IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


බටලන්ද ඝාතන හොයන්න නීතිපතිගෙන් කමිටුවක්

(සුජිත් හේවාජුලිගේ)

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට සිවු පුද්ගල කමිටුවක් නීතිපති පාරින්ද රණසිංහ මහතා විසින් පත් කරනු ලැබ ඇත.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජයනි වෑගඩපොළ සහ රජයේ නීතිඥ ශක්ති ජාගොඩාරච්චි යන මහත්ම මහත්මිහු කටයුතු කරති.

බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ සාක්ෂිවලින් අධි චෝදනා ගොනු කළ හැකිදැයි කරුණු අධ්‍යයනය කිරීම මෙම කමිටුවට පැවරෙන වගකීමයි.

තවදුරටත් විමර්ශන කළ යුතු කරුණු වේ නම් ඒවා හඳුනාගැනීමට කමිටුවට පවරා ඇති බව දැනගන්නට ඇත .

බටලන්ද කොමිෂන් සභාව වාර්තාව ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයාට පසුගියදා යොමු කරනු ලැබීය.

බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේදී අසූ අට අනූව කාල සීමාවේදී සිදුවී ඇතැයි පැවසෙන වද බන්ධන සහ ඝාතන සම්බන්ධ කරුණු මෙම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට ඇතුළත්වේ.

 



අදහස් (6)

බටලන්ද ඝාතන හොයන්න නීතිපතිගෙන් කමිටුවක්

කල් ගටස් Sunday, 18 May 2025 07:37 PM

අපේ දෙමාපියන්ගේ ID ත් හොයලා දෙන්න බැරිද...?

:       25       15

නිමල්කා Sunday, 18 May 2025 11:13 PM

වැඩේට මුදල් ඔනනම් ඩයස්පෝරාවේ ඥාතීන්ට කියන්න, ඒ අය එවයි. රණවිරු සැමරුමට යන්නෙ බේරෙන්න බැරි තැන රැවටිල්ලට කියල එයාල දන්නවනෙ.

:       2       2

Jayasiri Monday, 19 May 2025 06:02 AM

මේක නිකන් සෙල්ලමක් වගේ!

:       1       2

sudelmi Monday, 19 May 2025 06:42 AM

Gal kautus අපි හැමෝම ඔයාගේ ප්‍රශ්නේ දන්නවා; ඔයා ඔයාගේ දෙමව්පියන් කවුද කියලා දන්නේ නැහැ.

:       2       2

Hafeel Monday, 19 May 2025 06:57 AM

දැනටමත් මේ ආණ්ඩුව බලයට ඇවිත් මාස 6 ක් ගත වෙලා .මේ රටේ ඉතිහාසයේ මෙවැනි කමිෂන් සභා සහ කමිටු පත් කරලා තියෙන්නේ කල් මරන්න මිස වැරදිකරුවන්ට දඬුවම් දෙන්න නොවේ

:       1       1

Bunny Preena Monday, 19 May 2025 04:18 PM

එහෙනම් මේක කෙරෙන කාරියක් නොවේ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 621 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 525 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site