සතොසට දිනකට පොල් ලක්ෂ 2 ක් සතොස හරහා දිනකට අළෙවි කරන පොල් ගෙඩි සංඛ්‍යාව ලක්ෂ දෙකක් දක්වා හෙට (9) සිට වැඩි කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය පවසයි. 08 December 2024
තේ පර්යේෂණ යන්තරේ හත් අවුරුද්දක්ම කොට උඩ තේ පර්යේෂණ මණ්ඩලය මගින් තේ පර්යේෂණ කටයුතු සඳහා රුපියල් 12,554,583 ක මුදලක් වැයකර ඉන්දියාවෙන් මිලදීගත් යන්ත්‍රයක් වසර හතක් තිස්සේ කිසිදු පර්යේෂණයකට යොදා ගැනීමට නොහැකිව නිෂ්කාර්යව පවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. 08 December 2024
හංවැල්ලේ පාතාල නායකයෙක් අත්අඩංගුවට ? හංවැල්ල කේන්ද්‍ර කරගනිමින් කප්පම් ගැනීම් සහ ඝාතන රැල්ලක් ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයකු යැයි කියන අයෙකු විදේශ රටකදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 08 December 2024
හක්බෙල්ලන්-වාලම්පුරියක් විකුණන්න ගිහින් පොලිස් දැලේ රුපියල් ලක්ෂ 15 කට අලෙවි කිරීම සදහා සුදානම් වු වාලම්පුරීයක් හා සුවිශේෂ හක්බෙල්ලන් වර්ග කිපයක් සමඟ සැකකරුවෙකු අද (8) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 08 December 2024
පොළොන්නරුවේ සහල් මෝල් පාරිභෝගික අධිකාරියේ පරීක්ෂාවට පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් අද (08) පරීක්ෂාවට ලක්කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි. 08 December 2024
ඩිපෝ ආරක්ෂක ඝාතනයට මුදල් අයකැමි අත්අඩංගුවට නුවරඑළිය ඩිපෝවේ ආරක්ෂක නිලධාරියාගේ ගෙල කපා ඝාතනය කර එම ගොඩනැගිල්ලේ විවේක කාමරයේ අල්මාරියක තිබූ රුපියල් ලක්ෂ 10 ක මුදල් කොල්ල කෑ බව කියන එම ඩිපෝවේම මුදල් අයකැමි, රියැදුරකු ඇතුළු තිදෙනෙක් නුවරඑළිය පොලිසිය විසින් ඊයේ (7) අත්අඩංගුවට ගනු ලැබූහ. 08 December 2024
රියදුරන් මත් කර දේපොළ කොල්ල කෑ විදුලි කාර්මිකයා ඇතුළු 4ක් මාට්ටු කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථවලට නැගී එහි රියදුරන් ට මත්වීමට යමක් ලබාදී ඔවුන් පැළඳ සිටි රන් ආභරණ සහ දේපළ කොල්ලකෑම සම්බන්ධයෙන් විදුලි කාර්මිකයෙකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 08 December 2024
ගිනිකොණදිග සුළි කුණාටුවෙන් ඉදිරි දිනවල වැසි ගිනිකෝණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වූ අඩු පීඩන කාලපය ඉදිරිප පැය 24කදී බටහිට වයඹ දෙසට ගමන් කරමින් තව දුරටත් වාර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 08 December 2024
දකුණු කොරියා ජනපති ජාම බේරා ගනී දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව සභාගත කළ දෝෂාභියෝගය අද (07) එරට පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය. 07 December 2024
ඔරු පදින්න ගිය තරුණයකු දියේ ගිලී මරුට කතරගම පොලිස් වසමට අයත් සෙල්ල කතරගම ,අක්කර 20 වැවේ ඔරු පැදීමට මිතුරන් පිරිසක් සමග ගිය තරුණයෙකු අද (7) සවස 6 ට පමණ ඔරුව පෙරළී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි කතරගම පොලිසිය පවසයි . 07 December 2024
කෘෂි අමාත්‍යාංශය මහජන දිනයක් ප්‍රකාශයට පත් කරයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ මහජන දිනය සෑම මසකම පළමුවන සඳුදා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යාංශ පරිශ්‍රයේදී පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ. 07 December 2024
සහල් ගැටළුවට ජනපති කෙවිට අතට ගනී නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් දුන්නේය. 07 December 2024
කොරියන් ජනපති සමාව ඉල්ලයි හමුදා නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් ජනතාවගෙන් සමාව ඉල්ලා ඇත. දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් හිටිහැටියේ හමුදා නීතිය පැනවීම කළේ පසුගිය 10 වැනිදාය. එය ඔහුගේ පාලක පක්ෂයේ මන්ත්රීවර්රන්ගේත් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේත් රටේ ජනතාවගේත් දැඩි විරෝධයට හේතුවිය. 07 December 2024
ලංකාවෙන් පිටමං කළ සල්ලි ගේන්න ඇමරිකා සහය වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී සහයෝගය ලබාදෙන බව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු (Donald lu) මහතා පවසයි. 07 December 2024
ව්‍යවස්ථාදායක සභාව පත්කරයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයෝ නම් කරනු ලැබ සිටිති. 07 December 2024
