වැලිගම වෙඩි තැබීමක් මාතර ,වැලිගම, බටවල, පාතේගම ආදර්ශ ප්‍රාථමික විදුහල අසල අද(27) වෙඩිතැබිමක් සිදුව ඇතැයි පොලීසිය කියයි. 27 May 2024
ගෝල්ෆේස් එකේ බලෙන් කානිවල් දාලා කොළඹ ගාලුමුවදොර පිටියේ ආගමික කටයුත්තක් හැරෙන්නට වෙනත් උත්සව සංවිධාන කිරීම තහනම් කර තිබියදී දේශපාලන හයිය ලබාගත් කිසියම් කණ්ඩායමක් බලහත්කාරයෙන් විනෝද ක්‍රීඩා ඇතුළත් සැණකෙළියක් ( කානිවල්) එහි පවත්වමින් සිටින බව වරාය ආරංචි මාර්ගවලින් පැවසේ. 27 May 2024
ශ්‍රී ලංකා ටෙනිස් අනුශූරතාවය දිනා ගත් කණ්ඩායම කටුනායකට නේපාලයේ පැවති දකුණු ආසියානු ටෙනිස් ශූරතා තරගාවලියට සහභාගී වූ වයස අවුරුදු 12 න් පහළ ශ්‍රී ලංකා කාන්තා ටෙනිස් කණ්ඩායම එහි අනුශූරතාවය දිනා ගනිමින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 27 May 2024
රජයේ වාහන 5000ක් අතුරුදන් රජයේ ආයතන රැසක විවිධ වර්ගයේ රුපියල් කෝටි ගණන් වටිනා වාහන පන්දහසකට වැඩි ප්‍රමාණයක් අස්ථානගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවල සඳහන් වේ. 27 May 2024
මියන්මාරයේ -රුසියාවේ සිරවී සිටින ලාංකිකයින් බේරාගන්න කණ්ඩායමක් පිටත්ව යති මියන්මාරයේ පරිගණක අපරාධකරුවන් ගේ සයිබර් කදවුර තුළ බලහත්කාරයෙන් රදවා ගෙන සිටින ශ්‍රී ලාංකික තරුණ - තරුණියන් 49 දෙනා සහ රුසියානු - යුක්රේන යුද්ධයට මැදි වී රුසියාවේ සිටින ශ්‍රී ලාංකික රණවිරුවන් බේරා ගෙන යළි ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනකු අද(27) දින 10 ක සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තය බලා පිටත්ව ගියහ. 27 May 2024
සුළං තව දුරටත් : වැසි විටින් විට නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 May 2024
කෝටි පහක කුඩු සමඟ අයෙක් මාට්ටු රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි. 27 May 2024
කොටවිල් දරුවා වික්කාද? මරුණාද? තම කුළුඳුල් දරුවා ඉපදුණ පසු තමන්ට නොපෙන්වා පැය කීපයකට පසු දරුවා මියගිය බව රෝහල් බලධාරීන් පැවැසූ බවත් එය කිසිසේත් පිළිගත නොහැකි දෙයක් බවත් වැලිගම යද්දෙහිවත්ත කොහුණුගමුවේ 23 හැවිරිදි මවක් හඬා වැලපෙමින් පැවසුවාය 27 May 2024
කලු තුෂාරගේ පුතා පිස්තෝලයක් එක්ක හෝටලයකදී කොටුවෙලා හිටපු පාතාල කල්ලි සාමාජිකයකු වූ කලු තුෂාර නමැත්තාගේ පුත්‍රයා බව කියන තරුණයකු සහ ඔහුගේ මිතුරන් තිදෙනකු විදේශීය රටක නිෂ්පාදිත මයික්‍රෝ පිස්තෝලයක් සමග පෙරේදා (25) රාත්‍රි මාතර පික්වැල්ල ප්‍රදේශයේ හෝටලයකදී ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර අපරාධ කොට්ඨාසය පවසයි. 27 May 2024
මන්ත්‍රී සබ්රිගෙන් ප්‍රා.ලේට තගක් පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ රජයට අයත් ඉඩමක් පිරිසක් නීති විරෝධී ලෙස අත්පත් කර ගන්නා බවට ලැබුණ පැමිණිල්ලක් මත සොයා බැලීමට එම ස්ථානයට ඊයේ 26 පස්වරුවෙ ගිය පුත්තලම ප්‍රාදේශීය ලේකම් සම්පත් වීරසේකර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තර්ජනය කළ බවට ඔහු සිය ප්‍රධානීන්ට පැමිණිලි කර ඇත. 27 May 2024
