විදුහල්පති හතරකට එරෙහි ලංකා ගුරු සංගමයේ පෙත්සම සංශෝධනයට අවසර
කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ මාහානාම විද්‍යාලය, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය යන විදුහල් සඳහා පත්කර ඇති නව විදුහල්පතිවරුන් සිය ධූරයන්හි කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ලංකා ගුරු සංගමය ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර දුන්නේය.