
(යොහාන් භාසුර)
විදුලි ගාස්තුව සියයට 18.3 කින් ඉහළ දැමීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ පනතට අනුව කටයුතු කරන බවත් එම යෝජනාව පිළිබඳව අවසන් තීරණය ජූනි මස පළමු සතියේ ප්‍රකාශ කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
මහජන උපයෝගිතා කොමිසමේ පනතට අනුව ඒ සඳහා ක්‍රියාත්මක කළ යුතු පියවරයන් කීපයක් ඇති බව කී ඒ සඳහා මාසයකට අධික කාලයවක් ගතවන බව ද සඳහන් කළේය.
විදුලි පාරිභෝගිකයන්ට උපරිම සාධාරණය වන පරිදි නීති්‍යානුකූල තීරණය ගන්නා බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
මෙම වසරේ ජුනි සිට දෙසැම්බර් දක්වා වන කාලය සඳහා විදුලි ගාස්තු සංශෝධනයට අදාල යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට පසුගිය සිකුරාදා යොමුකර තිබුණි.
විදුලිබල මණ්ඩලයට සිදුව ඇති මුල්‍ය පාඩුව සැළකිල්ලට ගනිමින් මෙම ගාස්තු සංශෝධනය යෝජනා කරන බව අදාල යෝජනාවේ සඳහන් වේ.
පසුගිය ජනවාරි මාසයේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමකින් තොරව විදුලි ගාස්තු සියයට 20 කින් පහළ දැමීමට ගත් පියවර අතර විදුලිබල මණ්ඩලයේ මෙහෙයුම් පාඩු ලැබීමට හේතුව බව එම මණ්ඩලය පවසයි.
මෙම තත්ත්වය තුළ ජුනි සිට දෙසැම්බර් දක්වා කාල සිමාවේදී විදුලිබල මණ්ඩලයේ මුල්‍ය හිඟය රුපියල් මිලියන 42,196ක් ලෙස ඇස්තමේන්තු ගත කර ඇති බැවින් මෙවර ගාස්තු සංශෝධනයේදී සියයට 18.3 කින් ඉහළ දැමීමට අවශ්‍ය බව එම යෝජනාවේ සදහන් වේ.
ඒ අනුව විදුලි ඒකක ගාස්තුව මෙන්ම ස්ථාවර ගාස්තුව ද ඉහළ දැමීමට යෝජනා කර ඇත.
ඒ අනුව ගෘහස්ථ, ආගමික හා පුණ්‍යායතන, කර්මාන්ත හා හෝටල් සහ රාජ්‍ය ආයතන යන සියලුම අංශ සදහා ගාස්තු ඉහළ නැංවීමට ඔවුන් යෝජනා කර ඇති බව සදහන් වේ.
ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0 සිට 30 දක්වා රුපියල් 4ක් වන ඒකකයක මිල රුපියල් 4.75 ක් දක්වා සහ රුපියල් 75 ක් වූ ස්ථාවර ගාස්තුව රුපියල් 90ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.
ඒකක 31 සිට 60 දක්වා රුපියල් 6ක් වූ ඒකකයක මිල රුපියල් 7ක් දක්වා සහ ස්ථාවර ගාස්තුව රුපියල් 200 සිට රුපියල් 235 දක්වා ඉහළ දැමීමට යෝජනා කර තිබේ.
ඒකක 61 සිට 90 දක්වා රුපියල් 14ක් වන ඒකකයක මිල රුපියල් 16.60 ක් දක්වා සහ එම කාණ්ඩයේ රුපියල් 400ක් වු ස්ථාවර ගාස්තුව 475ක් දක්වා ඉහළ දැමීමට ද යෝජිනා කර තිබේ.
ඒකක 91 සිට 120 දක්වා රුපියල් 20 ක් වන ඒකකයක මිල රුපියල් 23.65ක් දක්වා සහ රුපියල් 1000 ක් වන එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 1,185 ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇත.
ඒකක 121ත් 180ත් අතර කාණ්ඩයේ රුපියල් 33ක් වන ඒකකයක මිල රුපියල් 39.5 ක් දක්වා ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති අතර රුපියල් 1,500ක් වන එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 1,775ක් දක්වා ඉහළ දැමීමට යෝජිනා කර තිබේ. ඒකක 181ට වැඩි ගෘහස්ථ කාණ්ඩයේ රුපියල් 52 ක් වන විදුලි ඒකකයක මිල රුපියල් 61.55 ක් දක්වා සහ රුපියල් 2,000ක් වන එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 2,370ක් දක්වා වැඩි කිරීමට ද විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සියලු මැතිවරණ අවසන්ය.. පුනරුදය ආරම්භ වී ඇත. ආර්ථික ප්‍රශ්න විතරක් නොව නැවතත් නැගී එන අන්තවාදී ප්‍රශ්නද අප හිස මත කඩා වැටෙණු ඇත.පච මළු මළු හලා , ජාතියට , බුදු සසුනට නිගා දී ඔවුන් යන්නේ ඔවුනට හුරු පටු දේශපාලන මාර්ගයේ මිසක වෙන දෙයක් මෙතැන නැත.මාලිමාවේ අසූචිද සුවඳ යැයි කියන දීන ජනයා කිපෙනු ඇත. ඒ ඔවුනගේ ස්වාභාවයි. ඔවුන්ගෙන් වෙනත් යමක් බලාපොරොත්තු විය නොහැක.
