23 August 2024
ඡන්දෙ ගන්න රා බෙදලා ජනාධිපතිවරණයේදී ඡන්දදායකයන් හරවා ගැනීමේ අරමුණින් දේශපාලන පක්ෂක හා සංවිධාන ගණනාවක් වතුකරයේ ඡන්දදායකයන් අතර මහාපරිමාණයෙන් රා බෝතල් තොග වශයෙන් බෙදා හරින බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 23 August 2024
පැමිණිල්ලක විමර්ශන තොරතුරු දෙන්න සැරයන් නෝනා කතකගෙන් ලක්ෂයක් ඉල්ලලා කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කර තිබූ පැමිණිල්ලක විමර්ශනවලට අදාළ තොරතුරු එම පැමිණිලිකාර කාන්තාවගේ අතට පත් කර ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ඇයගෙන් ඉල්ලුවේ යැයි කියන එම කාර්යාංශයේ සැරයන්වරියකට එරෙහිව විමර්ශන ආරම්භ කළ බව කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි. 23 August 2024
මිනිස් මූලික අයිතීන් රකින්න ඉදිරියටත් ඕන තීරණයක් ගන්නවා ජනතාවගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පසුගිය දෙවසරේ තමා කැප වූ අයුරින් ඉදිරියට ද අවශ්‍ය වුණහොත් ඕනෑම තීරණයක් ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 23 August 2024
විශ්‍රාමික මේජර්ගේ නිවසින් ජීව උණ්ඩ තොගයක් විශ්‍රාමික යුද හමුදා මේජර්වරයෙකුගේ මතුගම තඹරැටිය නිවසේ සඟවා තිබූ ජීව උණ්ඩ තොගයක් පොලිස් භාරයට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි. 23 August 2024
සිසු අපයෝජනයකට කතරගම පාසලක විදුහල්පති අත්අඩංගුවට පාසල් සිසුන් දෙදෙනෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකලැයි කියන කතරගම ප්‍රදේශයේ විදුහල්පතිවරයෙක් කතරගම පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය . 23 August 2024
කඩින් කඩ මද වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 August 2024
ලොව දෙවැනි විශාලතම දියමන්තිය හමුවෙලා ලොව දෙවැනි ස්ථානයට විශාලතම දියමන්තිය බොට්ස්වානා රාජ්‍යයෙන් පතලකින් හමුවූ බව කැනේඩියානු දියමන්ති සමාගමක් වන ලුකාරා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. කැරට් 2492 ක් වන මෙම දියමන්තිය බොට්ස්වානා රාජ්‍යයෙන් හමුවූ විශාලතම දියමන්තියද වන බව එම සමාගම පැවැසුවේය. 23 August 2024
වඳුරු උණ ප්‍රභේදය ආසියාවටත් පැතිරේ අප්‍රිකා කලාපීය රටවලින් පළමු වරට හඳුනා ගත්, ඉතා වේගයෙන් ව්‍යාප්තවීමේ හැකියාවක් ද ඇති, ‘එම් පොක්ස්’ හෙවත් ‘වඳුරු උණ’ වයිරසයේ නව ප්‍රභේදය, තායිලන්තයට ව්‍යාප්ත වී ඇත. 23 August 2024
තලතා ලිවුම නොදී ගෙදර ගිහින් සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ තලතා අතු කෝරළ මහත්මිය ඉල්ලා අස්වන බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළද ඒ බව කතානායකවරයාට ඊයෙ වන විටත් නිල වශයෙන් දැනුම් නොදීම හේතුවෙන් මීළඟ මන්ත්‍රීවරයා පත්කිරීම ගැටලුවක්වී ඇත. 23 August 2024
ජනපති අපේක්ෂක හෘදයාබාධයකින් මියයයි මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටි මොහොමඩ් ඉල්ලියාස් මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් පුත්තලම රෝහලේදී ඊයේ (22) රාත්‍රී මියගියේය. 23 August 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026