IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


පළාත් සභා වාහන 2000ක් අතුරුදහන්

(සුජිත් හේවාජුලිගේ)

පළාත් සභාවලට අයත් වාහන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් පසුගිය කාලසීමාවේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ අතුරුදන්ව ඇති වාහන අතර විවිධ සුඛෝපභෝගි පන්නයේ මෝටර් රථ හා ජීප් රථ රැසක්ද වේ.

පළාත් සභාවල විවිධ අමාත්‍යාංශ සහ ආයතන වලට අයත් වාහන මෙසේ වරින් වර අතුරුදන්ව ඇති අතර එම වාහන පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීම මේ දිනවල විමර්ශනයක් කරගෙන යන බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම වාහන සොයා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමා නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.

පළාත් සභාවල බොහෝ වාහන පසුගිය කාල සීමාවේදී වැරදි ආකාරයෙන් පාවිච්චි කර තිබූ බවද ඔහු සඳහන් කළේය.

පළාත් සභාවල ප්‍රධානීන්ට වෙන් කෙරුණු ඇතැම් සුඛෝපභෝගි වාහන දේශපාලඥයන්ට හිතවත් ඇතැම් සුළු නිලධාරීන් පාවිච්චි කර ඇති බවටද තොරතුරු අනාවරණයවී ඇතැයි අමාත්‍යාංශය පවසයි.

මේ අතර මධ්‍යම පළාත් සභාවේ විවිධ වාහන තිස් එකකට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳව විගණනයට තොරතුරු අනාවරණයවී නැතැයි වාර්තාවේ.

දකුණු පළාත් සභාවට අයත් යතුරුපැදිය ඇතුළු වාහන 201 ක භෞතික පැවැත්ම පිළිබඳව තොරතුරු අනාවරණය නොවූ බව විගණන අංශ පවසයි.

මේ සම්බන්ධයෙන් අප රජයේ විගණකාධිපති ඩබ්ලිව් පී සී වික්‍රමරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ පළාත් සභාවල වාහන සම්බන්ධයෙන්ද විශේෂ විගණනයක් මේ දිනවල කරගෙන යන බවයි.

 



අදහස් (12)

පළාත් සභා වාහන 2000ක් අතුරුදහන්

Sara Wednesday, 15 January 2025 04:53 AM

රටේ මිනිස්සු අද වෙනකම් කළ අරක හිටපන් එක පුදුමයි."

:       0       7

Sugath Wednesday, 15 January 2025 07:11 AM

අනුර, ඔබ ඉතා දැඩි විය යුතු අතර නීතිය කඩ කරන අයට දඬුවම් කළ යුතුය. මෙම වාහන සොයාගෙන ඉන්වෙන්ටරි කරන්න.

:       1       52

Pradeep Kumara Wednesday, 15 January 2025 07:45 AM

පේනවනේ කරලා තියන තරම, දැන් ඉතිං කිය කිය ඉඳලා වැඩක් නෑ. පරීක්ෂණ කරලා මේවා හොයාගෙන වැරදිකරුවන්ට දඬුවම් දෙන්නයි තියෙන්නේ

:       1       39

ජගත් ලියනගේ Wednesday, 15 January 2025 08:50 AM

පුදුම විදියේ හොරකම් නේ මේ ලංකාවේ සිද්ධ වෙලා තියෙන්නේ. හොරකම් කරපු අයට නීතිය ක්‍රියාත්මක කර උපරිම දඩුවම් පැමිණවිය යුතුයි.

:       1       37

ගයන්ත Wednesday, 15 January 2025 09:10 AM

රටේ බල ව්‍යුහයන් වැඩිවෙන තරමට දූෂණය වැඩි වෙනවා. පළාත් සභා කියන්නේත් එවන් ව්‍යුහයක්.

:       0       38

Bunny Preena Wednesday, 15 January 2025 09:41 AM

"ඔක්කොම විහිළුම තමා, හැම හොරකමක් සහ වංචාවක්ම හෙලි වෙන්නේ විගණනයකින් විතරයි. ඒකත් සිදු වෙලා බොහෝ කාලයකට පස්සේ . බොහෝ දුරට ආණ්ඩුවක් මාරු උනාට පස්සේ . පුදුමේ තමා අදාල අංශ වල වගකිව යුතු නීලධාරීන් සේවය කරන අතරතුර සිදුවන වංචාවන් සහ හොරකම් ගැන කිසිම හෝඩුවාවක් එලියට එන්නේ නැහැ, ආණ්ඩුව මාරුවෙනකම්. මට නම් හිතෙන්නේ සොරකම සහ වංචාව ලංකාවේ ජාතික ප්‍රතිපත්තියක් වගෙයි . මේවා කවදා හෝ නැතැයි වෙයිද?"

:       1       18

Lankabarana Wednesday, 15 January 2025 10:24 AM

ඇත්තටම දිස්ත්‍රික්කය මැතිවරණ කොට්ඨාශ කිරීමට පෙර තිබුන ආකාරයට මැතිවරණ කොට්ඨාශ නැවතත් ඇතිකර කොට්ඨාශයේම ස්ථිර පදිංචිවූ අයෙක් මංත්‍රීවරයා කර ඒ මංත්‍රීගේ ප්‍රධානත්වයෙන් කොට්ඨාශයේ සංවර්ධන කමිටුවකට බලය පැවරීමක් කලොත් දූෂනය හා නාස්තිය වැලකී රටේ සංවර්ධනය වේගවත් වේවි. ඒවායේ සභාපතිලා හා ලේකම්ලාගෙන් දිස්ත්‍රික් කමිටුත් ඇති කලොත් වටිනවා

:       0       8

Lalla Wednesday, 15 January 2025 10:57 AM

ඇත්තටම පලාත් සභා අහෝසිකර දාන්න බැරිද? රටට දැවැන්ත බරක්.නිකම්ම ඉන්න සේවකයන්ට ලක්ෂ ගණනකට පින් පඩි ගෙවනව.

:       1       20

fairoos Wednesday, 15 January 2025 11:02 AM

"පරීක්ෂණ ඉක්මන් කරලා වැරදි කරපු අයට දඬුවම් දුන්නේ නැත්නම් මෙයාලත් අර ගොඩටම වැටෙනවා."

:       0       19

Perera Wednesday, 15 January 2025 11:06 AM

රාජපක්ෂලාගේ සංකල්පයේ ප්‍රතිපල, 'අපේ ඒවා හොයන්න එපා, අපි උඹලාගේ ඒවා හොයන්නේ නැහැ.'

:       2       15

අරවින්ද මොනරවිල Wednesday, 15 January 2025 11:22 AM

මේවා හොයන විට ඒවා ගැන ජනතාව දැනුවත් කරන විට තමයි, තෛයිපොන්ගල් කන්න කැකුළු හාල් නැහැ, පොල් නැහැ කියලා විපක්ෂ වලලෙන්න හදන්නේ එහෙම නැත්නම් වරායේ බත් පැකට් එකට කැරපොත්තො එහෙම එන්නේ.

:       5       23

Rata Perata Wednesday, 15 January 2025 12:45 PM

පේනවනේ පලපුරුදු කාලකණ්ණි රට කරලා තියන විදිහ...?

:       2       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 525 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17227 9
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 695 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site