IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


ණය හිරවූ ව්‍යවසායකයන්ට සහන පැකේජයක්

(රංජන් කස්තුරි)

ණය ගෙවා ගත නොහැකිව දුෂ්කරතාවයට මුහුණපා සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීම සඳහා රජය සහන පැකේජයක් හඳුන්වාදී තිබේ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලබන මා ර් තු මස 31 වැනි දින හෝ ඊට පෙර අදාල බැංකු වෙත ගොස් තමන්ට හිමි සහන පිළිබඳව සාකච්ඡා කරගත හැකි බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

2024 වසරේ දෙසැම්බර් මස 15 වැනි දිනට පැවති ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය පදනම් කර ගනිමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට කාණ්ඩ තුනක් යටතේ එම විශේෂ සහන ලබාදීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

රුපියල් මිලියන 25 ට අඩු ණය සඳහා මාස 12ක සහන කාලයක් හිමිවන අතර රුපියල් මිලියන 25 ත් 50 ත් අතර ණය සඳහා මාස නමයකද රුපියල් මිලියන 50 ඉක්මවූ ණය සඳහා මාස හයකද සහන කාලයක් හිමිවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මීට අමතරව ගෙවීමට ඇති සමස්ත ප්‍රාග්ධන මුදල පදනම් කරගෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නොගෙවූ පොලිය සියයට 65 40 ආදී වශයෙන් කපා දැමීමට කටයුතු කරන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මීට අමතරව එම ව්‍යවසායකයන් සඳහා ප්‍රාග්ධන ණය මුදලක් ලබාදීම අහිතකර ක්‍රිබ් ව ර් තා සදහා සහනයක් ලබාදීම ඇතුලු සහන රැසක් ඔවුන්ට හිමි වන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය කොවිඩ් වසංගතය සහ ආ ර් ථිකය කඩා වැටීම ආදී හේතුන් මත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් රැසක ව්‍යාපාර කඩා වැටුණු අතර ඹවුන්ට ණය ගෙවීමේ හැකියාවක් නොමැති වී තිබිණ.

රටේ දළ දේශීය නිෂ්පාදනයට සියයට පනහකටත් වඩා වැඩි දායකත්වයක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයෙන් ලබාදෙන බවද මුදල් අමාත්‍යාංශය කියයි.

 



අදහස් (0)

ණය හිරවූ ව්‍යවසායකයන්ට සහන පැකේජයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 මැයි මස 04 197 0

මීටියාගොඩ නිවාඩු නිකේතනයක් තුළදී නාඳුනන පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයකු. මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.


අලුත් මනාලියත් බාප්පාත් දිය රකුසාට බිලි
2025 මැයි මස 04 620 0

සති අන්ත නිවාඩුව විනෝදයෙන් ගත කිරීමට නව විවාහක යුවළක් ඇතුලු ඥාතී පිරිසක්,ගගේ වාඩිය මෝය කටේ දිය නෑමට ගොස්, මනාළිය අතුරුදන්ව ඇය බේරා ගැනීමට ඉදිරිපත් වූ බ


ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙන්නෙක් මාට්ටු
2025 මැයි මස 04 194 0

මැතිවරණ නීති උල්ලංඝනය කරමින්, ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙදෙනෙකු පෝස්ටර් පහළොවක් සමඟ මනම්පිටිය ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියය


මැතිවරණ නිහඩ කාලය ඇරඹේ
2025 මැයි මස 04 55 0

පලාත් පාලන මැතිවරණයේ නිහඩ කාලසීමාව මේවනවිට ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


තැනින් තැනට අදත් වැසි
2025 මැයි මස 04 34 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕස්ට්‍රේලියා මැතිවරණයෙන් කම්කරු පක්ෂයට ජය
2025 මැයි මස 04 292 0

ඕස්ට්‍රේලියා මැතිවරණයෙන්, වාමාංශික කම්කරු පක්ෂයට ජය හිමිවිය. ඒ අනුව, කම්කරු පක්ෂ නායක ඇන්තනි ඇල්බනීස් තවදුරටත් ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ධුරය හොබවන


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 604 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 153 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1180 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site