සජිත්ගේ රැලියට නැග්ග මානගේට ‘ගුවන’ තහනම් මාතර තංගල්ල සහ ඒ අවට ප්‍රදේශවල පැවැති සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම්වලට සහභාගි වී කතා පැවැත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතාට ජාතික රූපවාහිනියෙන් සහ ජාතික ගුවන්විදුලියෙන් නොමිලයේ වෙන් කෙරුණු ගුවන් කාලය මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගයෙන් අත්හිටුවා ඇත. 1 year ago
බංගලි ඇඟළුම්හල් යළි අරී බංග්ලාදේශයේ ඇඟලුම් අංශය ගැඹුරු අර්බුදයකට ඇද වැටෙන ලකුණු පෙන්නුම් කරමින් පසුගියදා අශුලියා නගරයේ වසා දැමුණු ඇඟලුම් කම්හල් 219 න් 20 ක් හැර අනෙකුත් සියලුම කර්මාන්තශාලා සිය මෙහෙයුම් කටයුතු අද (15) නැවත වරක් ආරම්භ කළේය. 1 year ago
යුරෝපා තානපති නිලධාරීන්ට මැතිවරණ නීරීක්ෂණය බෑ මෙරට යුරෝපා සංගමයේ තානාපති කාර්යාලවල සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ලබන 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමට එකතුවීමට අවසර ලබාදී නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේය. 1 year ago
නව ජනපති හමුවන්න අයි.එම්.කණ්ඩායමක් සූදානම් ජනාධිපතිවරණය අවසන්වී සති දෙකකට පසුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිත බව මුදල් අමාත්‍යංශ නිලධාරියෙක් පැවැසීය. 1 year ago
‘‘පුංචි ජන්දය හැකි ඉක්මනින්ම තියනවා‘‘ මැතිවරණ කල්යාම ජනතාවගේ ඡන්ද අයිතියට හානියක් බවත් ඒ නිසා අධිකරණ තීන්දුව අනුව කටයුතු කරමින් පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවැසීය. 1 year ago
පස් ව්‍යාපාරිකයා පස් කන්දටම යටවෙලා මාවතගම වෑඋඩ පස් ව්‍යාපාරිකයකු කන්දකට යටවීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි. 1 year ago
ඡන්ද කාඩ් නැත්නම් ළඟම තැපැල් කාර්යාලයට යන්න නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයන්ට ලබන 18 වැනි දා සිට 21 වැනි දා දක්වා ළඟම පිහිටි තැපැල් කාර්යාලයෙන් නිල ඡන්ද දැන්විම් පත්‍රිකාව ලබා ගත හැකි බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය. 1 year ago
වැඩිහිටි දීමනාවට විද්ද ආණමඩු ප්‍රා.ලේ කාර්යාලයේ පහක් ගෙදර ආණමඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙ වැඩිහිටි දිමනා ලබා දිමේදි සිදුවු මුල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධව රාජ්‍ය පරිපාලන ස්දේශ කටයුතු අමාත්‍යාංශයෙ විමර්ශන ඒකකය හා ඒකාබද්ධ පැවැත්වු පරික්ෂණයෙන් පසුව ප්‍රධාන පරිපාලන නිළධාරිවරයා ඇතුළු පස් දෙනකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවිමට කටයුතු කළ බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී .හේරත් මහතා පවසයි. 1 year ago
පුටින්ගෙන් නේටෝවට රතු එළියක් යුක්රේනයට ලබාදී ඇති බැලස්ටික් දිගුදුර මිසයිල භාවිත කරමින් මොසක්ව් නගරයට සහ රුසියාවේ අභ්‍යන්තරයට ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකාව ඇතුළු මිත්‍ර රාජ්‍යයන් යුක්රේනයට අවසර ලබාදුනහොත් එය නේටෝ සංවිධානය රුසියාව සමග යුද්ධයකට එළැඹීමක් ලෙස සළකන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේය. 1 year ago
ප්‍රභූ ආරක්ෂක රියේ ගැටුණු දෙන්නෙක් රෝහලේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂක අංශයට යොදවා තිබු ආරක්ෂක අංශ රථයක යතුරු පැදියක් දමන පොලිස් වසමේ හෙළගම්පුරට හැරෙන හන්දිය අසලදි ගැටිමෙන් දෙදෙනෙකු තුවාල ලබා අම්පාර මහා රෝහලට ඇතුලත් කර තිබේ. 1 year ago
අයි එම්.එෆ් එකඟතා වෙනස් කරන්නේ නෑ මූල්‍ය අරමුදලේ එකඟතා කිසිවක් වෙනස් කිරීමට තමා සූදානම් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවරදී අද(15)පැවසීය. 1 year ago
ප්‍රසිද්ධියේ මත විමසන්නන්ටත් මැකෝගෙන් නඩු ජනපතිවරණයේදී ඡන්දය භාවිත කරන අපේක්ෂකයන් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේ මත විමසන පුද්ගලයන් සහ ඒවාට මත ප්‍රකාශ කරන පුද්ගලයන් සම්බන්ධයෙන්ද නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago