IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ත්‍රස්ත ප්‍රහාරයකට සැරසුන සැක 3ක් රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

ඊශ්‍රායෙල් ජාතික සංචාරකයින්  රැඳී සිටි ආරුගම්භයේ සංචාරක කලාපය ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක්  එල්ල කිරීමට දෙස් විදෙස් ත්‍රස්තවාදීන්ට ආධාර අනුබල දුන්නේ යැයි දින 90ක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ  රඳවා ප්‍රශ්න කළ  සැකකරුවන් තිදෙනකු නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාර ගතත කිරීමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා  අද (17) නියෝග කළේය.

මාළදිවයින් ජාතිකයකු  ඇතුළු ත්‍රස්ත සැකකරුවන්  තිදෙනෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

දේශීය ,විදේශීය ත්‍රස්තවාදී හා අන්තවාදී පුද්ගලයින් ඇසුරු කරමින් ආරුගම්බේ සංචාරක කලාපයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් සකස් කළේ යැයි සැකයට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙනය රඳවා ප්‍රශ්න කර තිබිණි.

පසුගිය ජනාධිපතිවරණය පැවැති  කාලවකවානුවට සමගාමීව මෙම ත්‍රස්ත ප්‍රහාරය එළකිරීමට සැලසුම් කිරීම,පසුගිය වසරේ ඔක්තෝබර් 07 සහ 08 දිනවල පුද්ගලීන් යොදවා සංචාරක කලාපය වීඩියෝ ගත කිරීම හා ඡායාරූප එක් රැස් කිරීම,  සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් මස 19 වැනි දින සිට සැකකරුවන් 06 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර  සැකකරුවන් තිදෙනෙකු තවදුරටත් රඳවා ප්‍රශ්න කරන බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.



අදහස් (0)

ත්‍රස්ත ප්‍රහාරයකට සැරසුන සැක 3ක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site