
(රෝෂන් තුෂාර)
නාගරික සංවර්ධන අධිකාරියෙන් ව්‍යාපාරිකයකුට හිමිවිය යුතු රුපියල් කෝටි 11ක වන්දි මුදලක් ලබා ගැනීමේ කටයුතු කරදීම සඳහා රුපියල් කෝටි හතරක අල්ලස් මුදලක් ඉල්ලා ,වන්දි මුදලින් කොටසක් වන ලක්ෂ 283ක මුදලක් ලැබුණු පසුව ලක්ෂ අනූවක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ හා ඔහුගේ මිතුරෙකු වන ව්‍යාපාරිකයකු ලබන 24 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද(17) නියෝග කළාය.
බන්ධනාගාර නිලධාරීන් මගින් අධිකරණයට ඉදිරිපත් කළ සලෝචන ගමගේ හා දුශාන්ත දිනේෂ් සැකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. සැකකරුවන්ට ඇප ලබා දෙනවාද? නැද්ද ?යන පිළිබඳ නියෝගය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් වීමෙන් පසුව සළකා බලන බවද මහේස්ත්‍රාත්වරිය සදහන් කළාය.
සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස් සිද්ධියේ සුලෝචන යළි රිමාන්ඩ්