අනුර - දෙමළ මන්ත්‍රිවරු අතර හමුවක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (11) යාපනයේ සිදු කළ සංචාරය අතර තුර තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන් මහතා, රී මාවෙයි සේනාධිරාජා මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් හමුවක් සිදු විය. 11 June 2024
ජාවාරම්කරුවෙක්ගේ ලක්ෂ 65ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට මරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන විධානගමගේ නලින් සුරංග යන අය විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් සම්බන්ධයෙන් මුදල් විශුද්ධකරන පනත යටතේ විමර්ශන පවත්වා ඔහුට අයත් රුපියල් ලක්ෂ 65 ක මුදලක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි. 11 June 2024
වැටුප් විෂමතා ගැටලු විසඳන්න විශේෂඥ කමිටුවක් රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබ ඇත. 11 June 2024
‘ඡන්දේ කල් දැම්මොත් එජාප යේ අවසානය‘ ව්‍යවස්ථානූකූලව මැතිවරණය කල් දැමිය නොහැකි බවත් , එහෙම මෝඩකමක් කලොත් එය එක්සත් ජාතික පක්ෂයේ අවසානය.යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) බදුල්ලේ දී පැවසීය . 11 June 2024
හොරගොල්ලේ වෙඩි තැබීමක් හොරගොල්ල ප්‍රදේශයේ අද( 11 ) පස්වරවේ සිදුවු වෙඩි තැබීමකින් තුවාලලත් පුද්ගලයෙකු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි . 11 June 2024
ටීචගේ රුවට වෙනත් ඇඟක් බද්ධ කළ සිසුවාට ඇප පාසල් ගුරුවරියකගේ රුවට නිරුවත් රුවක් බද්ධ කළ බව කියන එම පාසලේම සිසුවකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා අද නියේග කළේය. 11 June 2024
මලාවි උප ජනපති ගුවන් අනතුරින් මරුට අප්‍රිකාවට මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලිමා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් විය. 11 June 2024
හර්ෂගෙන් මුදල් ඇමැතිට ලිපියක් නියාමනය කෙරෙන නීති නැති හෙයින් ඔන්ලයින් කැසිනෝවලින් රටට රුපියල් කෝටි ගණනින් ආදායම් අහිමි වෙමින් පවතින බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තුකාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා මුදල් අමාත්‍යවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දෙයි. 11 June 2024
’’ ඔන්මැක්ස් ඩී.ටී.’’ සියලු තොරතුරු රහස් පොලිසියට දෙන්නයි නියෝග ’’ ඔන්මැක්ස් ඩී.ටී.’’තැන්පත්කරුවන් හා මුදල් සම්බන්ධයෙන් සියලු තොරතුරු කඩිනමින් රහස් පොලිසියට ලබා දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඔන්මැක්ස් අධ්යක්ෂ මණ්ඩලයට අද නියෝග කළේය. 11 June 2024
ප්‍රබල සූර්ය කුණාටුවක් පෘථිවිය දෙසට තවත් සූර්ය කුණාටුවකින් පෘථිවියට බලපෑම් එල්ල වනු ඇතැයි ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ අනතුරු අඟවති. 11 June 2024
අවිස්සාවේල්ලේ වෙඩි තැබීමට අනුබල දුන් දෙකක් කොටුවෙයි අවිස්සාවේල්ල, තල්දූව ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයකින් ගමන් ගත් පුද්ගලයන් තිදෙනකුට ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනකු අවිස්සාවේල්ල සහ ලුණුගම ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. 11 June 2024
රුසියාන් විදේශ ඇමැතිගෙන් පොරොන්දුවක් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගේ ඉල්ලීම මත රුසියානු හමුදාවට තවදුරටත් ශ්‍රී ලාංකිකයන් බඳවා නොගැනීමට රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් මහතා එකඟතාවය පළ කර ඇතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය. 11 June 2024
ගෙදර භීෂණය ඇති කළ කොස්තාපල් පොලිසියෙන් පන්නයි බීමතින් නිවෙසට පැමිණ බිරියට පහරදෙමින් අසල්වැසියන් නිතර පීඩාවට පත්කළ බව කියන මැදවච්චිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඔහුගේ වැඩ තහනම් කර ඇති බව අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 11 June 2024
පෞද්ගලික බැංකුවක හදිසි ගින්නක් මොරගහහේන නගරයේ පුද්ගලික බැංකුවක මීට සුළු මොහොතකට ඉහතදී ගින්නක් හටගෙන ඇතැයි මොරගහේන පොලිසිය කියයි. 11 June 2024
ඊශ්‍රායල හමුදා පහර දුන්නොත් ප්‍රාණ ඇපකරුවන්ට වෙඩි තියන්න ඊශ්‍රායල හමුදා දිගින් දිගට ප්‍රහාර එල්ල කරන්නේ නම්, ඊශ්‍රායලයේ දී අල්ලාගෙන ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ට වෙඩි තියන්නැයි හමාස් ප්‍රධානීන්, ඔවුන්ගේ සටන්කාමීන්ට උපදෙස් දී ඇත. 11 June 2024