ඝාතනයකට හිටපු සෙබලෙක් අල්ලයි දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ආබ්‍රෙව් හෙවත් බබා ගේ පියා වන 54 හැවිරිදි කලුහත් කීර්තිසේන ආබ්‍රෙව් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බව කියන හිටපු යුධ හමුදා සෙබළකු අද ( 26 )සවස හෙරොයින් මිලිග්‍රෑම් 3410 ක්ද සමගින් බෙන්තොටදී සැකපිට අත් අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය පවසයි. 26 May 2024
බාල බෙහෙත්වල කැරපොතු කොටස් - වීදුරුකෑලිත් තිබිලා මෑත කාලයේදී මිලදී ගැනුණු ඇතැම් ඖෂධවල වීදුරු කැබලි මෙන්ම මැරුණු කැරපොත්තන් ද තිබී හමුවූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 26 May 2024
කුඩු හඳයා එස්.අයි සපා කාලා ඊසි කෑස් ක්‍රමයට හෙරොයින් මත්ද්‍රව්‍ය විකිණීමේ ජාවාරමක නිරතව සිටි බව කියන හඳයා නමැත්තකු අල්ලා පරීක්ෂා තිරීමට ගිය පොලිස් පරීක්ෂකවරයතුගේ අතක ඇඟිල්ලක් සපා කා තුවාල කර සැකකරු අසල තිබූ ඇළකට පැන පලා ගොස් ඇතැයි රුවන්වැල්ල පොලිසිය පවසයි. 26 May 2024
ටෙල් අවීව් නුවරට රොකට් ප්‍රහාරයක් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයට, ගාසා තීරයේ පලස්තීන හමාස් සටන්කාමීන් රොකට් ප්‍රහාර එල්ල මාලාවක් එල්ල කළේය. 26 May 2024
පැපුවා නිව්ගිනියාවේ නායයෑමෙන් 670 ක් මරුට පැපුවා නිව්ගිනියාවේ සිදුවුණු නායයෑමෙන් 670 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 26 May 2024
රාජසිංහ රජු සසුනට පූජා කළ බුද්ධ ප්‍රතිමාව උස්සලා ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහ රජු බුද්ධ ශාසනයට පූජා කළ බව කියන අඩි 3 ක් පමණ උස පස්ලෝහමය බුද්ධ ප්‍රතිමාවක් රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට විදේශිකයකුට විකිණීමට සූදානම්වූ යකැදුරෙක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසින් ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබීය. 26 May 2024
හඳපාන්විල විල්ලුවේ අලි හතක් එරී මැරිලා පොළොන්නරුව ජලගැලීම් ජාතික වනෝද්‍යානයේ හඳපාන්විල විල්ලුවේ ඕඩේ ඇළ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක මීට දින කිහිපයකට ඉහතදී මියගිය වන අලින්ගේ සිරුරු හතක් සොයා ගත් බව වනජීවි නිලධාරීහු සහ පරිසරවේදීහු සඳහන් කරති. 26 May 2024
පොහොට්ටුව ජනපති සටන රජරටින් අරඹයි ’’සටන අරඹමු රජරටින්’’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මංගල ආසන සමුළුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් තලාව නගරයේ අද (26) පැවැත්විණි. 26 May 2024
සංගීතඥ ආනන්ද පෙරේරා දිවි ගමනට සමු දෙයි මෙරට සංගීත ක්ෂේත්රයට ඉමහත් සේවාවක් ඉටුකළ අති දක්ෂ සංගීතඥයෙක් වූ ආනන්ද පෙරේරා මහතා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. 26 May 2024
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මිය යයි ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජීන් ෆැන්කොයිස් පැක්ටෙට් මහතා රාජගිරියේ පිහිටි සිය නිල නිවසේ මියගොස් සිටියදී සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි. 26 May 2024
ගාමිණි මාරපන දිවි ගමනට සමු දෙයි ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු වූ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අභාවප්‍රාප්ත විය. 26 May 2024