ඔන්න මම චන්දයට ඉස්සරලා ඩෝබිලට කිව්වේ – “ඉවසලා හිටහල්ලකෝ වැඩිකරනකන් කියලා. ඔන්න දැන් ඒක වෙන්න යන්නේ. කෝ මේ ඩෝබිල ටික!
විදුලිබලේ කට්ටිය පුරුද්දට කරන බිල් වැඩිකරන ඉල්ලීමට අමතරව හරි අපූරු වැඩක් කරනවා. මොකක්ද කිව්වොත් අපි අපේ බිල්පත ඔන්ලයින් ගෙව්වාම ඒ වෙලාවෙ මැසේජ් එකක් එනවා මුදල් ලැබුනා කියල රිසිට්පතක් පෙන්වනවා එහෙම තියෙද්දි ඊළග මාසයේ මනු කියවන්නා දෙන බිල්පතේ හිග බිලක් පෙන්වනවා එහෙම නවතින්නෙත් නැහැ බිල හිගයි කියල විදුලිය විසංදි කරනවා කියල මැසේජ් එවනවා ඇහුවම කියන්නෙ හිගයක් නැහැ විසන්දි කරන්නෙ නැහැ කියල මොකක්ද මේ මගඩිය කියල උපයෝගිතා කොමිසමේ අවධානයට යොමුවේවා
විදුලි බිලටයි, ලුණු පැකට් එකයි ඔක්කොම වැඩි කරනවා. මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද?
කලින් ආණ්ඩුව හදලා තිබ්බ එක වෙනස් කරන්න ගිහින් හත්පොළේ අසූචි ගාගෙන දැන් සෝදනවා. මුන් ජීවිතේට කඩයක් කරලා බඩු සැපයුම්කාරයෙක්ගෙන් අරන් මිල නියම කරලා නැති උන්, එහෙම කරනකොට මොනවද හිතන්න ඕන කියල ජීවිතේට කල්පනා කරලා නැති උන් .
විදුලිබල මණ්ඩලයේ යෝජනාවට ගුණරත්න අයියා දැන්මම "කරන්ට් එක" වද්දගෙන වගෙයි... ගුනේ අයියා අලි වැටවල් අස්සේ මොනාට රිංගන්න ගියාද මන්දා..?
විදුලි බිල වැඩි කරනවාට වැඩියෙන්ම සතුටු වෙන කට්ටිය තමයි අලි පොහොට්ටු ටෙලිෆෝන් හවුලේ කුලි ලියන්නෝ...
මීට ටික කාලෙකට කලින් විදුලි බිල අඩු කළාම, ටිකිරි මොන්ටිසෝරි මොළ සහිත ළදරු ලාමක වැඩිහිටියන් රැල, ඒකෙ ගෞරවය ලබාදුන්නේ මහජන උපයෝගිතා කොමිසන් සභාවට නේද..? අනික විදුලි බිල අඩුකළාම විදුලිබල මණ්ඩලයට විශාල පාඩුවක් වුණා කියලත් ළදරු රැල නාහෙන් හැඬුවා නේද...? රටේ දියුණුව ගැන පමණක්ම හිතන යක්ඛ පුතුන්ට හා යක්ඛ දියණියන්ට විදුලිබල මණ්ඩලයට ලැබෙන ලාභය ගැන නොසතුටු වෙන්න විදිහක් නැහැනේ.. පැය අටක් ලයිට් කපපු කාලේ නැට්ට බඩ යට ගහගෙන ලාම්පු කුප්පි පත්තු කළා බව දැන් ටිකිරි මොළ කාරයින්ට මතකත් නැහැ වගෙයි නේද...? ඒ කාලේ අතමිට දිග හැරලා වියදම් කල යක්ඛ පුතුන් රජාලගේ ලයිට් බිලුත් සද්ද නැතිව ගෙවාගෙන හිටියට, දැන් පගාවක් වත් ගන්න බැරිව බංකොලොත් වෙලා ඉන්න නිසා නිසා දුක වාව ගන්නම බැහැ වගෙයි..
සූර්ය බලශක්තිය වැඩිය ලැබෙන නිසා ඉන්ධන වියදම අඩු වෙන්න ඕන. විදුලි බිල වැඩි කරන්න සිද්ද වෙලා තිබෙන්නෙ බෝනස් ගෙවන්න ඕන නිසා වෙන්න ඇති.
රජයේ සේවකයන්ගේ ප්‍රමාණය වැඩිවෙලා තියෙන්නෙත්, හොරා කෑමත් වැඩිවෙලා .ඒ නිසා හැමදේම ගණන් ඉහළ යාම "සාධාරණයි" එයාලගේ පැත්තෙන් . ඒ ආයතන වල පහසුකම් වැඩි වෙලා යන වාහන අලුත් වෙලා , මහන්සි වෙලා හම්බකරන මිනිහට කවදාවත් මනසකටවත් සහනයක් නෑ .මැරෙන්නෙත් කිසිම නිදහසක් නැතිව
විදුලිබල මණ්ඩලය පාඩු ලැබුවේ ජෙප්පො හොරකම් කරපු නිසා.