ඇමෙරිකන් උපදේශකයන්ට පිහි ප්‍රහාරයක් චීනයේ සංචාරයකට ගොස් සිටි ඇමෙරිකානු ජාතික අධ්‍යාපන උපදේශකයන් සිවු දෙනකුට පිහි ප්‍රහාරයක් එල්ල වී ඇත. මෙම සිවුදෙනා චීනයට ගොස් ඇත්තේ දැනුම හුවමාරු වැඩසටහනක් යටතේය. 11 June 2024
හොරණ නිවසක ඝාතනයක් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සිටින නිවසකට අද (11) අලුයම මුහුණු ආවරණය කරගෙන ඇතුළු වූ නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එක් සහෝදරියකට නිවසේ ඇඳ මතදි තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 11 June 2024
සටන් විරාම යෝජනාව ආරක්ෂක මණ්ඩලයට ඊශ්‍රායල හමාස් ගැටුම විසඳීමේ අරමුණින්, ඇමෙරිකාව මැදිහත් වී සකස් කළ සටන් විරාම යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කෙරුණි. 11 June 2024
විජයදාසට එරෙහි වාරණය දීර්ඝ කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම සහ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු ලෙස පිළිගැනීම වළක්වමින් 11 June 2024
මලාවි උප ජනාධිපති රැගත් ගුවන් යානය අතුරුදන් අප්‍රිකාවට මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලිමා ගමන් කරමින් සිටි හමුදා ගුවන් යානය අනතුරුදන්ව ඇතැයි එරට මාධ්‍ය පවසයි. යානය කඩා වැටෙන්න ඇතැයි අනුමාන කරමින්, සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ. 11 June 2024
පොසොන් සතියට අපුරේ පාසල් 11ක් වැසෙයි පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ ප්‍රදේශවල පිහිටි පාසල් එකොළහක් මේ මස 18 වෙනිදා සිට 20 වෙනිදා දක්වා වසා තැබීමට උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට ඇත. 11 June 2024
දුම්රිය ධාවනය පෙර පරිදිම දින හතරකට පසු දුම්රිය ධාවනය අද( 11) උදේ වරුවේ සිට සාමාන්‍ය තත්ත්වයට පත් වූ බව දුම්රිය දෙපාරතමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය. 11 June 2024
කඹ ඇදිල්ලෙන් හැටන් දුම්රිය ව්‍යාපෘතිය කොට උඩ නව හැටන් දුම්රිය ස්ථානය ඉදිකිරීම ඇතුළු යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව අතර කඹ ඇදීමක් හේතු හේතුවෙන් වසර දෙකහමාරක් තිස්සේ නැවතීමෙන් කෝටි හතළිහක පමණ පාඩුවක් සිදු වී ඇතැයි පරිසරයේ ස්වභාවික සම්පත් සහතිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය. 11 June 2024
අදත් පළාත් කිහිපයකට විටින් විට වැසි බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 June 2024
අනතුරින් දෙකක් මරුට මාතලේ සිට දඹුල්ල දෙසට ධාවනය වු ත්‍රි රෝද රථයක් හා දඹුල්ල දෙසින් පැමිණි කාර් රථයක ගැටි දෙදෙනකු මියගොස් එක් අයකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 11 June 2024
කුඩු බොන්න එපා කීවැයි සැමියා බිරිය මරලා අබිරහස් ලෙස සිය බිරිය ඝාතනය කර ඇති බවට ව්‍යාජ පැමිණිල්ලක් කර පොලිසිය නොමග යැවීමට උත්සාහ කළ මියගිය කාන්තාවගේ සැමියා ඇතුළු දෙදෙනකු සිද්ධියෙන් දින හතරකට පසුව සැකපිට අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. 11 June 2024
ලලිත් කොතලාවල තෙවරක් මැරිලා:පරීක්ෂණයක් ඉල්ලයි හෘදයාබාධයකින් මිය ගියේ යැයි මරණ පරීක්ෂණ තීන්දුවක් ලබා දී ඇති සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු අධිපති ලලිත් කොතලාවල මහතා මියගිය වේලාවන් තුනක් සටහන්ව ඇති බැවින් මරණය සම්බන්ධව තවදුරටත් සැක සහිත බැවින් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට පත්කරන ලෙස ගෝල්ඩන් කී සමාගමේ තැන්පත්කරුවකු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේය. 11 June 2024
කායවර්ධනයෙන් ආසියාවම දිනා 14 වන දකුණු ආසියානු කායවර්ධන සහ ශාරීරික ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තිදෙනා රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියහ. 11 June 2024
මන්ත්‍රී වාහන සිහිනය ජනපති සුරතට තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු අත්සන් කළ ලියවිල්ල කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය සතියේදී බාරදී ඇත. 11 June 2024
නීතිපති සේවා දිගුව තීරණයක් නැතුව දෙවැනි දිනයටත් කල්යයි නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය සම්බන්ධයෙන් දෙවෙනි දිනයටත් අවසන් තීන්දුවක් ගැනීමට නොහැකිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (10) අවසන්වී ඇතැයි වාර්තාවේ. 10 June 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025