(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ දිලංගා ගෝමස්)
පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙක් අන්තර්ජාලයෙන් සිදුකළ ඇනයුමක් අනුව නාරහේන්පිට මළල සේකර මාවතේ නිවසකට තෙරපිවරයකු ලෙස ගොස් වෛද්‍යවරයා මත්කර දියමන්ති ආභරණ ඇතුළු රුපියල් මිලියන 30 කට අධික දේපළ තොගයක් සොරාගත් ප්‍රසිද්ධ සමාජ සහ අරගල ක්‍රියාකාරිකයා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි .
සොරාගෙන ගොස් තිබූ දේපළ අතර රුපියල් කෝටි 2 කට ආසන්න වටිනා දියමන්ති මාලයක්, විදේශීය මත්පැන් බෝතල් කීපයක් මෙන්ම රන් භාණ්ඩ තොගයක් ඇතුළු දේපල රැසක් වන බව පොලිසිය සඳහන් කරයි.
දෙමහල් නිවසේ 31 හැවිරිදි වෛද්‍යවරයා සහ ඔහුගේ සමීප මිතුරෙකු වන 38 හැවිරිදි රූපලාවණ්‍ය ශිල්පීයෙක් පදිංචිව සිටින අතර ඉකුත් මස (21) මිතුරා නුවරඑළිය ප්‍රදේශයේ මංගල සාදයකට සහභාගි වීම සඳහා එම නිවසින් පිටවී ගොස් තිබිණි.
එදින වෛද්‍යවරයා පමණක් නිවසේ සිට ඇති අතර ඔහු පසු දින (22) අන්තර්ජාලය ඔස්සේ ශරීරය සම්භානය කර ගැනීම සඳහා තෙරපීවරයෙකු අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් කර ඇතිඅතර
එම පුද්ගලයා පැමිණ එම කටයුතු සිදුකර මඳ වේලාවකදී ඖෂධ කරලක් පානය සඳහා වෛද්‍යවරයා වෙත ලබා දී අනතුරුව මුදල් ලබාගෙන පිටවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණයවී ඇත.
එයින් පැය කීපයකට පසු වෛද්‍යවරයා වෙත ඇමතුමක් ලබා දී තිබූ ආගන්තුක තෙරපිවරයා ඔහුගේ ජංගම දුරකථනයේ බැටරි ආරෝපණය වෛද්‍යවරයාගේ නිවසේ අමතකව දමා ගිය බවත් එය රැගෙන යාම සඳහා පැමිණෙන බවට වෛද්‍යවරයට දැනුම් දී නිවස වෙතට පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.
2025 දෙසැම්බර් මස 18
552
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෛද්‍යවරයාගේ නිවස කොල්ල කෑ තෙරපිවරයා අල්ලයි
Sarath pitigala Thursday, 16 January 2025 07:54 AM
මෙතන දොස්තරට බෙහෙත් දුන් තෙරපි යා වැඩ්ඩෙක්.දොස්තර මෝඩයි