IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගංවතුර හානියේ වන්දිය ඉක්මනට දෙන්න යයි

(අංජුල මහික වීරරත්න)

2024 නොවැම්බර් මස ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් හානියට පත් වගාවන්හි හානි පරීක්ෂාවන් අවසන්ව ඇති දිස්ත්‍රික්ක වල වන්දි මුදල් කඩිනමින්  නිදහස් කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

ඒ අනුව පොලොන්නරුව, අම්පාර, ත්‍රිකුණාමලය, මුලතිව්, වවුනියාව, ආදී දිස්ත්‍රික්ක වලට අදාල වන්දි මුදල් මේ මස අවසන් වීමට පෙර ගෙවීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි ද ගොවිජන රක්ෂණ මණ්ඩලය කියයි.

මඩකලපුව ඇතුළු සෙසු දිස්ත්‍රික්ක වල වන්දි මුදල් ගෙවීම් කටයුතු ද 2025 පෙබරවාරි මුල වන විට ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇත.

වන්දි මුදල් ගෙවීමේදී සිදු විය හැකි අක්‍රමිකතාවයන් වැලැක්වීමට අදාල සියලුම ක්‍රියාමාර්ගයන් ගනිමින් වන්දි මුදල් හානියට පත් වගා කරුවන්ගේ ගිණුම් වලට බැර කිරීමට බලාපොරොත්තු වන බවද ගොවිජන රක්ෂණ මණ්ඩලය කියයි.



අදහස් (0)

ගංවතුර හානියේ වන්දිය ඉක්මනට දෙන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site