දියණිය ගැන සචින් ආඩම්බරයෙන් සචින් තෙන්ඩුල්කාර් ලෝක පූජිත ඉන්දීය ක්‍රිකට් තරුවකි. තමන්ගේ ක්‍රිකට් ජයග්‍රහණ පසුපස තමන්ට සැමවිටම ශක්තියක් වූයේ තම බිරිඳ සහ දරු දෙදෙනා යැයි සචින් නිතරම පවසයි. 26 May 2024
රාහුල් සෝනියා ඡන්දය දාලා ඉන්දීය මහ මැතිවරණයේ සය වැනි අදියර ආරම්භ වූ අවස්ථාවේදී, ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ සෙද්ශපාලන කණ්ඩායම ලෙස සැලකෙන ‘කොංග්රස්’ පක්ෂයේ හිටපු නායිකා සෝනියා ගාන්ධි සහ ඇගේ පුතු රාහුල් ගාන්ධි ඡන්දය ප්‍රකාශ කළහ. 26 May 2024
‘පැය 24ම බදු ගැසීමෙන් රටේ ප්‍රශ්ණ විසඳන්න බෑ‘ රටේ නිෂ්පාදකයාට, පාරිභෝගිකයාට, ආදායමට පවා බදු අය කරන බවත් රටේ ප්‍රශ්නවලට විසඳුම පැය 24ම බදු ගැසීම නොවන බවත් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 26 May 2024
කුල දරුවන් 70 දෙනෙකු සසුන් ගත කෙරේ සම්බුද්ධ ශාසනයේ සහ අඅමරපුර භික්ෂු වංශයේ සුස්ථිරත්වය පිණිස ක්‍රියාත්මක කරනු ලබන ’’සසුන් කෙත අස්වද්දමු ’’ ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ කුල දරුවන් 70 දෙනෙකු සසුන් ගත කිරීමේ පුණ්‍ය මහෝත්සවය ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති හා වැඩ බලන උත්තරීතර මහානායක අති පූජ්‍ය කරගොඩ ,උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහනාහිමියන් ප්රමුඛ පාර්ශවීය මහානායක ස්වාමීන්වහන්සේලාගේ සහභාගිත්වයෙන් අද (26) කළුතර ඓතිහාසික බෝධි පරිශ්‍රයේදී පැවැත්විණි . 26 May 2024
සතියකදී කොළඹ ගස් 59 ක් කඩා වැටෙයි අධික සුළං තත්ත්වය හේතුවෙන් සතියක කාලයක් තුළ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ගස් කඩා වැටීම් 59 ක් වාර්තා වී ඇතැයි කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පැවසුවාය. 26 May 2024
රිය අනතුරින් අයෙක් මරුට:දහයක් රෝහලට පාදෙනිය අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව පාළුකඩවල හන්දිය අසල ප්‍රදේශයේ අද (26 ) සිදු වූ රිය අනතුරකින් එක් අයකු මිය ගොස් තවත් දස දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. 26 May 2024
කැළණි -කලු ගංගාවල ජල මට්ටම ඉහළට කැළණි සහ කලු යන ගංගාවල ජල මට්ටම අවධානයෙන් සිටිය යුතු මට්ටමට ආසන්නව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 26 May 2024
ඝාතනය වූ පාතාලයකුගේ ගිනිඅවි උණ්ඩ වළදමා තිබියදී හමුවෙයි ඝාතනයට ලක් වූ සංවිධානාත්මක අපරාධකරුවෙකුට අයත් පිස්තෝලයක් සහ උණ්ඩ රහිත මැගසිනයක් මතුගම නවුන්තුඩුව ප්‍රදේශයේ වැවක් අසල ගසක් යට වල දමා තිබියදී සොයා ගත් බව පොලිසිය පවසයි. 26 May 2024
සැකකරුගේ පා පහරින් පීසී රෝහලේ අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ගල්ගමුව, නාන්නේරිය පොලිසියට රැගෙන යන අවස්ථාවේදී සැකකරු විසින් එල්ල කළ පා පහරකින් කොස්තාපල්වරයකුගේ ඇසකට තුවාල සිදුවී අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව නාන්නේරිය පොලිසිය පවසයි. 26 May 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025