ලොහාන් රත්වත්තේ රිමාන්ඩ් බීමතින් ජීප් රථයක් පදවා කොල්ලුපිටිය හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයක හප්පා අනතුරක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත් වත්තේ මහතා අද (7) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනිද්දා (9)දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ කොල්ලූපිටිය පොලිසිය පවසයි. 07 December 2024
’’විදුලි ගාස්තු අඩු කරන්න මණ්ඩලය බෑ කියයි’’ වර්තමානයේ පවතින විදුලි ගාස්තුව ලබන වසරේ පළමු මාස හය තුළ ද පවත්වාගෙන බවට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය. 07 December 2024
කෝප් මුල් පුටුව ආණ්ඩුවට: කෝපා මුල් පුටුව විපක්ෂයට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝප් ) සභාපති ධූරය ආණ්ඩුවට ගැනීමටත් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝපා ) සභාපති ධූරය විපක්ෂයට ලබාදීමටත් තීරණය කර ඇති බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය 07 December 2024
පරිසර සංවිධානවලට එරෙහිව විරෝධතාවයක් කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා විසින් පසුගිය දිනක පාර්ලිමේන්තුවේ දී කෘෂිකාර්මික කටයුතු වලට හානි සිදු කරන වන සතුන් විනාශ කළ යුතු බවට කළ ප්‍රකාශයට පරිසර සංවිධාන විසින් දැක්වූ විරෝධතාවයට එරෙහිව සියඹලාපිටිය තරුණ සංවිධානය විසින් විරෝධතාවයක් කෑගල්ල නගරයේ දී අද දින (7) පැවැත්විණි. 07 December 2024
මිලියන 55ක් වංචා කළ දොස්තර අත්අඩංගුවට පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කළ වෛද්‍යවරයෙක් රුපියල් මිලියන පනස් පහක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනුලැබීය. 07 December 2024
යතුරු පැදිය මාර ගසේ වැදි දෙකක් මරුට දොඩංගොඩ නෑහින්න ප්‍රදේශයේ යතුරුපැදියක් මාර ගසක ගැටී දෙදෙනකු මියගොස් ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි . 07 December 2024
නැගෙනහිර කාලගුණයේ වෙනසක් නැගෙනහිර ප්‍රදේශයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයින පුරා කාලගුණට යම් බලපෑමක් ඇති කිරීමේ හැකියාව පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 December 2024
මත් ලෝලී පියා දියණිය මරා වැසිකිළි වළට දමලා ගම්පහ , මාකෙවිට ප්‍රදේශයේ පදිංචි සිටින පවුලක මත් ලෝලියෙකු වන පියා විසින් මුදල් ලබා ගැනීම පිනිස දියණියට පහරදී මියගිය පසුව ගෙවත්තේ වැසිකිළි වලට දමා ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි. 07 December 2024
පොල් ගන්න දිග පෝලිම් බත්තරමුල්ල පොල්වගා කිරීමේ මණ්ඩලයට අයත් ’’කප්තුරුපාය’’ අලෙවිසැලන් පොල් මිලදී ගැනීම සඳහා අද (06) පෙරවරුවේ පාරිභෝගිකයන් පිරිසක් දිගු පෝලිමක රැදී සිටි අයුරු 06 December 2024
වෘත්තීය සමිති මර්දනය රජයේ ප්‍රතිපත්තිය නොවේ වෘත්තීය සමිති මර්දනය කිරීම හෝ වෘත්තීය අයිවාසිකම් කප්පාදු කිරීම නව රජයේ ප්‍රතිපත්තිය නොවන බව සෞඛ්‍ය හා ජනමාධය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය. 06 December 2024
කාන්තා ප්‍රචණ්ඩත්වයට එරෙහිව ආණ්ඩුව මැදිහත් වෙනවා ආණ්ඩුව සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයත් මැදිහත්ව කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය පිටු දැකීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය. 06 December 2024
ඇමෙරිකන් දූත පිරිස සජිත් හමුවෙති සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර ලේකම් ඩොනල්ඩ් ලු මහතා අතර සුවිශේෂී සාකච්ඡාවක් කොළඹ දී අද (6) සිදුවිය. 06 December 2024
විදුලි බිල සංශෝධන යෝජනාවලිය මහජන කොමිසමට ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට අද (6) පස්වරුවේ යොමු කළ බව එම කොමිසමේ උසස් නිලධාරියෙක් මීට සුළු මොහොතකට පෙර පැවසීය. 06 December 2024
ලොහාන් රත්වත්තේ යළි අත්අඩංගුවට බීමතින් ජීප් රථයක් පදවා කොල්ලුපිටිය හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයක හප්පා අනතුරක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ලොහාන් රත් වත්තේ මහතා අද (6) කොල්ලූපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 06 December 2024
එක්සත් ජනපද නියෝජිතයෝ අගමැති හරිනි හමුවෙති දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අද (6) පැවැත්විණි. 06 December 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026